.




TamilSriLankaEnglish (UK)
:

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍ර දරණ පුද්ගලයින්.
(ප්‍රවර්තන තොරතුරු සඳහා කරුණාකර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. බලන්න.)
 පොද්ගලික නියමු බලපත්‍රය   වාණිජ ගුවන් නියමු බලපත්‍රය   ගුවන් ප්‍රවාහන ගුවන් නියමු බලපත්‍රය   ගුවන් ගමන් පාලක බලපත්‍රය 

පියසර පිටත් කරන්නා
බලපත්‍රය

පියසර උපදේශක
බලපත්‍රය

 ගුවන් යානා නඩත්තු
බලපත්‍රය

ගගන ස්ථාන
මෙහෙයුම්කරු බලපත්‍රය

නම්කළ පිරික්සුම් ගුවන්
නියමු බලපත්‍රය

     

                                                                                                              බලපත්‍ර ඉල්ලුම් කිරීමට මෙතැන ක්ලික් කරන්න                                                                        

පුද්ගල බලපත්‍ර අංශය ප්‍රධාන වශයෙන් සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ නිරුපද්‍රතතා අවධි රැකියා කාර්යයන් ඉටු කරන පුද්ගලයින් සහතික කිරීමේ කාර්යයෙහි නිරත වේ. ඔවුන්ගේ රැකියා කාර්යයන් ඉටු කිරීම සදහා නෛතික වශයෙන් එවැනි ලියවිලි සිය සන්තකයේ තබා ගැනීම අවශ්‍ය වන පුද්ගලයන්ට ඔවුනොවුන්ට අවශ්‍ය වන ආකාරයට බලපත්‍ර, ප්‍රමාණන, හෝ වෙනත් සහතික නිකුත් කිරීම දක්වා සම්පුරණ කිරීමට අවශ්‍ය වන කාර්යයන් සහ පරිපාලන ක්‍රියාවලින් ඉටු කිරීම සඳහා පුද්ගල බලපත්‍ර අංශය පිහිටවනු ලැබ ඇත. 

පුද්ගල බලපත්‍ර සහ ප්‍රමාණන නිකුත් කිරීම

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ (vii) පරිච්චේදයෙහි, 1955 ගුවන් සංතරණ රෙගුලාසි- 22 සහ 28 වගන්ති තුල සහ අංක 54,55,56,57,58,59,83,97,101,111 සහ 112 දරණ ගුවන් සේවා නිරුපද්‍රතතා නිවේදනයන්හි ඇතුලත් නීතිමය විධිවිධාන යටතේ පහත සඳහන් පුද්ගල බලපත්‍ර නිකුත් කරයි.

01. පුද්ගල බලපත්‍ර සහ ප්‍රමාණන නිකුත් කිරීම
1.  ගුවන් නියමු බලපත්‍ර සහ ප්‍රමාණන
     පුද්ගල බලපත්‍ර අංශය මෙහි පහත සඳහන් ගුවන් නියමු බලපත්‍ර සහ ප්‍රමාණන නිකුත් කරයි.

1.1ගුවන් යානා ප්‍රවර්ග

පහත සඳහන් ගුවන් යානා ප්‍රවර්ග ඇතුලත් කර ගුවන් නියමු බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
ගුවන් යානය නිසර්පණ යානය (Glider)
ගුවන් නැව හෙළිකොප්ටරය
නිදහස් බැලුනය බලය යෙදු ආරෝහය (Powered Lift)

1.2 පංති සහ වර්ග ප්‍රමාණන

එකල නියමු මෙහෙයුම් සඳහා සහතික කරන ලද ගුවන් යානා සඳහා පහත සඳහන් පංති ප්‍රමාණන නිකුත්' කරනු ලැබේ.
එකල එන්ජින් -භූමි බහු එන්ජින් - භූමි
එකල එන්ජින් - මුහුදු බහු එන්ජින් - මුහුදු

1.3 බලපත්‍ර සහ ප්‍රමාණන වර්ග

SPL- ආධුනික ගුවන් නියමු බලපත්‍රය - SPL නිකුත් කිරීමේ තොරතුරු' පත්‍රිකාව
PPL- පොද්ගලික ගුවන් නියමු බලපත්‍රය - PPL නිකුත් කිරීමේ තොරතුරු' පත්‍රිකාව
CPL/IR- වාණිජ ගුවන් නියමු බලපත්‍රය - CPL/IR නිකුත් කිරීමේ තොරතුරු' පත්‍රිකාව
ATPL -ගුවන් ප්‍රවාහන ගුවන් නියමු බාපත්‍රය - ATPL නිකුත් කිරීමේ තොරතුරු' පත්‍රිකාව
GPL- නිසර්පණ යානා ගුවන් නියමු බාපත්‍රය- පුද්ගල බලපත්‍ර අංශය විමසන්න
FBPL- නිදහස් බැලූන ගුවන් නියමු බාපත්‍රය - පුද්ගල බලපත්‍ර අංශය විමසන්න
IR - උපකරණ ප්‍රමාණනය - පුද්ගල බලපත්‍ර අංශය විමසන්න
AFIR- සහකාර පියසර උපදේශක ප්‍රමාණනය - පුද්ගල බලපත්‍ර අංශය විමසන්න
FIR- පියසර උපදේශක ප්‍රමාණනය - පුද්ගල බලපත්‍ර අංශය විමසන්න
GI - භූමි උපදේශක බලපත්‍රය/ අනුමැතිය- පුද්ගල බලපත්‍ර අංශය විමසන්න

2. ගුවන් ගමන් පාලක බලපත්‍රය සහ ප්‍රමාණන

SATC-ආධුනික ගුවන් ගමන් පාලක බලපත්‍රය - ATC බලපත්‍ර නිකුත් කිරීමේ තොරතුරු පත්‍රිකාව
ATC -ගුවන් ගමන් පාලක බලපත්‍රය - ATC බලපත්‍ර අළුත් කිරීමේ තොරතුරු පත්‍රිකාව

ATC ප්‍රමාණන
ගගන යාත්‍රාoගන පාලන ප්‍රමාණනය (රත්මලාන)         ATC ප්‍රමාණන නිකුත් කිරීමේ තොරතුරු පත්‍රිකාව
ගගන යාත්‍රාoගන පාලන ප්‍රමාණනය (කටුනායක)
ගගන යාත්‍රාoගන පාලන ප්‍රමාණනය (මත්තල)
ප්‍රවේශ පාලන පරිපාටි ප්‍රමාණනය
ප්‍රවේශ පාලන සෝදිසි ප්‍රමාණනය
ප්‍රදේශ පාලන පරිපාටි ප්‍රමාණනය
ප්‍රදේශ පාලන සෝදිසි ප්‍රමාණනය

3. ගුවන් යානා නඩත්තු බලපත්‍රය.

AML ගුවන් යානා (A) සහ හෙලිකොප්ටර් (H) AML නිකුත් කිරීමේ තොරතුරු පත්‍රිකාව
සඳහා ගුවන් යානා නඩත්තු බලපත්‍ර AML අළුත් කිරීමේ තොරතුරු පත්‍රිකාව

A   - ප්‍රවර්ගය
B1 - ප්‍රවර්ගය
B2 - ප්‍රවර්ගය
C   - ප්‍රවර්ගය

සටහන

A ප්‍රවර්ගය සහ B1 ප්‍රවර්ගය
පහත සඳහන් උප ප්‍රවර්ග වලට බෙදා ඇත.
A1 සහ B1.1 - ගුවන් යානා - ටර්බයින්
A2 සහ B1.2 - ගුවන් යානා- පිස්ටන්
A3 සහ B1.3 - හෙලිකොප්ටර් - ටර්බයින්
A4 සහ B1.4 - හෙලිකොප්ටර් - පිස්ටන්

4. පියසර මෙහෙයුම් නිලධාරී / පියසර පිටත් කරන්නා බලපත්‍රය
FOOL පියසර මෙහෙයුම් නිලධාරී බලපත්‍රය FOOL තොරතුරු පත්‍රිකාව

5 . මැදිරි පිරිස් සාමාජික සහතිකය
CCMC මැදිරි පිරිස් සාමාජික සහතිකය පුද්ගල බලපත්‍ර ශාඛාව විමසන්න

6. ගගන ස්ථාන මෙහෙයුම්කරු සහතිකය
ASOC ගගන ස්ථාන මෙහෙයුම්කරු සහතිකය ASOC නිකුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය

වෛද්‍ය යෝග්‍යතා තක්සේරු සහතික නිකුත් කිරීම
පුද්ගල බලපත්‍ර අංශය ඇතුලත පිහිටුවා ඇති , වෛද්‍ය තක්සේරු නිලධාරීයෙකුගේ (MA) සහ සිවිල් ගුවන් සේවා වෛද්‍ය පරීක්ෂකවරුන් (CAMEs) පස් දෙනෙකුගේ සහය සහිතව වෛද්‍ය ඩයස්ගේ පරිපාලනය යටතේ පවතින ගගන වෛද්‍ය මධ්‍යස්ථානය හරහා වෛද්‍ය තක්සේරු සහතික නිකුත් කරනු ලැබේ.

1,2 හෝ 3 පන්තියේ වෛද්‍ය සහතිකයක් ලබා ගන්නේ කෙසේද?

යොමු වන්න - ගගන වෛද්‍ය මධ්‍යස්ථානය

දැනුම පිලිබඳ විභාග පැවැත්වීම
යොමු වන්න - විභාග

විදේශ බලපත්‍ර වලංගු කිරීම සහ පරිවර්තනය කිරීම
විදේශ බලපත්‍රයක් වලංගු කිරීම සහ වලංගු කිරීමේ සහතිකයක් නිකුත් කිරීම විදේශ බලපත්‍රයක වරප්‍රසාද ශ්‍රී ලංකාවේ ලියා පදිංචි කරනලද ගුවන් යානා තුල භුක්ති විදීමට ඉඩදිය හැකි විකල්ප ක්‍රමයයි. මෙසේ සකස් කිරීමට භාරගනු ලබන්නේ පහත සඳහන් බලපත්‍ර වර්ග පමණකි.

PPL පොද්ගලික ගුවන් නියමු බලපත්‍රය

 CPL පරිවර්තන තොරතුරු පත්‍රිකාව 

 ATPL පරිවර්තන තොරතුරු පත්‍රිකාව 

FLVC (පියසර පිරිස් ) නිකුත් කිරීමේ සහ අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය  

 

 FLVC AML නිකුත් කිරීමේ සහ අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය

CPL  වාණිජ ගුවන් නියමු බලපත්‍රය
ATPL ගුවන් ප්‍රවාහන ගුවන් නියමු බලපත්‍රය
GPL නිසර්පණ යානා (Glider)ගුවන් නියමු බලපත්‍රය
FBPL නිදහස් බැලූන නියමු බලපත්‍රය
FEL පියසර ඉංජිනේරු  බලපත්‍රය
FNL පියසර නාවික  බලපත්‍රය
AML ගුවන් යානා නඩත්තු බලපත්‍රය

පියසර පුහුණු සංවිධාන අනුමත කිරීම සහ සහතික කිරීම

ශ්‍රී.ල.සිගු.සේ.අ. විසින් පියසර පාසල් බලපත්‍ර නිකුත් කරනලද පියසර පාසල් ගණනනාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකව ඇත. ප්‍රවාහන වර්ගයේ ජෙට් ගුවන් යානා සඳහා පුද්ගල බලපත්‍ර මත ගුවන් යානා වර්ග ප්‍රමාණන නිකුත් කිරීම සඳහා ගුවන් නියමුවන් පුහුණු කරවීම භාර ගැනීමට ශ්‍රී.ල.සිගු.සේ.අ. විසින් වර්ග ප්‍රමාණන සංවිධාන වලට අවසර දෙනු ලැබේ.

පියසර පාසල් බලපත්‍ර ඉල්ලුම් කිරීම

පියසර පාසල් බලපත්‍රයක් , පංති ප්‍රමාණනයක් ඉල්ලුම් කිරීම සඳහා හෝ එවැනි බලපත්‍ර අළුත් කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍රයක් සි.ගු.සේ. අ.ජ. විසින් නියම කරන ලද ආකාරයට ඉදිරිපත් කල යුතුය.ඉල්ලුම් කරු සිය ඉල්ලුම් පත්‍රයට යෝජිත පාසල් විෂය මාලාවේ පිටපත් දෙකක් (02)ද යා කළ යුතු අතර සි.ගු.සේ. අ.ජ. විසින් එය අනුමත කරනු ලබන ආකාරයට එය අනුගමනය කරන බවට සහතිකයක්ද ලබා දිය යුතුය. වැඩි විස්තර සඳහා SLCAP 3090, ASN.028 බලන්න.

FTO නිකුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය

පියසර පාසල් බලපත්‍ර අළුත් කිරීම
වැඩි විස්තර සඳහා SLCAP 3090,ASN.028 බලන්න.

FTO අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍රය

උපදේශක අනුමැතිය
වැඩි විස්තර සඳහා SLCAP 3090,ASN.028 බලන්න.

TRTO අනුමැතිය
වැඩි විස්තර සඳහා SLCAP 3090,ASN.028 බලන්න.

සිමියුලේටර් අනුමැතිය
වැඩි විස්තර සඳහා SLCAP 3090,ASN.028 බලන්න.

අනුමත පුහුණු සංවිධාන

ගුවන් සේවා කර්මාන්තයේ නූතන උපනතිය වී ඇත්තේ බොහොමයක් ගුවන් සේවා පුහුණු පාඨමාලාවන්හිදී කාර්ය සාධක පාදක පුහුණුවක් ලබා දීමය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිර්දේශයන්ට අනුකුලව පුහුණු සංවිධාන විසින් කාර්යසාධක පාදක පුහුණුව ලබා දිය යුතුව ඇත.

විදේශ පියසර පුහුණු සංවිධාන පිලිගැනීම

විදේශයන්හි ස්ථානගතකර ඇති සහ දේශිය බලධාරීන්ගේ අනුමැතිය යටතේ මෙහෙයුම් කෙරෙන පියසර පාසල් පිළිගැනීමට සි.ගු.සේ.අ.ජ. විසින් යාන්ත්‍රණයක් පිහිටවනු ලැබ ඇත.

ජාතික බුද්ධිමය කාර්යාංශයේ (NIB)පැහැයුම

ශ්‍රී ලංකා ගුවන් අවකාශයෙහි පියාසර කිරීමට අපේක්ෂා කරන කිසියම් ගුවන් නියමුවෙකු " ආරක්ෂාක පැහැයුම" යනුවෙන් වැඩි වශයෙන් හඳුන්වනු ලබන ඉහත කී පැහැයුම ලබා ගත යුතුව ඇත.පුද්ගල බලපත්‍ර අංශය විසින් ආරක්ෂක පැහැයුම ලබා දීමට කටයුතු කරනු ඇති අතර මෙහිදී අනුගමනය කලයුතු කාර්ය පටිපාටියෙහි සපයා ඇති සම්බන්ධකය (Link) සඳහන් පරිදි වේ.ඉල්ලුම්කරු ඒ සඳහා සම්මත ආකෘති පත්‍රය සම්පුර්ණ කර එය සකස් කිරීම සඳහා අංශයට භාර දිය යුතුය.වරක් ලබාගත් ආරක්ෂක පැහැයුමක් වලංගු වන්නේ එය නිකුත් කළ දින සිට එක් වසරක කාලයක් සඳහා පමණක් වන අතර යලි ආකෘති පත්‍රයක් ඉදිරිපත් කරමින් වර්ෂයකට අළුත් කර ගත යුතුය.

අනුමත ලැයිස්තුව

ගගන වෛද්‍ය මධ්‍යස්ථානය

සිවිල් ගුවන් සේවා අධිකාරිය ගොඩනැගිල්ලේ මෙසනයින් මහලේ ස්ථානගත කර ඇති සිවිල් ගුවන් සේවා වෛද්‍ය මධ්‍යස්ථානය, පුද්ගලයන් වෙත නිකුත් කරනු ලබන බලපත්‍ර අනුව ලැබෙන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ඔවුනට ඇති කායික සහ මානසික යෝග්‍යතාව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන නම් කරන ලද පහසුකම වේ මෙම මධ්‍යස්ථානය සියළුම' වැඩකරන දිනයන්හි පෙ. ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා විවෘතව තිබෙන අතර වෛද්‍ය යෝග්‍යතාව සහතික කරවා ගැනීමට අවශ්‍ය ගුවන් නියමුවන්ගේ පහසුව සඳහා එහි සුදුසුකම් සහිත සාත්තු සේවිකාවක් සේවයෙහි යොදවා ඇත.

ආධුනික ගුවන් නියමුවන් සහ වෘත්තීය ගුවන්නියමුවන් වශයෙන් වූ සියළුම ප්‍රවර්ගයන්හි ගුවන් නියමුවන් සඳහා සහ ගුවන් ගමන් පාලකවරුන් සඳහා සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10.00 සිට ප.ව.12.30 දක්වා ශ්‍රී ලලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් විසින් එදිනෙදා වෛද්‍ය පරීක්ෂණ පවත්වනු ලැබේ.

වෛද්‍ය තක්සේරුකරු
එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමීක) වෛද්‍ය එන් එම් ගුණරත්න
MBBS (Sri Lanka)
Diploma in Aviation Medicine (D.Av. Med. Royal college of Physicians UK)
Course in Aviation Medicine (Bangalore- India)
Diploma in Familiy Medicine (Col)

ශ්‍රී.ලං. සී.ගු.සේ.අ. විසින් වෛද්‍ය හේරත් ගුණරත්නගේ සේවය ලබා ගන්නේ ගුවන් සේවා නිරුපද්‍රතතා නිවේදන (ASN. 054)-4.8 ඡේදයෙහි නියමිත ආකාරයට අදාළ වගකීම දරණ නම් කරන ලද වෛද්‍ය තක්සේරු කරු වශයෙන්ය.(ASN. 054)-4.9 ඡේදය යටතේ බලපත්‍රධාරීන්ගේ වෛද්‍ය තත්වයන් තක්සේරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල පැවැත්වීමේ වගකීමද ඒ මහතා වෙත පැවරී ඇත/

ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක - ගුවන් සේවා වෛද්‍යකර්ම
වෛද්‍ය අයි. බි.ජේ ඩයස්
MD (Russia),ACCUM (Monash University Austrialia)

වර්තමාන වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය (ලැයිස්තුව 2014 ජනවාරි 01 දිනට යාවත්කාල කර ඇත.)

1.එයාර්කොමොදෝරු (විශ්‍රාමික) වෛද්‍ය වයි කේ රත්නායක
  MBBS (Ceylon)
  Diploma in Aviation Medicine (London)
  Diploma in Family Medicine (Colombo)
  Diploma in Child Health (Colombo)

 2. වෛද්‍ය අනෝමි ජයසිංහ
  MBBS (Sri Lanka)
  Certificate of Aviation Medicine-Melburne, Autstrailia

3. වෛද්‍ය සී එම් අසේල ඇන්තනි
   MBBS (Colombo)
   MRCGP (Int)
   Diploma in Avaition Medicine (Pakistan)
   Diploma in Family Medicine
   Diploma in Occupational Health and safety

 4. වෛද්‍ය කණිෂ්ක වීරසේන
 
 MBBS (Karachchi University)
  Certificate in Aviation Medicine (Singapore Aviation Academy)

5. වෛද්‍ය බිමල් ඩයස්
  Austrailia Certificate of Avaition Medicine (ACCAM)

 වෛද්‍ය සහතිකයක් ලබා ගන්නේ කෙසේද ?

වෛද්‍ය පරීක්ෂණ පවත්වනු ලබන්නේ කල් තියා අවස්ථාව වෙන්කරගත් පරිදිය. මුල් වර නිකුත් කරනු ලබන බලපත්‍ර සඳහාත් , බලපත්‍ර අළුත් කිරීම සඳහාත් වෛද්‍ය සහතික ලබා ගැනීම පිණිස කාර්යාල වේලාව තුල සි.ගු.අ. ගගන වෛද්‍යමධ්‍යස්ථානයෙන් (ශාන්ත මහතා -011-2358938) දින වෙන් කරවා ගත යුතුය. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට ඉල්ලුම්කරු අවම වශයෙන් දින දෙකක්වත් කල් ඇතිව සි.ගු.සේ. අ.වෛද්‍ය මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවී සි.ගු.සේ. අ හි ගිණුම් අංශයට නියමිත ගාස්තුව ගෙවා ලදු පතක් ලබාගෙන එම ලදු පත අවශ්‍ය දිනට හමුවීමක් ලබා ගැනීම සඳහා සාත්තු සේවිකාව වෙත ඉදරිපත් කල යුතුය. එවිට වෛද්‍ය පරීක්ෂණ ආකෘති පත්‍රය (CAA/PL/01) නිකුත් කරනු ලැබේ. එම ආකෘති පත්‍රය ඉල්ලුම් කරු විසින් නිසි පරිදි සම්පුර්ණ කර මුලික පිරික්සුම් සඳහා නැවත සාත්තු සේවිකාව මුණ ගැසිය යුතුය. එවිට එම ආකෘති පත්‍රයක් පොද්ගලික වෛද්‍ය ලිපි ගොනුවත් අවසාන තක්සේරුව සඳහා වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරනු ඇත.

විස්තර පත්‍රිකාව බලන්න.

වෛද්‍ය සහතිකයක් ලබා ගන්නේ කෙසේද?

කායික, මානසික, ජීවවිද්‍යාත්මක සහ කරයබද්ද ඌනතා හේතුවෙන් කිසියම් නිශ්චිත පන්තියක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හඳුනාගත් වෛද්‍ය ප්‍රමිතීන් සම්පුර්ණ නොකරන බවට හඳුනා ගනු ලැබූ පුද්ගලයින් විවිධ අංශයන්හි විශේෂඥතා සහිත උපදේශක වරුන් වෙත යොමුකරවා එම උපදේශක වරුන්ගේ අදහස් ලබා ගන්නවා ඇත. අනතුරුව එම පුද්ගලයන් ශ්‍රී.ලසි.ගු.සේ.අ.වෛද්‍ය තක්සේරු කරුගේප්‍රධානත්වයෙන් සහ වෛද්‍ය පරීක්ෂකවරුන්\ මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් පරික්ෂා කරනු ලබනු ඇත. අවසානයේ මගී ජනතාවගේ නිරුපද්‍රතතාව කෙරෙහි නිසි සැලකිල්ල යොමු කරමින් ඉතා හොඳ විනිශ්චයක් මත තීරණයක් ගන්නවා ඇත.

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 124  ක් සබැදී සිටී