.




TamilSriLankaEnglish (UK)
:

මානව සම්පත් සහකාර්යාල කළමණාකරන අංශය

මෙම අංශය ශ්‍රී.ල.සි.ගු.සේ.අ. හි ප්‍රධාන කාර්යන්ට සහාය සේවයක් වශයෙන් ඒකාබද්ධ සේවාව යටතේ ක්‍රියාත්මක වේ. කාර්ය මණ්ඩලය බඳවා ගැනීම,කාර්ය මණ්ඩල පුහුණුව,කාර්ය මණ්ඩලය වෙන් කරදීම,තනතුරු ඇති කිරීම, සුභ සාධක යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ පොදු පරිපාලනය මෙම අංශයෙන් සිදු කෙරෙන ප්‍රධාන කාර්යන්ය.

මෙම අංශය යටතේක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණ ඒකකය සංවිධානයේ සියළුම තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සම්බනධ කටයුතු කරයි.අංශය විසින් පවත්වාගෙන යනු ලබන තාක්ෂණික පුස්තකාලය ගුවන් සේවාව පිලිබඳ දැනුම සොයනඅභ්‍යන්තර සහ බාහිර සේවාදායකයින්ගේ ප්‍රධාන දැනුම මධ්‍යස්ථානය වේ.

කාර්ය මණ්ඩල පුහුණුව සහ සංවර්ධනය

මහා පුහුණු සැලැස්ම පාදක කරගත් වාර්ෂික පුහුණු වැඩ සටහන් අනුව කාර්ය මණ්ඩල පුහුණු පාඨමාලා පවත්වනු ලැබේ. සෑම පුද්ගලයකුගේම පුහුණු වාර්තා සම්බන්ධව කටයුතු කෙරෙනුයේ එකම මධ්‍ය ලක්ෂයකදීය.

කාර්ය මණ්ඩලය බඳවා ගැනීම

නියමිත බඳවා ගැනීමේ පරිපාටියකට අනුකූලව නිසි ඇගයීම් ආවරණයක් අනුගමනය කරමින් කාර්යමණ්ඩල බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

සි.ගු.සේ.අ.රැකියා සඳහා ඉල්ලුම් පත්‍රය
2017 නිවාඩු දින දර්ශනය

තාක්ෂණික පුස්තකාලය

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ තාක්ෂණික පුස්තකාලය මුලික වශයෙන් අවධානය යොමු කරනුයේ සි.ගු.සේ.අ සේවකයින්ගේ තොරතුරු අවශ්‍යතා සපයාදීම කෙරෙහිය. මීට අමතරව එය ගුවන් සේවා කර්මාන්තයටඅදාළ තොරතුරු සපයාදීමෙන් කර්මාන්ත හවූල් කරුවන්ටද සහය වෙයි.

පුස්තකාල එකතුව

  • ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ සියළුම නවතම ඇමුණුම් , ප්‍රකාශන, සහ තාක්ෂණික සංග්‍රහයන් 
  • රෙගුලාසි -දේශිය සහ වෙනත් CAA රෙගුලාසි.
  • ගුවන් සේවා පොදු ප්‍රකාශන (පියාසර කිරීම,ගුවන් ප්‍රවාහන පහසුකම් කළමනාකරණය, ගුවන් යෝග්‍යතාව)
  • වාර්ෂික වාර්තා- ගුවන් සේවා ,ගුවන් සේවා නොවන
  • පුහුණු ලේඛන (සි.ගු.සේ.අ කාර්යමණ්ඩලය)
  • අනතුරු වාර්තා
  • විද්‍යුත් නිමැවුම්
  • චිත්‍ර පුස්තකාලය ( සි.ගු.සේ.අ වැදගත් සිදුවීම්, ඓතිහාසික ඉසව් ආදිය)
  • ගුවන් සේවා ආශ්‍රිත ප්‍රකාශන,රෙගුලාසි,පුහුණු ලේඛන ආදිය)

සේවා

  • අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ඉලක්කකර ගත් ප්‍රධාන සේවා
  • පුස්තකාල ද්‍රව්‍ය පිරුළට දීම.
  • ප්‍රවර්තන යවත්කාල ලිපි ලේඛන සැපයීම
  • ආංශික පුස්තකාල පවත්වාගෙන යාම
  • ඉහල කළමනාකාරිත්වයට ගුවන් සේවා ආශ්‍රිත ප්‍රවෘත්ති සැපයීම
  • යාවත්කාල කරනලද පුස්තකාල නාමාවලිය ප්‍රචාරය කිරීම
  • ගුවන් සේවා කර්මාන්තයේ වෘත්තිකයන් ඉලක්ක කරගත් ප්‍රධාන සේවා
  • කියැවීමේ පහසුකම් සැපයීම
  • ඡ‍ායා පිටපත් සැපයීම
  • ගුවන් සේවා ආශ්‍රිත ප්‍රකාශන සැපයීම - පිරිවැය අයකිරීමෙන්
  • ගුවන් සේවා කර්මාන්තයට ප්‍රකාශන විකිණීම

පුස්තකාලය විවෘතව තබන වේලාව

වැඩ කරන දින පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා පාඨකයින් වෙනුවෙන් පුස්තකාලය විවෘතව තබනු ලැබේ. සති අන්තයේදී සහ රජයේ නිවාඩු දිනයන්හි CAASL පුස්තකාලය වසා තබනු ලැබේ.

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 14-09-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 59  ක් සබැදී සිටී