.




TamilSriLankaEnglish (UK)
:

ගුවන් සේවා සුරක්ෂිතතා අංශය

ශ්‍රි ලංකාව තුළ ගුවන් සේවා මෙහෙයුම් සදහා සුරක්ෂිත පරිසරයක් පැවතීම සහතික කිරීම සදහා සියලු ඡාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සුරක්ෂිතතා වැඩ සටහන විකාශනය කිරීම, පවතවාගෙන යාම සහ ක්‍රියාත්මක කිරීම.

ගුවන් සේවා සුරක්ෂිතතා සෙවා සැපයුම් කරුවන් සහතික කිරීම.
ඡාත්‍යන්තෙර ගුවන් තොටුපොළ තුළ ගුවන් සේවා සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ගගන නාවික සේවා සැපයීමේ කාර්යය සදහා 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනත අනුව ව්‍යවස්ථාපිත සෙවා සැපයුම් කරුවකු පත් කරනු ඇත.

ගුවන් සේවා සුරක්ෂිතතා කාර්යය මණ්ඩලය සහතික කිරීම
ශ්‍රි ලංකාවේ ඡාත්‍යන්තෙර ගුවන් තොටුපොළ තුළ ගුවන් සේවා සුරක්ෂිතතා කාර්යයන්හි නිරත වන, ආවරණ කරුවන්, අධීක්ෂකවරුන්, කළමනාකරුවන් සහ උපදේශකවරුන් ඇතුලු සියලුම පුද්ගලයින් ශ්‍රි ලංකාවේ ඡාතික සිවිල් ගුවන් සේවා සුරක්ෂිතතා වැඩ සටහනට අනුකූලව සහතික කරනු ලැබේ.

ගුවන් සේවා සුරක්ෂිතතා උපකරණ සහතික කිරීම
ගුවන් සේවා සුරක්ෂිතතා කෙෂත්‍රයේ පාවිච්චි කරනු ලබන සුරක්ෂිතතා උපකරණ සහතික කරනු ලැබේ. ඒ සදහා ඡාතික සිවිල් ගුවන් සේවා සුරක්ෂිතතා තත්ත්ව පාලන වැඩ සටහනට අනුව කර්මාන්තය සදහා අවශ්‍ය පිරිවිතර සම්පූර්ණ වී තිබිය යුතු ය.

ගුවන් තොටුපොළ සහ ගුවන්යානා මෙහෙයුම් කරුවන්ගේ සුරක්ෂිතතා වැඩසටහන් අනුමත කිරීම
ගුවන් තොටුපොළ සහ ගුවන්යානා මෙහෙයුම් කරුවන් සියලු දෙනා ඔවුනොවුන්ගේ මෙහෙයුම් සදහා ලිඛිත ගුවන් සේවා සුරක්ෂිතතා වැඩ සටහන් විකාශනය කර ක්‍රියාත්මක කළ යුතු අතර එකී වැඩ සටහන් වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය. ගුවන් සේවා සුරක්ෂිතතා අංශය විසින් මෙම වැඩ සටහන් නිසි පරිදි ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කළ විට ඒ සදහා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල් විසින් අනුමැතිය ප්‍රධානය කරනු ලැබේ.

අවි ආයුධ රැගෙන යාම සදහා අනුමැතිය(Application
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ඡෙනරාල්ගේ අනුමැතිය රහිතව, ශ්‍රි ලංකා ගුවන් අවකාශය තුළ හෝ ඊට ඉහළින් හෝ කිසිදු ගුවන් යානයක අවි ආයුධ රැගෙන යාමට අවසර නොලැබේ. ගුවන් සංතරණ රෙගුලාසි 128 සහ 129 යටතේ එවැනි ගිණි අවි සහ අවි ආයුධ ගුවන් යානා තුළ රුගෙන යාමට අනුමැතිය දෙනු ලැබේ.

ඡාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇතුල් වීමේ අවසර පත්‍ර නිකුත් කිරීම සදහා නිර්දේශ(Application
ඡාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙහෙයුම් සිදු කරන විදේශ ගුවන් ප්‍රවාහන සමාගම් වල සේවා සපයන්නන්ට ගුවන් තොටුපොළට ඇතුල් වීමේ අවසර පත්‍ර නිකුත් කරනු ලබන්නේ මෙම අංශයේ නිර්දේශය මත සී/ස ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රි ලංකා) සමාගම විසින් ය. එවැනි එකිනෙක ආයතනයට ගුවන් තොටුපොළ තුළට පිවිසීමට ඇති අවශ්‍යතාව සහ ඔවුන්ගේ රාඡකාරී සම්බන්ධව සොයා බලා ස්ථීර කර ගැනීමෙන් පසුව එවැනි නිර්දේශ ලබා දීම සිදු කරනු ලැබේ.

සෝදිසිය
ශ්‍රි ලංකාවේ සිවිල් ගුවන් සේවා කාර්යයන්හිදී ඡාත්‍යන්තර ප්‍රමිති ප්‍රබලකර ලෙස ක්‍රියාත්මක කරන බවට සහතික වීම සදහා අනුමත කරන ලද වාර්ශික සෝදිසි වැඩසටහනට අනුකූලව සුදුසුකම් ලත් ගුවන් සේවා සුරක්ෂිතතා පරීක්ෂක වරුන් විසින් තත්ත්ව පාලන කාර්යයන් ඉටු කරනු ලැබේ.

පුහුණුව ලබා දීම
ගුවන් සේවා සුරක්ෂිතතා කෙෂත්‍රෙයහි දැනුම සහ නිපුණතා වර්ධනය කිරීම සදහා කර්මාන්ත හවුල් කරුවන් වෙනුවෙන් සහ රාඡ්‍ය සංවිධාන වෙතින් ලැබෙන ඉල්ලීම් මත හදුනාගත් කෙෂත්‍රෙයහි විශේෂඥ ගුවන් සේවා සුරක්ෂිතතා පුහුණු පාඨමාලා පවත්වනු ලැබේ.

කර්මාන්ත සදහා AVSEC මගපෙන්වීම් ලේඛන සැපයීම
තාක්ෂණයේ දියුණුව හේතුවෙනුත් ලොව පුරා සිවිල් ගුවන් සේවාවට එල්ල වන විවිධාකාර වූ තර්ඡනයන්ට මුහුණ පෑමට සිදු වීම හේතුවෙනුත් ගුවන් සේවා සුරක්ෂිතතා ප්‍රමිති ක්‍රියාත්මක කිරීම පිළිබද වෙනස්කම් නිතර නිතර ඇති වෙයි. එවැනි වෙනස්කම් සහ ප්‍රවණතා පිළිබදව ගුවන් සේවා කර්මාන්තය දැනුවත් කිරීමටත් යාවත්කාලව තැබීමටත් ඒ මගින් ගුවන් සේවා සුරක්ෂිතතා කෙෂත්‍රෙයහි ඡාත්‍යන්තර ප්‍රමිති ක්‍රියාත්මක කිරීම ඒකාකාරී අන්දමින් සිදු කිරීමටත් හැකි වන අයුුරු අවශ්‍ය මග පෙන්වීම් ලේඛන නිසි කලට නිකුත් කරනු ලැබේ.

AVSEC පුහුණු සංවිධාන සහතික කිරීම
කාර්ය මණ්ඩලයට ගුවන් සේවා සුරක්ෂිතතා පුහුණුව ලබා දෙන සංවිධාන DGCA විසින් ඡාතික ගුවන් සේවා සුරක්ෂිතතා වැඩ සටහනට අනුකූලව සහතික කරනු ලැබේ.

AVSEC පුහුණු කිරීමේ ලිපි ලේඛන අනුමත කිරීම
ගුවන්තොටුපොළ/ ගුවන් යානා මෙහෙයුම් කරුවෝ ඔවුන්ගේ කාර්ය මණ්ඩල ගුවන් සේවා සුරක්ෂිතතා පුහුණුව ලබා දෙති. ඒ සදහා පාවිච්චි කරනු ලබන පුහුණු වැඩසටහන්/ පාඨමාලා/ ද්‍රව්‍ය පුහුණුව ආරම්භ කිරීමපෙර DGCA විසින් ඇගයීමෙන් පසු අනුමත කරනු ලැබේ

රටින් නෙරපන්නන් සහ සිරකරුවන් ගුවනින් ප්‍රවාහනය කිරීම සදහා අනුමැතිය දීම සහ පහසුකම් සැපයීම
රටින් නෙරපන්නන් සහ සිරකරුවන් ගුවනින් ප්‍රවාහනය කිරීමේදී විශේෂ සුරක්ෂිතතා පියවර අනුගමනය කිරීමට සිදු වේ. එවැන්නක් කැටුව යන (Escort)නිලධාරීන්ට දැනුවත් කිරීමේ වැඩ සටහන් මගින් එවැනි අවස්ථාවන්හි පිළිපැදිය යුතු කාර්ය පටිපාටි, නියමයන් සහ කොන්දේසි සම්බන්ධව දැනුම ලබා දීම සිදු කරනු ලැබේ. DGCA මේ සදහා අනුමැතිය ලබා දෙන අතර මීට සම්බන්ධ ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු AVSEC අංශය විසින් සිදු කරනු ලැබේ

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 115  ක් සබැදී සිටී