.




TamilSriLankaEnglish (UK)
:

 ගුවන් ප්‍රවාහන සහ නීති කටයුතු අංශය

ශ්‍රී ලංකාවේ බලපත්‍රලත් ගුවන් ප්‍රවාහන සමාගම් ප්‍රවේශ පත්‍ර නියෝජිතයින් ශ්‍රී ලංකාව තුල ගුවන් ප්‍රවාහන සමාගම් ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ ව්‍යාපාරයෙහි නිරත වන කිසියම් සංචාරක නියෝජිත ආයතනයක් ඒ සඳහා DGCA ගෙන් බලපත්‍රයක් ලබා ගත යුතුව ඇත. ගුවන් ප්‍රවාහන සමාගම් ප්‍රවේශ පත්‍ර අලෙවිය සඳහා බලපත්‍ර ලබා දී ඇති සංචාරක නියෝජිතයන්ගේ ලැයිස්තුව පහත දැක්වේ. මෙය මාස් පතා යාවත්කාල කරනු ලැබේ.

සංචාරක නියෝජිත ලැයිස්තුව

දේශීය ගුවන් සේවා නීති යාවත්කාලින කිරීම සඳහා නීති සහ රෙගුලාසි කෙටුම්පත් කිරීම සඳහා නීති සහ රෙගුලාසී කෙටුම්පත් කිරීම. ගුවන් ප්‍රවාහන ව්‍යාපාර කාර්යන්හිදී ගුවන් සේවා කර්මාන්තය සමඟ සමායෝජනය පැවැත්වීම.ගුවන් සේවා දත්ත රැස් කිරීම සහ සකස් කිරීම. හවුල්කාර රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව පවත්වන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් නිගමනයකිරීමේ සාකච්ඡා සඳහා සහය ලබා දීම.

ගුවන් සේවා ගිවිසුම්

දැනට ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන් 67ක් සමඟ ගුවන් සේවා ගිවිසුම් අත්සන් කර ඇති අතර වාණිජ සහ ආර්ථික අවශ්‍යතා අනුව කලින් කල මෙම ගිවිසුම් සංශෝධනය කරනු ලැබේ.

ගුවන් ප්‍රවාහන සැපයුම්කරු (මගී) බලපත්‍රය (සංචාරක නියෝජිත ආයතන බලපත්‍රය)

මගීන් , තැපෑල හෝ නැව් බඩු ගුවනින් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවන කිසියම් පුද්ගලයකු වෙතොත් ඔහු ඒ සඳහා, පවතින නීතියේ ප්‍රකාර සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතුය. (ATPබලපත්‍රය)

ATP බලපත්‍රයක් ලබා ගැනීම සදහා මග පෙන්වීම්.

ශ්‍රී ලංකාවේ ලියා පදිංචි ගුවන් ප්‍රවාහන සමාගම් වෙත වාණිජ මෙහෙයුම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද ගුවන් ප්‍රවාහන සමාගම් පහත සඳහන් වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට සහ/හෝ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේනම් ඒ සඳහා ඔවුන් සතුව වලංගු බලපත්‍රයක් තිබිය යුතුය.

  •  ජාත්‍යන්තර/දේශිය කුලී මෙහෙයුම්
  •  ජාත්‍යන්තර/දේශිය නිත්‍ය මෙහෙයුම්
  •  පෞද්ගලික මෙහෙයුම්

ඉහත කී බලපත්‍ර ලබාගැනීමේ පුර්ව අවශ්‍යතාවයක් වශයෙන් ඉල්ලුම්කරුවන්ට වලංගු ගුවන් යානා මෙහෙයුම්කරූ සහතික තිබිය යුතුය.

ගුවන් ප්‍රවාහන සමාගම්/කුලී/පෞද්ගලික මෙහෙයුම් බලපත්‍ර ඉල්ලුම් පත්‍රය

පියසර උපලේඛන අනුමැතිය

IATA ශිශිර සහ ගිම්හාන සෘතු තුළ ශ්‍රී ලංකාව තුළට මෙහෙයුම් සිදුකරන සියළුම ජාත්‍යන්තර නිත්‍ය සහ කුලී ගුවන් ප්‍රවාහන සමාගම් විදේශ ගුවන් යානාමෙහෙයුම්කරු සහතිකයක් ලබාගැනීමෙන් පසු, ඔවුන්ගේ මෙහෙයුම්ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ පියසර උපලේඛන සඳහා අනුමැතිය ලබාගත යුතුය.මෙමඋපලේඛන අනුමැතිය සෑමසෘතුවකදිම අළුත් කරවා ගතයුතුය. දේශිය මෙහෙයුම්කරුවන් සියලු දෙනා ඔවුන්ගේ පියසර උපලේඛන මාස් පතා අළුත් කරවා ගත යුතුය.

ගුවන් ප්‍රවාහන සමාගම් තුළ සේවය කරන විදේශිකයින් (තාක්ෂණික නොවන කාර්ය මණ්ඩලය) සඳහා වීසා නිර්දේශ

ගුවන් ප්‍රවාහන සමාගමක් විසින් හෝ ගුවන් ප්‍රවාහන සමාගමක් විසින් නිසි පරිදි බලයපවරන ලද ආයතනයක් විසින් හෝ කල්තියා කරනු ලබන ඉල්ලීම් මත තාක්ෂණික නොවන කාර්යමණ්ඩලයට ඇතුල්වීමේ වීසා සහ වාසය කිරීමට වීසා ලබාගැනීම සඳහා නිර්දේශ නිකුත් කරනු ලැබේ.

ගුවන් සේවා සංඛ්‍යාලේඛන දත්ත

ගුවන් සේවයට අදාළ සියලු සංඛ්‍යාලේඛන දත්ත රැස් කරනු ලබේ. ඉල්ලීමක් ඉදිරිපත්කර අදාළ ගාස්තුව ගෙවීමෙන් මෙම දත්ත ලබාගත හැකිය.

සියළුම මාර්ගස්ථ සහ දේශිය මෙහෙයුම් කරුවන් සහ ගුවන් තොටුපොල මෙහෙයුම් කරුවන් ඔවුන්ගේ මෙහෙයුම් වලට අදාළ දත්ත නිසිකලට ඉදිරිපත් කලයුතුය.

දත්ත ඇතුල් කිරීම (පද්ධති පිටුව)
දත්ත සහ තොරතුරු ඉල්ලීම

ගනුදෙනුකරු පැමිණිලි සහ ප්‍රශංසා

ගුවන් ප්‍රවාහන සමාගම් මෙහෙයුම් සහ සංචාරක නියෝජිත ආයතන සම්බන්ධ ගනුදෙන්කරුවන් විසින් කරනු ලබන පැමිණිලි සම්බන්ධව නිසි පරිදි කටයුතුකර විධිමත් හමුවීම් වලින් පසුව විසදුම් ලබා දීම සිදු කෙරේ.

පැමිණිල්ලක් දමන්න

ගුවන් ප්‍රවාහන සමාගම් ආසන වෙන් කිරීමේ ගාස්තු ගණනයකිරීමේ පාඨමාලාව

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 72  ක් සබැදී සිටී