.
TamilSriLankaEnglish (UK)
:

2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා පනත යටතේ 2002 දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (සි.ගු.අ.) පිහිටුවන ලද අතර ගිණුම් විගණන කාර්යය සඳහා එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තිය යටතේ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වශයෙන් සලකනු ලැබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූලික කාර්යභාරය වනුයේ ජාත්‍යයන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් සම්මත කරන ලද ජාත්‍යයන්තර ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන් අනුගමනය කරමින් සිවිල් ගුවන් සේවාවන්හි නිරුපද්‍රිතතාවය සහ සුරක්ෂිතභාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරකම් ඉටු කිරීම සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන තත්වය නගා සිටුවමින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය ජාතික ආර්ථික වර්ධනයේ ප්‍රධාන දායක අංශයක් බවට පත් කරවීමය.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය සාමාජිකයන් අට (08) දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අතරින් පස් (05) දෙනෙකු පත් කරනු ලබන්නේ සිවිල් ගුවන් සේවා විෂය භාර අමාත්‍යවරයා විසිනි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල බලයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරියට පත් වන සාමාජිකයෝ වෙති. පත් කරනු ලබන සාමාජිකයන්ගේ නිල කාලය වසර තුනකි. (3)

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සිවිල් ගුවන්සේවා විෂය භාර අමාත්‍යවරයාගේ මග පෙන්වීමට සහ පාලනයට යටත්ව කටයුතු කරන අතර දැනට එම අමාත්‍යවරයා වනුයේ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාය. ආයතනය සෘජුවම අමාත්‍යවරයාට වාර්තා කළ යුතු වේ.

ජාතික ආර්ථික වර්ධනය උදෙසා ප්‍රධාන උත්ප්‍රේරකයෙකු බවට පත්වීම

උපාය මාර්ගික සැලසුම්කරණය සහ සඵල නියාමනය මගින් ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට සහ නිර්දේශිත පරිචයන් අනුකූල, නිරුපද්‍රිත, සුරක්ෂිත සහ කාර්යක්ෂම ජාතික සිවිල් ගුවන්සේවා කර්මාන්තයක් මෙහෙයවීම සුසාධනය කිරීම

2002 අංක 34 දරන පනත බැලීමට මෙතැන ක්ලික් කරන්න

(Last updated on : 16.07.2014 by DGCA's office)

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 40  ක් සබැදී සිටී