.
TamilSriLankaEnglish (UK)
:

පැණ විසදුම්

පැණ විසදුම්

පැණ විසදුම්

ගුවන් සේවා ආරක්ෂක අංශය

1. මා හට ගුවන් යානයක ගිනි අවි / ආයුධ සහ උණ්ඩ රැගෙන යා හැකිද ?
පුළුවනි. නමුත් ඒ භාණ්ඩ රැගෙන යාම සඳහා වෙන් කරන ලද කොටසේ පමණක් වන අතර ඒ සඳහා ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
2. ඒ සඳහා අනුමැතිය ලබා ගත හැක්කේ කෙසේද ?
අදාළ තොරතුරු / ලේඛන සහිතව ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
3. අදාල තොරතුරු / ලේඛන මොනවාද?
  • රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය පලකිරීමේ ලිපිය
  • ගුවන් ගමන් තොරතුරු - දිනය, වේලාව, ගුවන් ගමන් අංකය සහ මාර්ගය
  • ගිනි අවි/ආයුධ සහ උණ්ඩ පිළිබඳ තොරතුරු (අනුක්‍රමික අංකය, ප්‍රමාණය, වර්ගය, වෙළඳ නාමය, තුවක්කු බට / උණ්ඩ ආදියේ ඇතුළත විෂ්කම්භය සහ අනෙකුත් උපාංග)
4. මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද?
ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක් (වැඩකරන දිනයන්හි)
5. මා හට ගිනි අවි / ආයුධ සහ උණ්ඩ ගුවන් භාණ්ඩ ලෙස යැවිය හැකිද ?
ඔව්, ඔබට පුළුවනි. ඒ සඳහා ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිඛිත අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වේ.
6. ඒ සඳහා අනුමැතිය ලබාගත හැක්කේ කෙසේද?
ගුවන් සේවයේ බිලපත් අංකය සමගින් ඉහත සඳහන් කර ඇති (ප්‍රශ්ණය 3) තොරතුරු / ලේඛන සහිතව ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් කිරීම අවශ්‍ය වේ.
7. අතේ රැගෙන යන ගමන් මල්ලේ පිහියක් / කතුරක් රැගෙන යා හැකිද ?
නොහැක. නමුත් එබඳු භාණ්ඩ ඔබට යානයේ භාණ්ඩ කුටියේ තබන ඔබගේ ගමන් මලුවල රැගෙන යා හැක. එසේම ඔබ අතේ රැගෙන යන ගමන් මලලේ රැගෙන යා නොහැකි තවත් භාණ්ඩ කිහිපයක් වේ. ඒවාට පහත සඳහන් දෑ අයත් වේ.
  • පිහි හෝ කැපීම සඳහා යොදා ගන්නා උපකරණ – වක් කඩු, කඩු, කාඩ්බෝඩ් කපනයන, දඩයම් පිහි, සමරු පිහි, ආත්මාරක්ෂක සටන් ක්‍රමවලදී යොදා ගන්නා උපකරණ, වෘත්තිමය කැපුම් උපකරණ සහ සෙ.මී. 6 හෝ ඊට වඩා දිගැති තලයක් සහිත අනෙකුත් පිහි, සහ / හෝ දේශීය නීති අනුව නීති විරෝධී යැයි සැලකෙන පිහි
  • මුගුරු – බ්ලැක්ජැක් (ඊයම් පිරවූ නැමෙනසුළු මුගුරු විශේෂයකි) බිලි ක්ලබ් (කෙටි මුගුරු වර්ගයක්), බේස්බෝල් පිති හෝ සමාන උපකරණ
  • අබලකාරක හෝ බෙලහීන කරන උපකරණ – විදීම සඳහා ගන්නා පිස්තෝලයන්, කැනිස්ටරයන් හෝ වෙනත් භාජනයක් තුළ ඇති සියලු කඳුළු ගෑස්, අබල කාරක රසායනික ද්‍රව්‍ය, අඩංගු සීකර සහ වෙනත් සිහි නැති කිරීමේ හෝ කම්පනයට පත් කළ හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ බඳු අබලකාරක උපකරණ
  • වෙනත් භාණ්ඩ – සෙල්ලම් හෝ ආයුධ හෝ අත් බෝම්බ ඇතුළුව මාරාන්තික හෝ අනතුරුදායක අවියක් සේ සාමාන්‍යයෙන් නොසැලකුවද ආයුධයක් සේ භාවිතා කළ හැකි අයිස් කැඩීමට ගන්නා කටු, කඳු නගින්නන් භාවිතා කරන යකඩ පිල්ලක් සහිත දඬු, දැලි පිහි, දිගටි කතුරු ආදී භාණ්ඩ
8. විශේෂ අවශ්‍යතා ඇති මගීන් සහ ගතිකර (pacemaker) සහිත මගීන් ලෝහ සංවේදන හරහා ගමන් කර හෝ පසු කර යාමට නොසලස්වා පරීක්ෂා කිරීමේ විකල්ප ක්‍රමවේදයක් තිබේද ?

ඔව්. ගර්භනී කාන්තාවන්, ඉතා ඉහළ වටිනාකමක් සහිත ද්‍රව්‍ය රැගෙන යන මගීන්, ගතිකර සහිත මගීන් සහ අඩු සචලතාව සහිත මගීන් ආදී ඉතා ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු මගීන් ලෝහ සංවේදක හරහා ගමන් කිරීමට සැලැස්වීමෙන් තොරව වෙනම ස්ථානයක පරීක්ෂා කරනු ලැබේ. කෙසේ වෙතත්, පරීක්ෂා කරන ස්ථානයේදී එම මගීන් ආරක්ෂක කාර්ය මණ්ඩලයෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුය.

මෙහෙයුම් අංශය

1.  ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකයක් සඳහා අයදුම් කළ හැක්කේ කෙසේද ?
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් අදාළ ගාස්තුව සමගින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ප්‍රකාශනය 4100 ගුවන් යානා මෙහෙයුම්කරු අත්රෙපාත ප්‍රකාරව මෙම කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
2.  ශ්‍රී ලංකාව වෙත සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ගුවන් සේවා සමාගම් මෙහෙයවනු ලබන නියමිත ගුවන් ගමන් (මගී / භාණ්ඩ) මෙහෙයවීම පිණිස අවසරය සඳහා මා අයදුම් කරන්නේ කෙසේද ?
විදේශ ගුවන් සේවා බලපත්‍රය සමග විදේශ ගුවන්යානා මෙහෙයුම්කරු සහතිකය ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ප්‍රකාශනයේ 4105 විදේශ ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකකරණ අත්පොත ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් අදාළ ගාස්තුව සමග මෙම කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
3.  ශ්‍රී ලංකාව වෙත ශ්‍රී ලංකාවෙන් පිටතට ලේඛනගත කර නොමැති වාණිජ ගුවන් ගමන් (මගී / භාණ්ඩ) මෙහෙයවීම පිණිස අවසරය සඳහා මම අයදුම් කරන්නේ කෙසේද ?
  • එක් වාරයක් තුළ (මාස 06ක කාලසීමාව) ලේඛනගත නොකළ ගුවන් ගමන් හයක් (06) මෙහෙයවීමට අපේක්ෂා කරන මෙහෙයුම්කරුවන් ලේඛනගත කළ නියමිත ගුවන්  ගමන් සහතික කිරීමේ පටිපාටීන්ට සමාන විදේශ ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකය ප්‍රකාරව සහතික කරනු ලැබීම අවශ්‍යවේ.
  • එක් වාරයක් තුළ (මාස 6 ක කාලසීමාව) ලේඛනගත නොකළ ගුවන් ගමන් හයකට (06) අඩු සංඛ්‍යාවක් පැවැත්වීමට අදහස් කරන මෙහෙයුම්කරුවන් ශ්‍රී ලංකා AIP හි නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ.
4.  සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අන්තරාකාරී ද්‍රව්‍ය අනුමැති අවසරපත්‍රය මට ලබාගත හැක්කේ කෙසේද ?
අන්තරාකාරී ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ප්‍රකාශනය 4400 අත්පොතෙහි පැහැදිළි කර ඇති පරිදි නියමිත ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත්‍රයක් මෙහෙයුම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය. එබඳු අයදුම්පත්‍රයක් සමග මෙහෙයුම්කරුගේ අන්තරාකාරී ද්‍රව්‍ය පිළිබඳ අත්පොත අන්තරාකාරී ද්‍රව්‍ය පුහුණු අත්පොත, අදාළ ගාස්තුවද සමගින් ඉදිරිපත් කළ යුතුය.
5.  නම් කරන ලද තනතුරු දරන්නන් සඳහා පළපුරුද්ද සහ සුදුසුකම් අවශ්‍යතා මොනවාද?
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ප්‍රකාශනය 4100 පරිශිෂ්ඨය ප්‍රකාරව අභිමත සුදුසුකම් අවශ්‍යතා අයදුම්කරුවන්ට තිබිය යුතු අතර මෙහෙයුමේ විෂය පථය සහ ප්‍රමාණය අනුව තනතුරු වෙන වෙනම ඇගයීමට ලක් කරනු ලැබේ.
6.  ගුවන් ගමන් මෙහෙයුම් අත්පොතක් යනු කුමක්ද ?
1955 ගුවන් සංකරණ රෙගුලාසින්හි රෙගුලාසි 214, සහ “ගුවන් සේවා මෙහෙයුම්“ හි  XIII පරිච්ඡේදය අනුව ගුවන් සේවයක මෙහෙයුම්කරුවෙකු මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ භාවිතය සහ මාර්ගෝපදේශය සඳහා මෙහෙයුම් අත්පොතක් සහ මෙහෙයුම් අත්පොතක් පිළියෙල කිරීම සඳහා විධිවිධාන සැලැස්විය යුතුය. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ප්‍රකාශනය 4500 ඡේදය 1 සහ ඡේදය 2 - මෙහෙයුම් අත්පොත පිළියෙල කිරිම සහ සහතිකකරණය
7.  මගේ පුද්ගලික භාවිතය සඳහා මා ගෙන ඒමට අදහස් කරන ගුවන් යානය සඳහා මම ගුවන්යානා මෙහෙයුම්කරු සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය ද?
1955 ගුවන් සංකරන රෙගුලාසින්හි රෙගුලාසි 180, 184, 185, 186 සහ 187 “ගුවන්යානා සේවා මෙහෙයුම්“ පරිච්ඡේදය XIII අනුව පුද්ගලික, ගගනාවලෝකිත කටයුතු, කුලී හෝ විධිමත් පොදු ප්‍රවාහන සේවා සඳහා ගුවන්යානයක් මෙහෙයවීමට අදහස් කරන තැනැත්තකු ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකය ලෙස හඳුන්වනු ලබන බලපත්‍රය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලබාගැනීම අවශ්‍ය වේ.
8.  How can I get the Scope Enhanced in my Operations Specification?
  • Carriage of Dangerous Goods
    Operator shall submit, an application on a prescribed format as explained in SLCAP 4400 Manual on Transport of Dangerous Goods. Such application shall accompany the operator’s Dangerous Goods Manual and the Dangerous Goods Training Manual along with the applicable fee.
  • Low Visibility Operations (AWO Manual and Matrix and Application)
    It may be permitted as per your operational competency and you must apply for an amendment to Operations Specifications of your AOC. Refer Appendix P of SLCAP 4100, APPLICATION FOR AMENDMENTS TO THE OPERATIONS SPECIFICATIONS and filled applications shall be forwarded to CAASL along with the applicable fee. (On submission the airline will be requested to submit a special application and a matrix that needs to be completed)
  • RVSM
    It may be permitted as per your operational competency and you must apply for an amendment to Operations Specifications of your AOC. Refer Appendix P of SLCAP 4100, APPLICATION FOR AMENDMENTS TO THE OPERATIONS SPECIFICATIONS and filled applications shall be forwarded to CAASL along with the applicable fee.
  • ETOPS
    It may be permitted as per your operational competency and you must apply for an amendment to Operations Specifications of your AOC. Refer Appendix P of SLCAP 4100, APPLICATION FOR AMENDMENTS TO THE OPERATIONS SPECIFICATIONS and filled applications shall be forwarded to CAASL along with the applicable fee. (On submission the airline will be requested to submit a special application and a matrix that needs to be completed)
  • Navigation Specifications for PBN Operations
    It may be permitted as per your operational competency and you must apply for an amendment to Operations Specifications of your AOC. Refer Appendix P of SLCAP 4100, APPLICATION FOR AMENDMENTS TO THE OPERATIONS SPECIFICATIONS and filled applications shall be forwarded to CAASL along with the applicable fee. (On submission the airline will be requested to submit a special application and a matrix that needs to be completed)
9.  I have an AOC only for Schedule Operation. Have I been permitted to operate charter flights over the same permission given?
It will not be permitted and you must apply for an amendment to Operations Specifications of your AOC.
10.  Do I get the permission to start a commercial operation immediately after the receipt of an AOC?
It will not be permitted and you must obtain the Airline License from Air Transport & Legal Affairs Section of CAASL for starting the commercial operation.

ගුවන් ප්‍රවාහන අංශය

ගුවන් ගමන් සේවා ප්‍රමන්ත්‍රණ / ගිවිසුම්

1. ගුවන් ගමන් සේවා උපදේශන යළි ආරම්භ කළ හැක්කේ කෙසේද ?
ගුවන් සේවා සඳහා නිල උපදේශනයක් සාමාන්‍යයෙන් ආරම්භ වනුයේ අන්තර් ආණ්ඩු සාකච්ඡා සඳහා එක් රජයක පාර්ශ්වයක් විසින් තවත් රජයක පාර්ශ්වයකට කරනු ලබන ඉල්ලීමකිනි. එබඳු බොහෝ අවස්ථාවන්හිදී, පාර්ශ්වයන් දෙකම (නියෝජිත කණ්ඩායම්) ජාතික රජයක අභිලාෂයන් නියෝජනය කරනු ඇත. කෙසේ වෙතත් පාර්ශ්වයන් දෙකම හෝ ඉන් එකක් උපදේශන සාකච්ඡා පැවැත්වීමට සිය සාමාජිකයන්ගෙන් අවශ්‍ය  අධිකාරි බලය ලබා දී ඇති රාජ්‍ය සංවිධාන වීමට ද හැකිය.
2. ගුවන් ගමන් සේවා ගිවිසුම මගින් ආවරණය කරනු ලබන්නේ කවර අන්දමේ සේවාවන්ද ?
ගුවන් ගමන් සේවා සඳහා වන ගිවිසුමකින් සාමාන්‍යයෙන් නියමිත පරිදි සිදු කරන ගුවන් ගමන් සේවා පමණක් ආවරණය කරන නමුත් ඇතැම් ගිවිසුම් මගින් නියමිත කාලසටහනක් අනුව සිදු නොකරන ජාත්‍යයන්තර ගුවන් ගමන් සේවා ද නියාමනය කරයි.
3. අවබෝධතා ගිවිසුමක් යනු කුමක්ද ?
පාර්ශ්ව අතර අත්සන් තබන ගිවිසුමකට වඩා අඩු පිළිගැනීමක් සහිත, පාර්ශ්වයන් අතර විධිමත් ආකාරයේ අවබෝධයක්, අවබෝධතා ගිවිසුමක් නම් වේ. එසේ අඩු පිළිගැනීමේ ස්වරූපයක් පැවතියේ වුවද, එය විධිමත් ගිවිසුමක් ආකාරයෙන්ම බැඳීම් සහිත වන අතර නියමිත පරිදි කාල සටහනකට අනුව සිදුවන මෙන්ම කුලී ගුවන් ගමන් මෙහෙයුම්ද ආවරණය කිරීමට ඉඩ ඇත.
4. සම්මත ගිවිසුමක ඇති සාමාන්‍යය කොන්දේසි මොනවාද ?
සම්මත ද්විපාර්ශ්වික ගිවිසුමක් පහත සඳහන් විෂයයන් පිළිබඳව රාජ්‍යයන් දෙකක් (හෝ ආණ්ඩු) අතර සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරයි.
  • ගුවන් සමාගම් නිල නාමය සහ බලය පැවරීම
  • අයිතීන් ප්‍රදානය
  • එකඟ වූ සේවා මෙහෙයුම් පාලනය කිරීමේ මූලධර්ම
  • රේගු බදු, තීරු බදු, අනෙකුත් අය කිරීම් සහ ගාස්තු
  • පිවිසුම් සහ නිශ්කාෂණ නීති සහ රෙගුලාසි
  • නිරුපද්‍රිතාව
  • ගුවන් සේවා ආරක්ෂාව
  • ගුවන් සමාගම් අතර වාණිජ ක්‍රියාකාරකම්
  • ආරවුල් නිරාකරණය
  • කේත බෙදා හදා ගැනීම

ගුවන් ප්‍රවාහන සේවා සපයන්නන්ගේ (මගී) බලපත්‍ර (සංචාරක නියේජිතායතන බලපත්‍රය)

1. ගුවන් ප්‍රවාහන සේවා සපයන්නන්ගේ (මගී) බලපත්‍රය යනු කුමක්ද ?
මෙය 1992 අංක 55 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත ප්‍රාකාරව අධිකාරිය නිකුත් කරන නෛතික සහතිකයක් වන අතර ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සපුරාලන අපේක්ෂිත අයදුම්කරුවෙකුට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඒ යටතේ රෙගුලාසි සාදනු ලැබේ.
2. එම බලපත්‍රය ලබාගත යුත්තේ කවුද ?
ගුවන් ප්‍රවාහන ව්‍යාපාරයක් සිදු කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාර හෝ සමාගම්, ගුවන් ප්‍රවාහන සේවා සපයන්නෙකුගේ රාජකාරි ඉටු කිරීම සඳහා මෙම බලපත්‍රය ලබා ගත යුතුය.
3. මෙම බලපත්‍රයේ වෙනස් කාණ්ඩ තිබේද?
මූලිකවම බලපත්‍ර කාණ්ඩ දෙකක් තිබේ. එනම් ආයතනයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය/ කොටස් ප්‍රාග්ධනය / ප්‍රාග්ධන දායකත්වය අනුව A කාණ්ඩය සහ B කාණ්ඩය ලෙසය.
4. "A" කාණ්ඩයේ බලපත්‍රයක් ලබා ගත හැක්කේ කාටද?
  • රු. 500,000 හෝ ඊට වැඩි ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සමාගමක්
  • රු. 500,000 හෝ ඊට වැඩි ප්‍රාග්ධන දායකත්වයක් සහිත ව්‍යාපාර නාම ආඥා පනත (149 අධිකාරය වූ) යටතේ ලියාපදිංචි හවුල් ව්‍යාපාරයක්
  • රු. 500,000 හෝ ඊට වැඩි ප්‍රාග්ධන දායකත්වයක් සහිත ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි තනි අයිතිකරුවෙක්
  • වලංගු ගුවන් යානා මෙහෙයුම්කරු සහතිකයක සහිත ගුවන් සමාගමක්
5. "B" කාණ්ඩයේ බලපත්‍රයක් ලබා ගත හැක්කේ කාටද?
  • රු. 250,000 හෝ ඊට වැඩි ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සමාගමක්
  • රු. 250,000 හෝ ඊට වැඩි ප්‍රාග්ධන දායකත්වයක් සහිත ව්‍යාපාර නාම ආඥා පනත (149 අධිකාරය වූ) යටතේ ලියාපදිංචි හවුල් ව්‍යාපාරයක්
  • රු. 250,000 හෝ ඊට වැඩි ප්‍රාග්ධන දායකත්වයක් සහිත ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි තනි අයිතිකරුවෙක්
6. ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද?
1993 අංක 01 දරන ගුවන් ප්‍රවාහන සේවා සපයන්නන්ගේ (මගී) බලපත්‍රකරණ රෙගුලාසි ප්‍රකාරව අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයකි. ඒවා පහත සඳහන් පරිදි වේ.
  • අයදුම්කරු නියෝජිතයෙකු ලෙස පත් කර ඇති බවට ගුවන් සමාගමකින් හෝ  'A' කාණ්ඩයේ බලපත්‍රධාරියෙකුගෙන් පත්වීමේ ලිපියක්
  • කාර්ය මණ්ඩලයේ සුදුසුකම් ජාත්‍යයන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ / සංචාරක නියෝජිත ඒකාබද්ධ සමිති සම්මේලනයේ සුදුසුකම්ලත් සාමාජිකයන් යටත්පිරිසෙයින් දෙදෙනෙකුවත් කාර්ය මන්ඩලයේ සිටිය යුතුය.
  • ව්‍යාපාරික කටයුතු සිදු කිරීමසඳහා ප්‍රමාණවත් කාර්යාල ඉඩකඩ නියෝජිතායතනය සතු විය යුතුය.
  • ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නියෝජිතායතනය සතු බව තහවුරු කරන ලේඛණ
  • සංවිධානය තුළ අනාගතයේ සිදුවන සියලු වෙනස්කම් සි.ගු.සේ. අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දීමට නියෝජිතායතනය එකඟ වන බවට සහතික කිරීමේ ලිපියක්
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • මූල්‍ය ප්‍රකාශන
  • අවශ්‍ය වුවහොත් අනාගතයේදී බැංකු ඇපකරයක් ලබාදීමට නියෝජිතායතනය එකඟ වී ඇති වට සහතික කිරීමේ ලිපියක්

ගුවන් සමාගමකට / සංචාරක නියෝජිතායතන හෝ ගුවන් තොටුපොලට එරෙහි පැමිණිලි

1. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ කෙසේද ?
ඔබට පහත දැක්වෙන ලිපිනයට පැමිණිල්ලක් තැපැල් මගින් ඉදිරිපත් කිරීමට හැක. එසේ නොමැති නම් පහත ෆැක්ස් අංකයට ෆැක්ස් කිරීමට හැක.:

අධ්‍යක්ෂ ජනරාල් / ප්‍ර.වි.නි,
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
අංක 04, හුණුපිටිය පාර,
කොළඹ 02
ෆැක්ස් : +94 11 230 46 44
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

හෝ මාර්ගගතව (අන්තර්ජාලය ඔස්සේ) පැමිණිල්ලක් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
2. අධිකාරිය හෝ සම්බන්ධ වීමට පෙර ඔබ කළ යුතු කිසිවක් තිබේද ?
ඔබ ඔබේ සියලු කරුණු, ලදුපත්, ඔබ කථා කළ පුද්ගලයන්ගේ නම් සහ දුරකථන අංක සහ විශේෂයෙන්ම ඔබේ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් තබා ගත යුතුය. ඔබේ පැමිණිල්ලේ වියදම් සමාලෝචනය සඳහා මෙම තොරතුරු තිබීම මහෝපාකරී වනු ඇත. බොහෝ ගැටළු පහසුවෙන් සහ ඉක්මනින් විසඳා ගත හැකි බැවින් ඔබේ ප්‍රශ්නය පිළිබඳව ගුවන් සමාගම සමග සාකච්ඡා කිරීම බොහෝ විට හොඳ අදහසකි. අවසානයේදී, සාධාරණ පැමිණිල්ලක් ඔබට ඇතැයි ඔබට හැඟෙන්නේ නම් හෝ ගුවන් සමාගම ඔබේ පැමිණිල්ල විසඳූ ආකාරය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට එය අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කළ හැකිය.
3. මා පළමුව ගුවන් සමාගමට පැමිණිලි කළ යුතුද ?
බොහෝ අවස්ථාවලදී, ගැටළු හො ප්‍රශ්න පළමුව ගුවන් සමාගමේ අවධානයට යොමු කිරීම මගින් ඒවා ඉක්මනින් හා සරලව විසඳා ගත හැකි වනු ඇත. ගුවන් සමාගම විසින් සපයනු ලැබූ සේවයේ ගුණාත්මකබව ආදී ඇතැම් ගැටළු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීමට පළමුව ඒවා සමාගමේ අවධානයට යොමු කළ යුතුය.
4. මගේ ගුවන් සේවයෙන් සියලු තොරතුරු මා සතුව නොමැති නම් කුමක් කළ යුතුද ?
ඔබේ ගුවන් ගමන් සැලසුම් වලට අදාළ හැකිතාක් තොරතුරු ඔබ සතුව තිබීම ප්‍රයෝජනවත් වුවත්, ඒවා නොමැතිවීම ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් වළකාලනු නොලබයි. කෙසේ වෙතත්, පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු කාර්ය මණ්ඩලය සොයා බැලීමේදී ඔබට ප්‍රමාදයන් අත්විඳීමට සිදුවනු ඇත. ඇතැම් සිදුවීම් වලදී, ප්‍රමාණවත් අදාල තොරතුරු නොමැතිව තීන්දුවක් ලබා දීම කළ නොහැක්කක් වීමට ඉඩ ඇත.
5. මගේ පැමිණිල්ලේ ඇතුලත් කළ යුත්තේ කුමක්ද ?

ඔබේ පැමිණිල්ලේ වැඩිපුර තොරතුරු සැපයීමට හැකි තරමට, ඔබේ ගැටළුව වඩා පහසුවෙන් නිරාකරණය කිරීමට හැකිවනු ඇත. වෙනස් වර්ගයේ පැමිණිලි සඳහා ඔබ සැපයිය යුතු තොරතුරු වර්ග පිළිබඳ විස්තර සඳහා කරුණාකර පැමිණිලි ආකෘති පත්‍ර බලන්න.

ආකෘති පත්‍රය පුරවන අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය සියලු තොරතුරු ඔබ සතුව නොමැති නම්, එම තොරතුරු සොයා ඔබේ පැමිණිල්ල පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂිත කාලයක් ගත වීමට ඉඩ ඇත.

6. පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා කාලසීමාවක් තිබේද ?
නැත. නමුත් ප්‍රායෝගිකව සලකා බැලීමේදී, හැකිතාක් ඉක්මනින් ගැටළුව ගුවන් සමාගමේ හෝ අධිකාරියේ අවධානයට යොමු කිරීම යහපත් වේ. පැමිණිල්ල ඉදිරිපත් කිරීම ප්‍රමාදවන තරමට අවශ්‍ය ලේඛන, වාර්තා හෝ තොරතුරු ලබාගැනීම වඩා දුෂ්කර විය හැක.
7. මගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට කිසියම් ගාස්තුවක් හෝ වියදමක් දැරිය යුතුද?
අධිකාරිය වෙත පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ගාස්තු අය නොකෙරේ.
8. මාගේ පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු සිදුවන්නේ කුමක්ද ?

අධිකාරියට පැමිණිල්ලක් ලැබුණු පසු, ඒ පිළිබඳව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට පෙර කරුණු කිහිපයක නිවැරදි බව සනාථ කරගත යුතුය.

පළමුව, පැමිණිල්ල වෙනත් කිසියම් රජයේ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක අධිකරණ බල සීමාව යටතට ගැනෙන්නේදැයි නිශ්චය කිරීම සඳහා පැමිණිල්ල පරීක්ෂා කළ යුතුය. එසේ නම් එවිට එය අදාළ ආයතනයට යොමු කරන අතර එය යොමු කළේ කවර ආයතනයටද යන්න ඔබට දැනුම් දෙනු ඇත.

අනතුරුව, ගුවන් සමාගම සමග පළමුව එබ මේ ගැටළුව සාකච්ඡා කර ඇත්දැයි යන්න සනාථ කරගනු ඇත. ඔබ එසේ සිදු කර නොමැති නම්, එය විසඳීමට ගුවන් සමාගමට අවස්ථාවක් ලබා දෙමින් ඔබ වෙනුවෙන් ඔබේ පැමිණිල්ල ගුවන් සමාගමට ඉදිරිපත් කරනු ඇත.

ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් ගුවන් සමාගම කටයුතු කළ ආකාරය පිළිබඳව ඔබ තවමත් සෑහීමකට පත්ව නොමැති නම්, එවිට ඒ සඳහා  අධිකාරිය මැදිහත් වනු ඇත. ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකාරිය කටයුතු කරන ආකාරය නිර්ණය කිරීමේ සාධක වන්නේ ඔබේ පැමිණිල්ලේ ස්වභාවය සහ ඔබ ඉන්ත බලාපොරොත්තු වන ප්‍රතිඵලයයි.

ඔබේ පැමිණිල්ල පැහැදිලි සහ සම්පූර්ණ බව සහතික කිරීම පිණිස එය සමාලෝචනය කරනු ඇත. සියලු කරුණු, ලදුපත්, සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් සහ දුරකථන අංක සහ වඩාත්ම වැදගත්ම ගුවන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ඔබ සතුව තිබේ නම් පැමිණිල්ල විභාග කිරීම කඩිනම් කිරීමට හැකිවනු ඇත. මෙම තොරතුරු ඔබ සතුව තිබීම, ඔබේ පැමිණිල්ල සමාලෝචනයට සහ විසඳීමට බෙහෙවින් උපකාර වනු ඇත.

සියලු අදාල තොරතුරු ඔබෙන් අධිකාරියට ලැබීමෙන් පසුව, ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ගුවන් සමාගමට අවස්ථාව ලබා දෙනු පිණිස ඒවා එම සමාගමට ඉදිරිපත් කරනු ඇත. ගුවන් සමාගම අළුත් කරුණු හෝ තොරතුරු ඉල්ලා සිටියහොත්, ඒ සඳහා ප්‍රතිචාර දක්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට ඉඩ ඇත. හැකි සෑම අවස්ථාවකදීම, පාර්ශ්වයන් දෙකටම පිළිගත හැකි විසඳුමක් කරා එලඹීමට අධිකාරිය උත්සාහ දරනු ඇත.

ඔබ ඉදිරිපත් කළ නිශ්චිත පැමිණිල්ල නිරාකරණය කිරීමට නොහැකි වුවත්, ගුවන් සමාගම් කර්මාන්තය සඳහා ගැටළු විශ්ලේෂණය කිරීමට අධිකාරියට සහාය වීමට එය ප්‍රයෝජනවත් වනු ඇත.

කවර හෝ අවස්ථාවක ඔබේ පැමිණිල්ලේ තත්වය පිළිබඳව ඔබට කුතුහලයක් ඇති වුවහොත් ඒ පිළිබඳව නවතම තොරතුරු දැනගැනීම පිණිස, ඔබේ යොමු අංකය භාවිතා කරමින් ඔබේ පැමිණිල්ල සඳහා අනුයුක්ත කළ අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇමතිමට ඔබට හැක.

9. මේ සඳහා කොපමණ කාලයක් ගතවේද ?

සියලු පාර්ශ්වයන් විසින් දීර්ඝ කිරීමත් සඳහා එකඟ වුවහොත් මිස, පැමිණිලි නියාමන සම්බන්ධයෙන් අධිකාරියේ පරිපාටි අනුව දින 60 ක් තුළ විසඳුමක් ලබා දීම අවශ්යස වේ. පැමිණිලි ක්‍රියාදාමයේ කාලසීමාව පැමිණිල්ලේ සංකීර්ණත්වය සහ සපයනු ලබන තොරතුරු වල ගුණත්වය සහ නිරවද්‍යතාව සහ ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල වර්ගය මත බොහෝ දුරට රඳා පවතිනු ඇත.

සියලු කරුණු, ලදුපත්, සිදුවීමට අදාල පුද්ගලයන්ගේ නම් සහ දුරකථන අංක සහ වඩාත්ම වැදගත්ම, ගුවන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ඔබ සතුව තිබේ නම් පැමිණිල්ල විභාග කිරීම කඩිනම් කිරීමට හැකි වනු ඇත. මෙම තොරතුරු ඔබ සතුව තිබීම, ‍ඔබේ පැමිණිල්ල සමාලෝචනයට සහ විසඳීමට බෙහෙවින් උපකාරී වනු ඇත.

වීසා නිර්දේශ

1. වීසා නිර්දේශ ලබා ගත හැක්කේ කාටද?
විදේශීය ගුවන් සමාගමක් හෝ සංචාරක නියෝජිතායතනයක් හෝ වෙනත් කිසියම් ගුවන් සේවා ව්‍යාපාරයක සේවය කිරිමට කැමති හෝ සේවය කරන තාක්ෂණික නොවන අංශයේ විදේශීය සේවකයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් වීසා ලබාගත යුතුය. එබඳු වීසා ලබාගැනීම පිණිස අයදුම්කරුට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
2. නිර්දේශ තිබිය යුතු වීසා වර්ග මොනවාද ?
එබඳු සියලු පිටරට වැසියන් පළමුව ප්‍රවේශ වීසා සඳහා ද ඉන් අනතුරුව නේවාසික වීසා සඳහා ද අයදුම් කළ යුතු අතර එම අවස්ථා දෙක සඳහාම ඔවුන් ශ්‍රී.ල.සි.ගු.සේ. අධිකාරියේ නිර්දේශ ලබා ගත යුතුය.
3. වීසා නිර්දේශ සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?
පත්වීමේ ලිපියේ පිටපතක්, විදේශ ගමන් බලපත්‍ර පිටපතක්, ඉල්ලීම් ලිපියක් සහ අදාළ තනතුර ශ්‍රී ලාංකිකයෙකු විසින් පිරවිය හැකි නම් පත්වීම සඳහා සාධාරණීකරණයක්.
4. එක් ආයතනයක් සඳහා පිටරැටියන් කී දෙනෙකුට වීසා නිර්දේශ ලබා ගත හැකිද ?
සාමාන්‍ය තත්වයන් යටතේ, එක් එක් ගුවන් සමාගම / සංවිධානය සඳහා උපරිමව විදේශිකයන් දෙදෙනෙකුට (02) වීසා නිර්දේශ ලබා ගත හැක. විශේෂිත අවස්ථානුගත තත්වයන්හිදී, ගුවන් සමාගම හෝ සංවිධානය විසින් ප්‍රබල සාධාරණීකරණයක් සපයන්නේ නම් අතිරේක කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සි.ගු.සේ. අධ්‍යක්ෂ ජෙනරාල් නිර්දේශ ලබා දීමට ඉඩ ඇත.
5. නිර්දේශ සඳහා ගාස්තුවක් අය කරන්නේද ?
ඔව්, එක් එක් නිර්දේශය ප්‍රදානය කිරීම සඳහා සි.ගු.සේ. අධිකාරිය පරිපාලන ගාස්තු අය කරනු ඇත.
6. නිර්දේශයන් නිකුත් කිරිමට කොපමණ කාලයක් ගත වන්නේද ?
උපරිමව දින දෙකක් හෝ තුනක් ගත විය හැකි නමුත් සිදු කළ යුතු වැඩ මත පදනම්ව එය වෙස් වීමට ඉඩ ඇත.
7. පිටරැටියා පුද්ගලිකව සි.ගු.සේ.අ. වෙත පැමිණිය යුතුද ?
නැත. ගුවන් සේවයට / සංවිධානයට  සියලු තොරතුරු සැපයීම හා ගෙවීම් කිරීම සිදු කළ හැක.
8. වීසා අළුත් කිරීම සඳහා ද සි.ගු.සේ. අධිකාරියේ නිර්දේශය තිබීම අවශ්‍යතාවයක්ද ?
ඔව්. අලුත් කිරීමේදී ද නිර්දේශ ලබා ගැනීම අවශ්‍ය වන අතර අදාළ සියලු ලේඛන ඉදිරිපත් කළ යුතුය. අදාළ පරිපාලන ගාස්තු අය කරනු ලැබේ.

ගුවන් ගමන් කාලසටහන් අනුමතිය

1. ගුවන් ගමන් කාලසටහන් අනුමැතිය යනු කුමක්ද ?
ශ්‍රී ලංකාව තුළට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට තම මෙහෙයුම් ‍සඳහා ගුවන් සමාගම්වල කාලසටහන් සඳහා ශ්‍රී.ල.සි.ගු.සේ.අ. විසින් ප්‍රදානය කරන අවසර දීම වේ.
2. එබඳු අනුමැතියක් ලබාගත යුත්තේ කවුරුන්ද ?
ශ්‍රී ලංකාව තුළ, වෙතට හෝ පිටතට මෙහෙයුම් සිදුකරන සියලු දේශීය සහ අන්තර්ජාතික ගුවන් සමාගම්
3. එය ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදි ද?
සියලු ගුවන් සමාගම් තම මෙහෙයුම් ආරම්භ කිරීමට සාධාරණ කාලසීමාවකට පෙර අදාල අවසරය ලබා ගත යුතුය. සියලු ජාත්‍යයන්තර ගුවන් සමාගම් එක් එක් ජාත්‍යයන්තර ගුවන් ප්‍රවාහන සංගම් වාරයක් සඳහා සහ ඉන් අනතුරුව සිදු කරන කිසියම් සංශෝධන වේ නම් ඒ සඳහා ද අනුමැතිය ලබාගත යුතුය. සියලු දේශීය මෙහෙයුම්කරුවන් මාසිකව අනුමැතිය ලබා ගත යුතුය.
4. කුලී ගුවන් ගමන් මෙහෙයුම්කරුවනුත් අනුමැතිය ලබා ගත යුතුද ?
ඔව්. සියලු ජාත්‍යයන්තර සහ දේශීය කුලී ගුවන් ගමන් මෙහෙයුම්කරුවන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වේ.
5. අනුමැතිය ලබා දීමට කිසියම් ගාස්තුවක් අය කරන්නේද ?
නැත. අනුමැතිය ලබා දීම සඳහා ගාස්තුවක් අය නොකෙරේ.
6. එබඳු අනුමැතියක් ලබාදීම සඳහා කොපමණ කාලයක් ගත වේද ?
අනුමැතිය ලබා දීම සඳහා උපරිම වශයෙන් වැඩ කරන දින 10 ක් ගත වේ.
7. අනුමැතිය ලබාගැනීමේදී සැපයිය යුත්තේ කවර තොරතුරු ද ?
ගුවන් ගමන් අංක, පැමිණීමේ සහ පිටත්වීමේ වේලාවන්, ගුවන් යානා වර්ගය, මෙහෙයුම් සිදු කරන දින, මෙහෙයුම් කාල සීමාව, කාල ආකෘතිය (සමායෝජිත විශ්ව වෙලාව / දේශීය) සහ මෙහෙයුම් සිදු කිරීමට නියමිත මාර්ගය යන තොරතුරු අනුමතිය සඳහා සැපයිය යුතු වේ. එසේම යම් අතිරේක තොරතුරක් වේ නම් එයද සැපයිය යුතුය.

ගුවන් සේවා සංඛ්‍යාන දත්ත

1. ගුවන් සේවා සංඛ්‍යාන දත්ත යනු කවරක්ද ?
මගී, භාණ්ඩ, තැපැල් සහ ගුවන් ගමන් සංචලනයන්ට අදාල සියලුදත්ත
2. එබඳු සංඛ්‍යාන දත්ත පිළිබඳ සි.ගු.සේ. අධිකාරියේ කාර්යභාරය කුමක්ද ?
ශ්‍රී.ලං.සි.ගු.සේ.අ. දළ දත්ත එක්රැස් කර ඒවා යොදා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ තොරතුරු සකස් කරයි. එසේම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පිළිබඳව අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයට තොරතුරු සැපයීමද ශ්‍රී.ල.ගු.සේ. අධිකාරියේ වගකීමකි.
3. දළ දත්ත ශ්‍රී.ල.ගු.සේ. අධිකාරියට සැපයිය යුත්තේ කවුද?
සියලු ගුවන් සමාගම්, ගුවන් තොටුපොලවල් සහ සේවා සපයන්නන්
4. කිසිවෙකුට එම දත්ත හෝ තොරතුරු ලබා ගත හැකිද?
ඔව්. ඇතැම් කොන්දේසිවලට යටත්ව, අදාළ ගාස්තුව ගෙවීම මගින් ඕනෑම අයෙකුට දත්ත සහ තොරතුරු ලබාගත හැක.
5. ගුවන් සමාගමට ශ්‍රී.ල.සි.ගු.සේ. අධිකාරියට තොරතුරු සැපයිය හැක්කේ කෙසේද ?
ගු.සේ.අ. විසින් කලින් සැලසුම් කළ ආකෘතියක් මත MS Excel ඇමුණුමක් ලෙස විද්‍යුත් තැපෑල හරහා ගුවන් සමාගමට දත්ත එවිය හැකි අතර එම ලේඛනයේම දෘඪ පිටපතක් සි.ගු.සේ. අධිකාරියේ ගොනු කළ යුතුය. ආකෘති පත්‍ර සි.ගු.සේ. අධිකාරියෙන් ලබා ගත හැක.
6. මට දත්ත සහ තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද ?
සි.ගු.සේ. අධිකාරියෙන් ලබා ගත හැකි හෝ එහි වෙබ් අඩවියෙන් බාගත කළ හැකි අයදුම්පත්‍රයක් තිබේ. අයදුම්පත්‍රය පිරවීමෙන් සහ අදාළ ගාස්තුව ගෙවීමෙන් පසු ඉල්ලා සිටින දත්ත සහ තොරතුරු සපයනු ලැබේ.

ගගන යාත්‍රාංගණ සහ සංතරණ සේවා

1. උස් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සි.ගු.සේ. අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා සිටීම සඳහා වූ පරිපාටිය කුමක්ද ?
අදාල ලේඛන සමග එම ඉල්ලීම පහත දැක්වෙන ලිපිනයට යොමු කළ යුතු වේ.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්,
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය,
අංක 04, හුණුපිටිය පාර,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
2. උස් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ ඉල්ලීම සමග ඉදිරිපත් කළ යුත්තේ කවර ලේඛන ද?
  • වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි සැලැස්ම
  • ස්ථානය පෙන්නුම් කරන ප්‍රදේශයේ සිතියම
  • උන්නතාංශය - ස්ථානය මධ්‍යස්ථ මුහුදු මට්ටමේ සිට උස
  • ප්‍රමුඛ සංඥා සහ මග සලකුණු සහිතව ස්ථානය වෙත මාර්ග සිතියම
3. (අ) විදුලි සංදේශ කුළුණ  (ආ) උස් ගොඩනැගිලිවලට අනුමැතිය සඳහා අය කිරීමේ යාන්ත්‍රණය කුමක්ද ?
මීටර් 19 (ඇතුළුව) දක්වා උස = රු.2000 + බදු
මීටර් 19ට වැඩි උස = රු.10, 000 + බදු
* උස මනිනු ලබන්නේ ව්‍යුහයේ බිම් මට්ටමේ සිටය.
4. උස් ගොඩබැගිල්ලක් ආලෝකකරණය සහ පින්තාරු කිරීම සඳහා අවශ්‍යතා මොනවාද ?
උස් ගොඩනැගිලක් ආලෝකකරණය සහ පින්තාරු කිරීම අංක OC/01/1998. උපදේශක චක්‍රලේඛයේ දක්වා ඇති කොන්දේසි ප්‍රකාරව විය යුතුය.
5. ශ්‍රී ලංකාවට ගොඩබෑම සහ එහි ගුවන්තලය ඉහලින් පියාසර කිරීම සඳහා අවසරය ප්‍රදානය කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද ?
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්,
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය,
අංක 04, හුණුපිටිය පාර,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
6. ගොඩබෑම සහ / හෝ ඉහළින් පියාසර කිරීම සඳහා අනුමැතිය ඉල්ලා සිටීමේදී කුමන තොරතුරු අවශ්‍ය වේද?
ග.තො.ප්‍ර. උපවගන්තිය පොදු 1.2 බලන්න.
7. ගුවන්යානා සඳහා ‍ගොඩබෑමේ ගාස්තු ගණනය කරන්නේ කෙසේද ?
සෑම කිලෝග්‍රෑම් දහසක් (1000) හෝ ඉන් කොටසක් සඳහා ඇ.ඩො. 4 ක අනුපාතයකින් එය ගණනය කරනු ලැබේ. ගුවන් යානයක බර ගණනය කරනු ලබන්නේ ගුවන් යෝග්‍යතාව පිළිබඳ සහතිකයේ දක්වා ඇති උපරිම නික්මීමේ බර මතය.
8. ගුවන්යානා සඳහා නවතා තැබීමේ ගණනය කරන්නේ කෙසේද ?
  • නවතා තැබීමේ ගාස්තු ගොඩබෑමේ ගාස්තුවෙන් 10% කි.
  • ගුවන් ප්‍රවාහන සංගමයෙන් පළමු පැය 3 සඳහා ගාස්තු අය කිරීමෙන් තොරව නවතා තැබීමට ඉඩ දෙනු ලැබේ.
9. ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු එකතු කරන්නේ කවුද ?
ගුවන් තොටුපොල කළමනාකරු
ගුවන් තොටුපොල සහ ගුවන් සේවා (ශ්‍රී.ල.) සමාගම
බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොල,
කටුනායක,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2252020
ෆැක්ස් : +94 11 2252020
10. ගුවන් යානා ඉන්ධන ලබාගන්නේ කෙසේද සහ ඒ සඳහා ගාස්තු කවරේද?
විස්තර සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව අමතන්න.
දුරකථන: +94 11 2253376
ෆැක්ස්: +94 11 2252331
විද්‍යුත් තැපෑල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
11. ගුවන්යානා බිම් මෙහෙවර කටයුතු ලබා ගන්නේ කෙසේද ?
කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලට මෙහෙයුම් කටයුතු සිදු කරන සියලු ගුවන්යානා සඳහා බිම් මෙහෙවර පහසුකම් හා සේවා සැපයීම සිදු කරනුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිම් මෙහෙවර අංශය මගිනි.
දුරකථන: + 94 11 97332357
ෆැක්ස්: +94 11 97335222
SITA CMBKMUL
12. ගමන් අතරමගදී ගුවන් සංකරණ ගාස්තු මොනවාද ?
පහත විස්තර දක්වා ඇති පරිදි ගුවන් යානයේ උපරිම නික්මීමේ බර මත පදනම් වූ එය සමවර්ත ගාස්තුවකි.
ගුවන්යානයේ බර කි.ග්‍රෑම්. 5000 - කි.ග්‍රෑම්. 90000 = ඇ.ඩො. 100.00
ගුවන්යානයේ බර කි.ග්‍රෑම්. 90000kg - කි.ග්‍රෑම්. 175000 = ඇ.ඩො. 150.00
ගුවන්යානයේ බර කි.ග්‍රෑම්. 175000kg - කි.ග්‍රෑම්. 26000 = ඇ.ඩො. 200.00
ගුවන්යානයේ බර කි.ග්‍රෑම් 260000 ට වඩා වැඩි = ඇ.ඩො. 250.00
ශ්‍රී ලංකා ගගන යාත්ත්‍රික තොරතුරු ප්‍රකාශනය (ග.තො.ප්‍රා.) පොදු තොරතුරු කොටසෙහි විස්තර දක්වා ඇත.
13. ශ්‍රී. ලංකා ග.තො.ප්‍ර. සහ එහි සංශෝධන සහ අතිරේකයක් ලබා ගත හැක්කේ කෙසේද ?
ග.තො. ප්‍රකාශනය ඇ.ඩො. 40 කට හෝ අදාල විනිමය අනුපාත අනුව ඊට සමාන ශ්‍රී ලංකා රුපියල්වලින් පහත ලිපිනයෙන් මිලදී ගත හැක.
AIS ගුවන්ගමන් තොරතුරු මධ්‍යස්ථානය
බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොල
කටුනායක
ශ්‍රී ලංකාව
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන : +94 11 2259916
  • සංශෝධන සඳහා ගාස්තු - වසරකට ඇ.ඩො. 35
  • දායකත්ව AIS නොමිලයේ නිකුත් කරනු ලැබේ.
14. ශ්‍රී.ලං.සි.ගු.සේ.අ. විසින් නිකුත් කරන ගුවන් සේවා නිරුපද්‍රිතා දැන්විම් හෝ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිතිවල පිටපත් මිලදී ගන්නේ කෙසේද ?
සි.ගු.සේ. අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ පිහිටා ඇති සි.ගු.සේ. අධිකාරියේ තාක්ෂණික පුස්තකාලයෙන් ගුවන්සේවා නිරුපද්‍රිතා දැන්වීම් සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිති මිලයට ගත හැක.

පුද්ගල බලපත්‍ර අංශය

ආරක්ෂණ නිෂ්කාශනය

1. මගේ ආරක්ෂක නිෂ්කාශන වාර්තාව සි.ගු.සේ. අධිකාරියට ලැබී ඇත්දැයි තහවුරු කරගන්නේ කෙසේද ?
ලැබී තිබුණහොත් එය වෙබ් අඩවියේ පළ කරනු ඇත.
2. ආරක්ෂක නිෂ්කාශන වාර්තාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් යවනු ලබන්නේද ?
යවනු ලැබුවහොත් එය වෙබ් අඩවියේ පළ කරනු ඇත.

බලපත්‍ර

1. මා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ කෙසේ ද ?
සි.ගු.සේ. අධිකාරියේ වෙබ් අඩවියෙන් අයදුම් පත්‍රය සහ තොරතුරු පත්‍රිකාව බාගත කරන්න. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර සියලු සහායක ලේඛන සහ ගාස්තු සමගින් පුද්ගල  බලපත්‍ර අංශයට ඉදිරිපත් කරන්න.
2. විදේශ ගුවන් නියමු බලපත්‍රයක් ශ්‍රී ලංකා ගුවන් නියමු බලපත්‍රයක් බවට හරවා ගත හැක්කේ හෝ වලංගු කර ගත හැක්කේ කෙසේද?
මෙම වෙබ් අඩවියෙන් ඔබට බාගත හැකි ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිති 008 හි එම අවශ්‍යතා ප්‍රකාශයට පත් කරනු ලැබේ.
3. කල් ඉකුත් වූ  බලපත්‍රයක් මට අළුත් කර ගත හැක්කේ කෙසේද ?
මෙම වෙබ් අඩවියෙන් ඔබට බාගත හැකි ගුවන් සේවා නිරුපද්‍රිතා දැන්වීම් 122 හි එම අවශ්‍යතා ප්‍රකාශයට පත් කරනු ලැබේ.
4. බලපත්‍ර හිමිකරු වෙනුවෙන් තෙවැනි පාර්ශ්වයකට බලපත්‍රය ලබා ගත හැකිද ?
නොහැක. නව බලපත්‍රලාභියෙකු ‍පුද්ගලිකව පැමිණ බලපත්‍රය අත්සන් කළ යුතුය. නව බලපත්‍රයක් නොවේ නම් තෙවැනි පාර්ශ්වයකට එය ලබාගත හැක. නමුත් ඒ සඳහා බලපත්‍ර හිමියාගේ ලිඛිත බලය පැවරීම අවශ්‍ය වේ.
5. මා විදේශ රැකියාවකට ඉල්ලුම් කර තිබේ. මගේ බලපත්‍රය සඳහා මම සත්‍යාපන ලිපියක් ලබා ගන්නේ කෙසේද ?
පුද්ගල බලපත්‍ර අංශයට ඉල්ලීමක් කර ගාස්තුව ගෙවන්න.
6. මගේ බලපත්‍රය නැති වී ඇත. මට එහි අනුපිටපතක් ලබා ගත හැක්කේ කෙසේද ?
Mපොලිස් වාර්තාවක් සමගින් පුද්ගල බලපත්‍ර අංශයෙන් ඉල්ලීමක් කර ගාස්තුව ගෙවන්න.

වෛද්‍ය පරික්ෂණ

1. වෛද්‍ය පරීක්ෂණ පවත්වන දින මොනවාද ?
සඳුදා සිට සිකුරාදා දක්වා
2. සි.ගු.සේ. අධිකාරියේ වෛද්‍ය පරික්ෂණය සඳහා වෛද්‍යවරුන් සිටිනුයේ කුමන වෙලාවට ද?
පැය 1000 සිට පැය 1200 දක්වා
3. වෛද්‍ය පරික්ෂණයක් සඳහා මට වෙලාවක් වෙන් කර ගත හැක්කේ කෙසේද ?
+94 11 2358938 අංකයට දුරකථන ඇමතුමක් ලබා දීම මගින්
4. වෛද්‍ය පරීක්ෂණය පවත්වන දිනයේම මට පත්‍රිකා පුරවා ගෙවීම සිදු කළ හැකිද ?
ඔව්
5. අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසු යමෙකුට ගුවන් යානා පැදවීම පුහුණු වීමට අවශ්‍ය නම් ඔහුට සි.ගු.සේ. අධිකාරියේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගත හැකිද ?
ඔව්. +94 11 2358938 දුරකථනයට ඇමතුමක් දෙන්න
6. දැනට විදේශ වෛද්‍ය සහතිකයක් දරන්නෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය පරික්ෂණයටත් පෙනී සිටීමට අවශ්‍යද ?
ඔව්. මක්නිසාද යත් එය ශ්‍රී .ල.සි.ගු.සේ. අධිකාරියේ අවශ්‍යතාවයක් බැවිනි

විභාග

1. විභාග පැවැත්වීම සඳහා සි.ගු. අධිකාරියට කාලසටහනක් තිබේද ?
ශ්‍රී.ලං.සි.ගු.සේ. අධිකාරියට ඇත්තේ මාර්ගගත විභාග ක්‍රමයකි. දුරකථනය මගින් අදාළ වෙලාව වෙන් කර දෙනු ලැබේ.
2. PPL/CPL විභාග වල විෂය නිර්දේශය යමෙකුට ලබාගත හැකිද ?
ශ්‍රී.ලං.සි.ගු.සේ. අධිකාරියේ බිම් මහලේ පිහිටා ඇති තාක්ෂණික පුස්තකාලයෙන් ලබා ගැනීමට හෝ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීම කළ හැක.
3. PPL/CPL විභාග සඳහා යමෙකුට අධ්‍යායන ලිපි ලේඛනාදිය ලබාගත හැකිද ?
නොහැක. ඔබට තාක්ෂණික පුස්තකාලයේ ඇති පොත් විමර්ශනය කළ හැක. ඒවායේ ඡායා පිටපත් ලබා ගත හැක.

4.

 

 

 

 

 

 

 

 

 

 

 

 5.

ශ්‍රී ලංකාවේ තිබෙන අනුමත ගුවන් යානා පුහුණු පාසල් මොනවාද?
ඒෂියන් ඒවියේෂන් සෙන්ටර්
කොළඹ ගුවන් තොටුපොල, රත්මලාන
දුරකථන: +94 11 2632999 / +94 11 2635163
ෆැක්ස් : +94 11 2611540
ස්කයිලයින් ඒවියේෂන් (පුද්.) සමාගම
අංක 104/3, නව ගුවන් තොටුපොල පාර, රත්මලාන, ශ්‍රී ලංකාව
දුරකථන: +94 11 4210300, +94 11 911511
ෆැක්ස් : +94 11 4210250
ඕපන්ස්කයිස් ෆ්ලයිට් ට්‍රේනින් (පුද්.) සමාගම
අංක. 131/4, හොරණ පාර, පානදුර
දුරකථන: +94 38 2235659 / +94 38 2244597
ෆැක්ස් : +94 38 2241664
කොස්මොස් ඒවියේෂන් සර්විසස් (පුද්.) සමාගම
අංක 59/6, ග්‍රෙගරි පාර, කොළඹ 07.
දුරකථන: +94 11 4338967
ෆැක්ස් : +94 11 4020937
මිලේනියම් ෆ්ලයිට් ඇකඩමිය
කොළඹ ගුවන් තොටුපොල, රත්මලාන
දුරකථන: +94 11 2624930
ෆැක්ස් : +94 11 2624950
 

 

What are the foreign flying schools, accredited by Civil Aviation Authority of Sri Lanka?

Currently only one foreign flying school has been accredited by the Civil Aviation Authority of Sri Lanka.

International Aviation Academy

P.O. Box 14006 
Christchurch International Airport 
New Zealand

Tel: +64 3 3580477

Fax: +64 3 3592621

 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 16-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 86  ක් සබැදී සිටී