.




TamilSriLankaEnglish (UK)
:

ගුවන් යෝග්‍යතා අංශය

ශ්‍රි ලංකා ගුවන් යානා ලේඛණය       

ප්‍රධාන කාර්යයන්

ගුවන් යෝග්‍යතා අංශය මෙරට සිවිල් ගුවන් සේවාවේ ගුන් යෝග්‍යතා කෙෂ්ත්‍රයට අදාල කාර්යයන් පවත්වාගෙන යාමට උපකාරී වෙයි. වඩාත් පුලුල් අන්දමින් සලකන විට, ගුවන්යානා මෙහෙයුම් කරුවන්, අනුමත නඩත්තු සංවිධාන සහ ගුවන්යානා සැලසුම් කිරීම, නිශ්පාදනය/ නවීකරනය/ අලුත් වැඩියාව/ නඩත්තුව යන කාර්යයන්හි නිරත වන  වෙනත් පුද්ගලයින් හෝ සංවිධාන අධීක්ෂණය කිරීම සහ සිවිල් ගුවන් සේවා කාර්යයන්හි නිරත වන පුද්ගලයින් පුහුණු කරවීම පිළිබද කටයුතු මෙම අංශයේ කාර්යයන්ට ඇතුලත් වේ.

අංශයේ නිත්‍ය පරීක්ෂණ වැඩ සටහනෙහි කොටසක් වශයෙන් අදාළ පද්ධති පිළිබද විගණන පැවැත්වීම සහ නඩත්තු කාර්යය මණ්ඩල අනුමත කිරීමද මෙම අංශයේ වගකීම් භාරයට අයත් වේ. ඡාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතිය සහ එහි ඇමුණුම් යටතේ පැවරී ඇති සියලුම නිරැපද්‍රතතා අධීක්ෂණ කාර්යයන් ඉටු කිරීමේ වගකීම මෙම අංශයේ ගුවන් යෝග්‍යතා ඉංඡිනේරුවන් මත පැවරී ඇත. කෙසේ වුවද කිසියම් සේවාවක් අවශ්‍යද, අවශ්‍ය නොවේද යන්න නිශ්චය කිරීමට අදාළ වන කරුණු සහ මෙහෙයුම කරුවකුගේ හෝ විභව මෙහෙයුම් කරුවකුගේ හෝ මූල්‍යමය ශක්‍යතාව නිශ්චය කිරීමද මෙම අංශයේ වගකීම් භාරයට ඇතුලත් නොවේ.

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 16-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 92  ක් සබැදී සිටී