.




TamilSriLankaEnglish (UK)
:

ගගන යාත්‍රාංගන සහ ගුවන් සංතරණ සේවා අංශය

වගකීම්

ශ්‍රී ලංකාවේ සිවිල් ගගන යාත්‍රාංගන මෙහෙයුම් කිරීම සහ ගුවන් සංතරණ සේනාවික සේවාවන්හි නිරුපද්‍රතතාවට අදාළ නියාමක කාර්යයන් ඉටු කිරීම සදහා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  ‍ඡෙනරාල් වරයාට සහාය වීමේ වගකීම ගගන යාත්‍රාංගන සහ ගුවන් සංතරණ සේවා අංශයට භාර වී ඇත. මීට ගුවන් ගමන් සේවා (ATS), ගගන නාවික තොරතුරු සේවා (AIS), සහ සංදේශන, සංතරණ සහ සෝදිසි සේවා (CNS) ද ඇතුලත් වේ. 
ඉහත කී අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා මෙම අංශය පහත සදහන් කාර්යයන් ඉටු කරයි.

  • ගුවන් සංතරණ පතත සමාලෝචනය කරමින් ගගන යාත්‍රාංගන සහ ගුවන් සංතරණ සේවා කේෂත්‍රයන්හි පනතට අවශ්‍ය වන සංශෝධන සම්බන්ධව එසේ අවශ්‍ය වන අවස්ථාවන්හි සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක  ‍ඡෙනරාල්ට උපදෙස් දීම.
  • ගගන යාත්‍රාංගන සහ ගුවන් සංතරණ සේවා කේෂත්‍රයන්හි දේශීය රෙගුලාසි, රීති සහ විධිවිධාන කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • ඡාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙහි (ICAO) පහත සදහන් ඇමුණුම් වල ඇතුළත් ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන් (SARPS) සම්මත කිරීම සහ ක්‍රියාත්මක කිරීම - 2 ඇමුණුම, 3 ඇමුණුම, 4 ඇමුණුම, 5 ඇමුණුම, 10 ඇමුණුම, 11 ඇමුණුම, 12 ඇමුණුම, 14 ඇමුණුම, සහ 15 ඇමුණුම
  • ගගන යාත්‍රාංගන මෙහෙයුම් සහ ගුවන් සංතරණ සේවාවන්ට අදාළ නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන් සදහා අවශ්‍ය මග පෙන්වීම් ලේඛන සකස් කිරීම.
  • ගගන යාත්‍රාංගන මෙහෙයුම් සහ ගුවන් සංතරණ සේවාවන්ට අදාළ නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන් සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය පුහුණු කිරීම.
  • ගුවන් සංතරණ සේවා සැපයුම් කරැවන් (ATS, AIS, CNS සේවා සැපයුම් කරුවන්) සහ ශ්‍රි ලංකාව තුළ පිහිටි ඡලාශ ගගන යාත්‍රාංගන සහ හෙළිපෑම් මෙහෙයුම් කරුවන් ඇතුලු ගගන යාත්‍රාංගන මෙහෙයුම් කරුවන් සහතික කිරීම.
  • ගුවන් ගමන් සේවා සැපයුම්කරු, ගගන නාවික තොරතුරු  සේවා සැපයුම්කරු, ගගන නාවික සංදේශන සේවා සැපයුම්කරු සහ ශ්‍රී ලංකාවේ ගගන යාත්‍රාංගන/ ඡලාශ ගගන යාත්‍රාංගන සහ හෙලිපෑම් මෙහෙයුම් කරුවන් සම්බන්ධව නිරුපද්‍රතතා සෝදිසි කාර්යයන් ක්‍රියාත්මක කරමින් හදුනාගත් ඌණතා සදහා නිරවද කිරීමේ ක්‍රියාමාර්ග බලාත්මක කිරීම මගින් ඔවුන්ගේ සේවාවන් අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සැපයෙන බවට සහතික වීම.
  •  ගුවන් සංතරණ සේවා සම්බන්ධ රාඡ්‍ය නිරුපද්‍රතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ගුවන් සංතරණ සේවා සැපයුම්කරුට සහ ගගන යාත්‍රාංගන මෙහෙයුම් කරුවන්ට ඔවුන්ගේ සංවිධාන තුළ ඔවුන්ගේම නිරුපද්‍රතතා කළමනාකරණ ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහය වීම
  • ගගන යාත්‍රාංගන මෙහෙයුම් සහ ගුවන් සංතරණ සේවා තුළ හදුනාගත් අඩුපාඩු සහ ඌණතා කෙරෙහි ප්‍රතිචාර දැක්වීම
  • නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන්ට අදාළව අවශ්‍ය වන සම්මන්ත්‍රණ, වැඩමුලු සහ රැස්වීම් පැවැත්වීම
  • ගගන යාත්‍රාංගන සහ ගුවන් සංතරණ සේවා ක්ෂේත්‍රයන්හිදී ඡාත්‍යන්තර සිවිල්  ගුවන් සේවා සංවිධානයේ (ICAO) අඛණ්ඩ අධීක්ෂණ ප්‍රවේශ (CMA) වැඩ සටහන සමග යාවත් කාලව පසුවීම
  • ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය ගුවන් සන්තරණ සැලැස්මට සමරූපීව ඡාතික ගුවන් සංතරණ සැලැස්ම සකස් කිරීමට/ ක්‍රියාත්මක කිරීමට ගුවන් සංතරණ සේවා සැපයුම් කරුවන්ට උපදෙස් දීම/ සහාය වීම
  • ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය ගුවන් සන්තරණ සැලැසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කලාපීය සංසදයේ (APANPRIG) රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ගුවන් සංතරණ සේවා සැපයුම් කරුවන්ට සහ ගගන යාත්‍රාංගන මෙහෙයුම් කරුවන්ට උපදෙස් දීම/ සහාය වීම
  • PANS-OPS පියසර කාර්යය පටිපාටි සැලසැමට අදාළ කාර්යයන් ඉටු කිරීම සහ පියසර කාර්යය පටිපාටි අනුමත කිරීම.
  • ගුවන් අවකාශයෙන් උපරිම ප්‍රයෝඡන ගැනීම සදහා කාර්ය සාධන පදක සංතරණය ප්‍රවර්ධනය කිරීම

A & NS පහත සදහන් සේවාවන් සපයනු ලැබේ

  • AMHS සහ AFTN
    AMHS - ගගන නාවික පණිවුඩ මෙහෙයුම් පද්ධතිය හැසිරවීම
    AFTN - ගගන නාවික ස්තබ්ධ විදුලි සංදේශ ඡාලය
  • සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල්ගේ AMHS/AFTN - ලිපිනය  VCCYAYX වන අතර එකී කටයුතු ඉටු කරනු ලබන්නේ මෙම අංශය විසිනි. මෙම ලිපිනයෙන් ගුවන් සේවා සමාඡයට ඕනෑම ගගන නාවික තොරතුරක් සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සම්බන්ධ විය හැකිය

අනියම් (උපලේඛන ගත නොකළ) පියසර සදහා ගොඩබෑමේ සහ ඉහලින් පියාසර කිරීමේ අනුමැතිය දීම

අනියම් (උපලේඛන ගත නොකළ) පියසර සදහා ගොඩබෑමේ අවසර ඉල්ලීමි සහ ඉහළින් පියාසර කිරීමේ අවසර ඉල්ලීම් පිළිබදව කටයුතු කරන්නේ A&NS අංශය විසින් ය. එවැනි අවසර ලබා ගැනීම් සදහා පාවිච්චි කළ යුතු වඩාමත් සුදුසු මාර්ග වනුයේ AFTN, FAX හෝ E-Mail ය.

E-Mail ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Fax                  - +94 11 4304641

  • රාඡ්‍ය දූත පැහැයුම සදහා ඉල්ලුම් පත්‍රය
  • අනියම් පියසර පැහැයුම සදහා ඉල්ලුම් පත්‍රය 
  • රෙගුලාසි සහ අවශ්‍යතාෙ

ගුවන්ගත කාර්යයන් සදහා අනුමැතිය

මෙම අංශය විසින් ගුවන් ගත කාර්යයන් (ගුවන් ඡායාරූප කරණය, මල් හෙලීම් ආදිය) සදහා අවසර ඉල්ලා ලැබෙන ඉල්ලීම් ඇගයීමට ලක්කර අවශ්‍ය අනුමැතිය ප්‍රදානය කරනු ලැබේ

උස්  ගොඩනැගිලි නිර්මාණ සදහා අනුමැතිය

A & NS අංශය උස් කුලුණු ඇන්ටෙනා සහ ගොඩනැගිලි තැනීම සදහා අනුමැතිය අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර සම්බන්ධව, පවතින කලාපගත කිරීමේ රෙගුලාසි මත පදනම්ව කටයුතු කර අවශ්‍යය අනුමැතිය ලබා දෙයි.

ගගන නාවික සෙවීමේ සහ මුදාගැනීමේ සේවා සැපයීම 

කොළඔ පියසර තොරතුරු කලාපය (FIR)ඇතුලත ගගන නාවික සෙවීමේ සහ මුදා ගැනීමේ (SAR)සේවා සැපයීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇත්තේද A&NS අංශයටයි. 

දේශීය ගගන යාත්‍රාංගන සංවර්ධනය

ශ්‍රි ලංකාව තුළ දැනට තිබෙන දේශීය ගුවන් තොටුපොළ/ ඡලාශ ගගන යාත්‍රාංගන/ හෙලිපෑඩ් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික උපදෙස් සහනියාමක සහාය මෙම අංශය විසින් අවශ්‍ය වූ විටෙක සපයා දෙනු ලැබේ.

 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 14-09-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 93  ක් සබැදී සිටී