.




TamilSriLankaEnglish (UK)
:

අභ්‍යන්තර විගණන අංශය

මෙම අංශය ආයතනයේ කළමනාකාරීත්වයෙන් ස්වාධීනව කටයුතු කරනු ලබන අතර ආයතනයේ මූලධර්ම වලට අනුව විගණන නිරීක්ෂණයන් සභාපතිවරයාට සහ විගණන හා කළමණාකරණ කමිටුවට වාර්ථා කරනු ලැබේ. අපගේ වගකීම වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානම් කළමණාකරණය, අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය හා තත්ත්ව පාලන කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම වේ.

කාර්යයන්

  • අඩු ලුහුඩුකම් සහ දුර්වලතා හදුනා ගැනීමේ අරමුණෙන් මෙම අංශය එහි සොා ගැනීම් ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශාඛා සහ අංශ තුළ පවත්නා ක්‍රම විධි, අභ්‍යන්තර පාලන ක්‍රම සහ කාර්යය පටිපාටි සමාලෝචනය කිරීම සහ වැඩි දියුණු කිරීම සදහා සුදුසු යෝඡනා සමග කළමනාකරණය වෙත වාර්තා කිරීම
  • අධිකාරියේ වත්කම් සහ සම්පත් සියලු ආකාරයේ අලාභ හානි වලින් ආරක්ෂා කිරීම
  • සියලුම ගණුදෙනු බලයලත් පුද්ගලයින් විසින් වාර්ෂික අයවැය කෙරෙහි නිසි සැලකිල්ල යොමු කරමින් සිදු කරනු ලබන බවටත්, එකී සියලු ගනුදෙනු සදහා බලය ලැබී ඇති බවටත්, අනුමැතිය ලැබී ඇති බවටත්, නියමිත ලියකියවිලි මගින් සනාථ වන බවටත් එමෙන්ම ඒ සියල්ල නිසි කලට සහ නිවැරදි ලෙසට ගිනුම් ගත කෙරෙන බවටත් සහතික වීම
  • අමාත්‍යාංශයේ ලේකම්, විගණන සහ කළමනාකරන කමිටුවේ සභාපති සහ සිවිල් ගුවන් සේවා අධක්ෂ ඡෙනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී විසින් යොමු කරනු ලබන කරුණු කිසිවක් සම්බන්ධව විමර්ශනය කර වාර්තා කිරීම

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 100  ක් සබැදී සිටී