.
TamilSriLankaEnglish (UK)
:

Sri Lanka Aviation History

ROKSTORIES ERROR: File not found: images/stories/aviation_history/Foundation%20Laying-6.PNG

06.01.2017 : Commencement of resurfacing programme of the BIA runway by closing it for commercial operations between 0830 hrs and 1630 daily for a continuous period of three months ending on 06.04.2017. Hon. Nimal Siripala de Silva, Minister of Transport and Civil Aviation launched the work by waving a green flag.

The AASL has selected through approved competitive procurement process the following consultant and contractor for the runway resurfacing with the approval of the Cabinet of Ministers.

Project consultant : Joint Venture of Netherlands Airport Consultant (NACO) and Engineering Consultancy Ltd (ECL) for Design Review and Construction Supervision and  the Consultant fee : US$ 524,141 + Tax + Rs.28,725,000 + Tax.

Project Contractor: Joint Venture of China National Aero Technology International Engineering Group (CATIC) and Shanghai New Era Airport Design and Research Institute Co. Ltd. of Civil Aviation Authority of China for the runway overlay and associated work in the form of Design and Build contract. Contract amount: US$ 48,600,406 + Tax

Total Cost: The total cost of runway resurfacing is estimated to be Rs.7.2 billion and it will be financed totally by the Airports and Aviation Services (Sri Lanka) Ltd.

06.04.2017 : Resumption BIA runway operations after completion of the resurfacing programme, as planned.  SriLankan A320 Neo brand new aircraft landed after Hon.Minister declared the runway was open for normal operations.

53rd Conference of Directors General of Civil Aviation was held in Sri Lanka from 01-05 August 2015, at Hilton Colombo.

53rd Conference of Directors General of Civil Aviation - Asia and Pacific Region  01-05 August 2016 
Opening of Batticaloa airport after resurfacing by His Excellency the President  
Signing of Contract for resurfacing of BIA Runway  

2015.12.14 - Hon. Nimal Siripala De Silva, Minister of Transport and Civil Aviation laid the foundation for the construction of CAA Headquarters at Katunayake BIA premises. The estimated cost of the building is Rs.803 million.

         
   

2015.01.17 - SriLankan Airlines stopped all commercial operations into and out of Mattala Rajapakse International Airport, Hambantota.

2015.01.25 - Mihin Lanka Ltd suspends all operations into and out of Mattala Rajapakse International Airport.

2015.02.11 - Air China airlines commence four weekly direct flights from Chengdu to Bandaranaike International Airport, Colombo using Airbus A330 aircraft .
 

 

 

20.10.2014- Seth Pirith chanting ceremony at Weerawila Bungalow in preparation for official opening

09.06.2014 - Opening of CAA office at MRIA by the Minister of Civil Aviation Hon.Piyankara Jayaratne

22.06.2014 - Ceremonial inauguration of the aviation refueling terminal with fuel hydrant facilities at MRIA by the President, His Execllency Mahinda Rajapakse

          

18.03.2013 – මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපොල විවෘත කිරීම

 

08.01.2012 එමිරේට්ස්  A380 යානය බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලට ගොඩබැස්සවීම

24.05.2012 ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා අධීක්ෂණ හැකියා පිළිබඳව ජා.සි.ගු.සේ. සංවිධානය විගණනයක් පැවැත්වීම
16.10.2012 පියාසැරුම් ක්‍රමාංකනයේ නියුක්ත වූ පළමු ගුවන් යානය මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපොලට ගොඩ බැස්සවීම

07.12.2012 Centenary celebration of Aviation in Sri Lanka
2012 ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට ගුවන් මගීන්, ගුවන් භාණ්ඩ සහ ගුවන් යාත්‍රා සංචලනය අනුපිළිවෙලින් මිලියන 6.2, මෙට්‍රික් ටොන් 200 සහ 4,600 ඉක්මවීම
2011 ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට ගුවන් මගින්, ගුවන් භාණ්ඩ සහ ගුවන්යානා සංචලනය අනුපිළිවෙලින් 6,000,000 මෙට්‍රික් ටොන් 200 සහ 43,600 ඉක්මවා යාම
04.02.2011 2010 අංක 10 දරන සිවිල් ගුවන් සේවා පනත බලාත්මක කරන ලදී.
25.04.2011 වසරකට මගින් මිලියන 1ක ධාරිතාවයක් සහිත මගී පර්යන්තයක් මත්තල ගුවන් තොටුපොලේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම
2010 ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට ගුවන් මගින්, ගුවන් භාණ්ඩ සහ ගුවන්යාත්‍රා සංචලනය අනුපිළිවෙලින් 5,000,000 මෙට්‍රික් ටොන් 167 සහ 35,000 ඉක්මවීම.
06.07.2010 එමිරේට්ස් සතුව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් රජය මිලදී ගැනීම
24.10.2010 ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා අධීක්ෂණ හැකියා පිළිබඳ ජා.සි.ගු‍.සේ. සංවිධානයේ විගණනය
24.10.2010 ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා අධීක්ෂණ හැකියා පිළිබඳ ජා.සි.ගු‍.සේ. සංවිධානයේ විගණනය
    “SriLankan” Airlines recommenced “Air Taxi” service

20.02.2009 සැහැල්ලු ගුවන් යානා දෙකක් යොදාගනිමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීම
27.11.2009 හම්බන්තොට, මත්තල  ප්‍රදේශයේ ජාත්‍යයන්තර ගුවන් තොටුපොලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම

24.04.2007 – මිහින් ලංකා සමාගම විසින් වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීම

27.10.2006 මහා භාණ්ඩාගාරය විසින් මුළුමණින් අරමුදල් සපයන පූර්ණව රජයට හිමි සමාගමක් ලෙස මිහින් ලංකා ස්ථාපිත කිරීම

15.11.2005 බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලේ ව්‍යාපෘති අදියර 1 හි පියවර II යටතේ ගගන පාලම් 8 ක් සහිත ජැටිය විවෘත කිරීම

 

30.11.2004 ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා හැකියා පිළිබඳ ජා.සි.ගු.සේ. සංවිධානයේ විගණනය
2004 ශ්‍රී ලංකාව තුලට සහ ඉන් පිටතට ගුවන් මගින්, භාණ්ඩ සහ ගුවන් යාත්‍රා සංචලනය අනුපිළිවෙලින් 4,000,000 මෙට්‍රික් ටොන් 152 සහ 30,000 ඉක්මවා යාම
    “Sri Lankan” airlines commenced float plane operations as “Air Taxi” to selected water aerodromes around the country

2003 ශ්‍රී ලංකාව තුලට සහ ඉන් පිටතට ගුවන් මගින්, භාණ්ඩ සහ ගුවන්යානා සංචලනය අනුපිලිවෙලින් 3,000,000 මෙට්‍රික් ටොන් 112 සහ 22,500 ඉක්මවා යාම
27.12.2002 සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ‍අහෝසි කිරීම සහ 200‍2 අංක 34 දරන පනත යටතේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ස්ථාපිත කිරීම

24.01.2001 කටුනායක ගුවන් හමුදා කඳවුරට හොර රහසේ ඇතුලු වූ එල්.ටි.ටී.ඊ. ත්‍රස්තවාදීන් ගුවන් හමුදා කඳවුරු ප්‍රදේශයේ තිබූ හමුදා යානා 8 ක් සහ එයාර් බස් A 340 යාත්‍රා දෙකක්,  A 330 වර්ගයේ එක් එයා(ර්) බස් යානයක් සහ 3420 – 200 වර්ගයේ එක් එයා(ර්) බස් යානයක් විනාශ කිරීම

13.03.2000 –ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා හැකියා පිළිබඳ ජා.සි.ගු. සංවිධානයේ විගණනය

24.03.2000 – AN 12 aircraft of “Sky Cabs” airline crashed at Kadirana near Negombo

01.04.1998 රජය සමග ඇති කරගත් දස වසරක කළමනාකරණ ගිවිසුමක් යටතේ එමිරේට්ස් ගුවන් සේවය එයාර් ලංකාහි පාලනය භාර ගැනීම

29.09.1998 යාපනය ගුවන් තොටුපලින් නික්ම ගොස් හරියටම මිනිත්තු 10කට පසුව මගීන් 55 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවය විසින් කල්බදු පදනම යටතේ ලබාගත් 602 යානය අතුරුදහන් වීම

10.02.1997 ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතා අධීක්ෂණ හැකියාවන් පිළිබඳ අධීක්ෂණයක් ජා.සි.ගු සංවිධානය විසින් පැවැත්වීම
14.09.1995 ද්විතියික ඒක ස්පන්දන ආවේක්ෂණ රේඩාර් පද්ධතියක් පිදුරුතලාගල කඳු මුදුනේ ස්ථාපිත කිරීම
1995 ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට ගුවන් මගීන් සහ භාණ්ඩ සහ යාත්‍රා සංචලනය අනුපිලිවෙලින් 2,000,000 සහ මෙට්‍රික් ටොන් 75 සහ 16500 ඉක්මවා යාම
1995 කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොල, බණ්ඩාරනායක, ජාත්‍යයන්තර ගුවන් තොටුපොල ලෙස නැවත නම් කිරීම

1994 – Registered airline in Sri Lanka were permitted to commence operations to domestic airports.

1993 “Sky Cabs” started international cargo services by using AN12 aircraft and it was the first Sri Lanka registered private airline which commenced international operations

1992 සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ තනතුර සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් දක්වා ඉහළ නැංවීම සඳහා සංතරණ පනත සංශෝධනය
    “Air Lanka” added it’s first “Airbus” aircraft to the fleet and registered as “4R –ABA”. It was a A320 aircraft.

1990 – ගුවන් ප්‍රවාහන කුලී ලිහිල්කරණය

03.05.1986 එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලේදී මගීන් 14 දෙනෙකු මරුමුවට පත් කරමින් එයාර් ලංකා ගුවන් සේවයේ ට්‍රයිස්ටාර් එල් 1011යානයක් පුපුරුවා හැරීම

22.11.1986 බ්‍රිතාන්‍ය ගුවන්‍ සේවයට අයත් ලෝකයේ පළමු සුපර්සොනික් ගුවන්යානය වන කොන්කෝඩ්, සිය ලොව වටා ගමන අතරතුර බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලට ගොඩ බැස්වීම
ඔක්තෝබර් 1986 නව ගුවන් පථය වාණිජ මෙහෙයුම් සඳහා විවෘත කිරීම

1984 – කටුනායක ගුවන් තොටුපොලේ නව ධාවන පථයක් ඉදිකිරීම ආරම්භ කිරීම

1983 ගුවන් තොටුපොල අධිකාරිය අහෝසි කිරීම සහ ගුවන් සංතරණ සේවා සැපයීම ඇතුළුව සිවිල් ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයුම සහ නඩත්තුව සඳහා ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම පිහිටුවීම
1982 ශ්‍රී ලංකාව තුළට සහ ඉන් පිටතට ගුවන් මගින් භාණ්ඩ සහ ගුවන්යානා සංචලනය අනුපිළිවෙලින් 1,000,000 මෙට්‍රික් ටොන් 50 සහ 11,000 ඉක්මවා යාම
1982 නියෝජිතයන් පත් කිරීමේ විධිවිධාන සහිතව 1982 අංක 2 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත සම්මත කිරීම
30.06.1982 මගීන් 340 ක් රැගත් අලිතාලියා ගුවන් සේවයේ (ඉතාලිය) B 747 යානයක් ශ්‍රී ලාංකිකයෙකු විසින් පැහැරගෙන බැංකොක් ජාත්‍යයන්තර ගුවන්‍ තොටුපොල වෙත බැස්සවීම

1980 1979 අංක 46 දරන ගුවන් තොටුපොල අධිකාරිය පනත පැනවීම හ සිවිල් ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයවීම සහ නඩත්තුව සඳහා ගුවන් තොටුපොල අධිකාරිය ස්ථාපිත කිරීම

01.09.1979 – එයාර් ලංකා ගුවන්සේවයේ උපත සහ බැංකොක් දක්වා එහි මංගල ගුවන් ගමන

15.11.1978 යානයේ සිටි මගීන් 264 අතරින් 184 දෙනෙකු මරුමුවට පත් කරමින් අයිස්ලන්ත ගුවන්සේවයේ  DC-8 යානය කිඹුලාපිටියේදී අනතුරට පත්වීම

07.11.1978 එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රත්මලාන ගුවන් තොටුපොලේදී එයාර් සිලෝන් ගුවන් සේවයට අයත් HS-748  ගුවන් යානය පුපුරුවා හැරිම

1976 නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට සූදානම්වීම සඳහා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ප්‍රාථමික පරීක්ෂන රේඩාර් පද්ධතියක් ස්ථාපිත කොට මෙහෙයුම් සඳහා යොදා ගැනීම
04.12.1974 යානයේ සිටි මගීන් 191 දෙනාටම මරු කැඳවමින් මාටින් එයා(ර්) DC 8 ගුවන්යානය මස්කෙළියේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී විනාශ වීම

1972 - Sri Lanka Air Force registered a company called “Helitours” to promote tourism industry

11.09.1971 කොන්ඩෝ(ර්) ජර්මන් ගුවන් සේවයට අයත් බෝයින් වර්ගයේ ජම්බෝ ජෙට් යානය (B 747) කොළඹ ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට ‍ගොඩබෑම

15.11.1968 – ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන් තොටුපොල විවෘත කිරීම

1963 ධාවන පථය මීටර් 1840 සිට මීටර් 3368 දක්වා දීර්ඝ කිරීම සහ වසරකට මගීන් 150,000 ක ධාරිතාවයක් සහිතව පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීම ඇතුළුව කැනේඩියානු රජයේ මූල්‍ය ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපොල සංවර්ධනය ආරම්භ කිරීම

1960 – ශ්‍රී ලංකාවේ පළමු අභ්‍යන්තර ගුවන් සේවය වන උපාලි එයා(ර්) ආරම්භය

1958 – එයාර් සිලෝන් ගුවන් සේවය KLM රාජකීය ඕලන්ද ගුවන් සේවය සමග හවුල්කාරිත්වයකට එළඹීම

01.11.1957 – බ්‍රිතාන්‍ය රජය විසින් කටුනායක රාජකීය ගුවන් හමුදා කඳවුර ශ්‍රී ලංකාවට බාර දීම

1955 – 1955 ගුවන් සංතරණ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම

1951 කොටස් 51% ක හිමිකම ශ්‍රී ලංකා රජයටද කොටස් 49% ක් ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයටද හිමිකම් සහිතව එයාර් සිලෝන් ගුවන් සේවය සංස්ථාගත කිරීම
06.11.1950 ගරු අග්‍රාමාත්‍ය  ඩී.එස්. සේනානායක මැතිඳුන් විසින් ලංකා ගුවන් ඇකඩමිය විවෘත කිරීම
1950 1950 අංක 15 දරන ගුවන් සංතරණ පනත පැනවීම
1949 ලන්ඩන් බලා එයාර් සිලෝන් ගුවන් ගමන් ආරම්භ කිරීම
21.12.1949 එයාර් සිලෝන් හි ඩග්ලස් බැකොටා (VP-CAT  ලියාපදිංචි කළ) යානය තිරුචිරපල්ලි ගුවන් තොටුපොලේදී අනතුරකට ලක් වීම. ජීවිත හානි කිසිවක් සිදු නොවුවද යානයේ බඳට හානි සිදුවිය.
01.06.1948 ජාත්‍යයන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියට ශ්‍රී ලංකාව සිය එකඟතාව පලකිරීමට සහ ජාත්‍යයන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සාමාජිකයෙකු බවට පත් වීම

පෙබරවාරි 1947 – සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ DC-3 යාත්‍රා 3 ක් සහිතව සිලෝන් එයාර්වේස් සේවා ආරම්භ කිරීම

  

10.12.1947 – සිලෝන් එයාර්වේස් නාමය එයාර් සිලෝන් ලෙස වෙනස් කිරීමෙන් පසුව මදුරාසිය වෙත එහි පළමු ගුවන් ගමන

මාර්තු 1946 සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම
13.11.1946 ජේ.පී. ඔබේසේකර මහතාගේ ඔටෝක්‍රැඩ් ගුවන්යානය ලන්ඩනයෙන් ගමන් ආරම්භ කර අතරමැදි නැවතුම් 31කින් පසුව රත්මලාන ගුවන් තොටුපොලට ‍ගොඩබෑම

1945 – ශ්‍රී ලංකාවේ නැවතුමක් සහිතව ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය අතර ගුවන්සේවයක් ආරම්භ කිරීම

සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව රත්මලාන ගුවන් තොටුපොලේ පාලනය බාර ගැනීම

30.03.1943 – කොග්ගල කලපුවට දිය පිට ගමන් කළ හැකි යාත්‍රාවක් ගොඩබෑම

1942 – රාජකීය ගුවන් හමුදාව රත්මලාන ගුවන් තොටුපොලේ පාලනය බාර ගැනීම

1939 – හදිසි අවස්ථා ගුවන්තොටක් ලෙස පුත්තලමේ පාලවී ගුවන් තොටුපොල ඉදි කිරීම

28.02.1938 අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩෙකොට් විසින් රත්මලාන ගුවන් තොටුපොල නිල වශයෙන් විවෘත කිරීම

1938 සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ලෙස රජයේ වැඩ අධ්‍යක්ෂ පත් කිරීම
 
28.02.1938 කොළඹ සහ බොම්බාය අතර ගුවන් තැපැල් සේවය දියත් කිරීම

1937 – ගුවන් සංකරණ රෙගුලාසි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ගුවන්යානා තුනක් ලියාපදිංචි කිරීම

07.08.1935 – කොළඹ ගුවන් සමාජයේ පළමු ගුවන් තරඟය

1934 ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් කොළඹ ගුවන් සමාජය ස්ථාපිත කිරීම
1934 රත්මලානේ ගගන යාත්‍රාංගණයක් ඉදිකිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තීරණය

07.05.1931 – බොම්බායේ සිට පළමු ජාත්‍යයන්තර ගුවන්යානය කොළඹ තුරඟ තරඟ පිටිය වෙත පැමිණීම

25.12.1912 පියාසර කිරීම සඳහා - කොළඹ තුරඟ තරඟ පිටියේදී බ්ලෙරියොට් යානයේ පළමු ප්‍රයත්නය
07.12.1912 කොළඹ තුරඟ තරඟ පිටියේදී ‍බ්ලෙරියොට් යානය කොළඹ තුරඟ තරඟ පිටිය වෙත පැමිණීම

12.09.1911 – බ්ලෙරියෝට් ගුවන් යානය නෞකාවකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම

Hon. Sir John Kotelawala
Minister of Transport and Works
(September 1947 – March 1956)
Hon. Maithripala Senanayaka
Minister of Transport and Works
(March 1956 – March 1960)

Hon. Montague Jayewickrema
Minister of Nationalized Services, Shipping and Transport
(March 1960 – July 1960)
Hon. P. B. G. Kalugalle
Minister of Transport and Works
(July 1960 – June 1964)

Hon. Anil Moonesinghe
Minister of Communications
(June 1964 – March 1965)
Hon. E. L. B. Hurulle
Minister of Communication
(March 1965 – May 1970)

Hon. Leslie Gunawardene
Minister of Transport
(May 1970 – September 1975)
Hon. P. B. G. Kalugalle
Minister of Shipping, Tourism and Aviation
(September 1975 – July 1977)

Hon. Wimala Kannangara
Minister of Shipping, Aviation and Tourism
(July 1977 – February 1978)

President His Excellency J. R. Jayewardene
Ministry of Defense
(February 1978 – January 1989)


President His Excellency Ranasingha Premadasa
Minister of Defense
(January 1989 – May 1993)
President His Excellency D.B. Wijethunga
Minister of Defense
(May 1993 – August 1994)

Hon.Dharmasiri Senanayake
Minister of Tourism and Aviation
(August 1994 – July 2000)
Hon.Reggie Ranatunga
Minister of Civil Aviation
(August 2000 – October 2000)

Hon.Jeyaraj Fernandopulle
Minister of Civil Aviation & Airports Development
(October 2000 – September 2001)
President Her Excellency Chandrika Bandaranayaka Kumarathunga
Minister of Tourism and Aviation
(September 2001 – December 2001)

Hon. Gamini Athukorala
Minister of Transport, Highways and Civil Aviation
(December 2001 – January 2002)
Hon. Tilak Marapana
Minister of Transport, Highways and Civil Aviation
(January 2002 – April 2004)

Hon. Mangala Samaraeera
Minister of Ports & Aviation Services
(Apri 2004 – May 2007)
Hon. Chamal Rajapaksa
Minister of Ports, Aviation, Irrigation and Water Management
(May 2007 – April 2010)

President His Excellency Mahinda Rajapaksha
Minister of Ports and Aviation
(April 2010 – September 2010)
Hon.Piyankara Jayaratne
Minister of Civil Aviation
(September 2010 – to date)


ශ්‍රී ලංකාවේ සිය වසරක ගුවන් ගමන් ඉතිහාසය (1912 – 2012)

කොලින් බ්‍රවුන් නම් ඉංග්‍රීසි ජාතිකයෙකුගේ පරිහරණය පිණිස රැබෙන්ෆෙල්ස් නම් නෞකාවෙන් ගුවන්යානයක් පළමු වරට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුයේ 1911 සැප්තැම්බර් 12 වන දිනය.

ප්‍රංශයේ නිපදවන ලද එම යානය ‘අත්සානි 25’ අශ්වබල එංජිමකින් යුක්ත විය. 1909 ජුලි 25 දින ලුයි බ්ලෙරියොට් විසින් කැලායිස් සිට ඩෝවර් දක්වා ඉංගීසි ඕඩය හරහා පියාසර කිරීමෙන් පසුව එය ලෝකයේ හොඳම පියාසර යන්ත්‍රය ලෙස ප්‍රකට විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු පළමු මාස කිහිපය තුළ එය පියාසර කිරීම සඳහා යොදා නොගන්නා ලදී. එය ස්ථාන ගණනාවක ප්‍රදර්ශනය කළ අතර ගුවනේ ගමන් කළ හැකි මෙම අරුම පුදුම යන්ත්‍රය නැරඹීමට මහජනයා ප්‍රවේශපත් මිලදී ගන්නා ලදී.

1911 දෙසැම්බර් මාසයේදී ෆ්‍රාන්ස් ඔස්ටර් නම් ජර්මන් ජාතික ගුවන් නියමුවෙක් ශ්‍රී ලංකාවට පැමිණියේය. එට්රිච් ටෝබ් නම් තටු යුවල එකක් පමණක් ඇති යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර ඔස්ට්‍රියාවේ නිපදවා තිබූ එම යානය නිර්මාණය කර තිබුණේ ඔස්ට්‍රියානු - හංගේරියානු සම්භවයක් සහිත ඉගෝ එට්රිච් විසිනි. එය පරෙවියෙකුගේ හැඩය ගත් හෙයින් පරෙවියා සඳහා වූ ජර්මන් වචනය වන ටෝබ් එම යානය හැඳින්වීමට යොදා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් තලයට පියාසර කළ පළමු නියමුවා ඔස්ටර් විය. සිය පළමු ප්‍රයත්නයේදී යානයේ නියමු කුටියට නැගි ඔස්ටර් එංජිම පණගන්වා කොළඹ තුරඟ තරඟ පිටියේ තණ නිල්ල ඔස්සේ ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නොඉඳුල් ගුවන් ගැබට එක් විය. සිය පළමු ප්‍රයත්නයේදී අඩි 40 ක් පමණ ඉහළට යානය ගෙන යාමට ඔහු සමත් වුවත්, එය එක්වරම ඇද වැටි ඔහු සුළු තුවාල ලැබීය. ඔවුන් තවත් උත්සාහයක් දැරුවද එයද අසාර්ථක විය. ශ්‍රී ලංකා ගුවන් තලයට පියාසර කිරීමේ සිය තෙවන ප්රායත්නය සඳහා ඔස්ටර් යොදා ගනු ලැබුයේ කොලින් බ්‍රවුන්ගේ බ්ලෙරියොට් එක් තටු යුවලක් සහිත ගුවන් යානයයි. නමුත් තෙවන වරද ඔහු අවාසනාවන්ත විය. ඒ වන විට එම ගුවන් යානය කොළඹ රැකට් සමාජයේ ප්‍රදර්ශනය කරමින් තිබුණි. එහිදී ඔහුගේ යානය ඒ අසල පිහිටි රාජකීය විද්‍යාලයේ ගොඩනැගිල්ලක සිට ඉහළට ඔසවා තිබූ උණ බටයක වැදීම නිසා වහාම නැවතත් තුරඟ තරඟ පිටියට ගොඩ බෑමට සිදු විය. ඔහුගේ උරහිස අවසන්ධි වූ අතර ඔහුට කැපුම් හා තැළුම් තුවාල ලැබීය. ගුවන්යානයටද දැඩි අලාභ හානි සිදු විය. මෙම ගුවන් ගමන් කවරක් හෝ පූර්ණ පියාසර කිරීමක අත්‍යවශ්‍යය මුලික ලක්ෂණ සේ සැලකෙන ගුවනට නික්මීම, පරිභ්‍රමණය හා ආරක්ෂිතව ගොඩබෑම සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඔස්ටර්ගේ ගුවන්ගත වීමට ගත් උත්සාහයන් ශ්‍රී ලංකාවේ පළමු ගුවන් ගමන වීමට සුදුසුකම් නොලබයි.

ඉන් අනතුරුව 1912 දෙසැම්බර් 7 වන දින උදෑසන ප්‍රංශ ජාතිකයන් දෙදෛනක් වන ජෝර්ජ්ස් වර්මින්ක් සහ මාක් පෝප්රේ කොළඹ තුරඟ තරඟ පිටියේදී බ්ලෙරියොට් යානයකින් ගුවනට නික්ම, පියාසර කර, නිරුපද්‍රිතව යානය ගොඩ බස්සවමින් ශ්‍රී ලංකා ගුවනේ පළමු ගුවන් ගමන වාර්තා කරන ලදී.

යාර 600 ක් දිගැති ගුවන් ධාවන පථයක් ඉදිකිරීම සඳහා රජය විසින 1934 වසරේදී රත්මලාන ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 242 ක් අත්පත් කර ගන්නා ලදී. මදුරාසි ගුවන් සමාජයේ ප්‍රධාන පියාසර උපදේශක පියාසර ලුතිනන් හැරල්ඩ් ටින්ඩේල් - බිස්කෝ විසින් පදවන ලද ඩි හැමිලන්ඩ් පුස් මොත් වර්ගයේ යානය 1935 නොවැම්බර් 27 වන දින එම ගුවන් පථයට ගොඩ බස්සවමින් එහි පළමු ගුවන් ගමන සනිටුහන් කරන ලදී. එය ගුවන්තොටුපොලේ ‘මෘදු විවෘත කිරීම’ ලෙස සලකන ලදී.

එවකට ප්‍රවාහන සහ වැඩ අමාත්‍යවරයාව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා 1930 ගණන් වලදී ලංකා ගගන සමාජය හරහා පුද්ගලික පියාසර කිරීම් ප්‍රවර්ධනය කරන ලදී.

1938 පෙබරවාරි 28 දින සිවිල් ගුවන්සේවා සඳහා රත්මලාන ගුවන් තොටුපොල නිල වශයෙන් විවෘත කිරීම සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගුවන් තැපැල් යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ සිට ප්‍රථම සෘජු විධිමත් ගුවන් තැපැල් සේවාවේ සමාරම්භය, සන්නිවේදන සහ වැඩ අමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ ආරාධනයෙන් ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩෙකොට් මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පළමු ගුවන් තැපැල් සේවයේ ආරම්භය සනිටුහන් කරමින් යටත්විජිත භාර රාජ්‍ය ලේකම් සහ බොම්බාය සහ මදුරාසියේ ආණ්ඩුකාරවරුන්ගේ පණිවිඩ රැගත් නිල තැපැල් මලු තුනක් ආණ්ඩුකාර කැල්ඩෙකොට් ඉන්දියාවේ බොම්බායේ ටාටා පුත්‍රයෝ විසින් මෙහෙයවනු ලැබූ ඇමෙරිකන් වැකෝ ආසන හතරේ ගුවන්යානයේ කපිතාන් වෙත බාර දෙන ලදී. සමාරම්භක උත්සවයෙන් අනතුරුව, රැස්ව සිටි විශාල සහ සම්භාව්‍ය පිරිස ප්‍රමෝදයට පත් කරමින් ගගන සමාජයේ ‘ටයිගර් මොක්’ යානා කිහිපයක් සම්මාන ගුවන් උත්තමාචාරයක් පැවැත්වූ අතර එහිදී ආණ්ඩුකාර කැල්ඩෙකොට් උත්තමාචාරය පිළිගන්නා ලදී.

1940 දශකයේ මුල් භාගයේදී දෙවන ලෝක යුද්ධය උත්සන්න වීමත් සමගින් දිවයිනට පැමිණි මිත්‍ර හමුදා කටුනායක, වුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ පලාලිවල ගුවන් ධාවනපථ ඉදි කරන ලදී. හමුදා ගුවන් යානා මෙහෙයවීම සඳහා කොග්ගල ප්‍රදේශයේ මුහුදු - ගුවන්යානා කඳවුරක් ද ස්ථාපිත කරන ලදී.

විදේශ රටවල් බලා පිටත්වූ වාණිජ ගුවන්ගමන් සඳහා 1960 දශකයේ මුල් භාගය දක්වාම ප්‍රධානතම ගුවන් තොටුපල වූයේ රත්මලානයි.

1947 වසරේදී සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ අලුතින් පිහිටුවනු ලැබූ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස එල්.එස්.බි. (ලෙස්ලි) පෙරේරා මහතාත් ඔහුගේ ලේකම්වරයා ලෙස පලපුරුදු සිවිල් සේවකයෙකු වූ එම්. චන්ද්‍රසෝම මහතාත් රජය විසින් පත් කරන ලදී. එම දෙපාර්තමේන්තුවේ කාර්යාලය කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී.

යුද්ධයෙන් පසු අතිරික්ත වූ ඩග්ලස් ඩී සී 3 ගුවන්යානා තුනක් 1947 දී රජය මිලට ගන්නා ලදී. එම ගුවන්යානා තුන සීතා දේවි, විහාරමහා‍දේවි සහ සුනේත්‍රාදේවි ලෙස රැජිනියන් තිදෙනෙකුගේ නමින් නම් කරන ලද අතර එම සම්ප්‍රදාය වසර කිහිපයක් යන තෙක් පැවතුණි. නමුත් රජයට අයත් නව ගුවන් සේවයක උපත සිදුවීමට තවත් මාස කිහිපයක් ගත විය. සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති එම යානා නියමුවන් පුහුණු කිරීම සහ ගුවන් මාර්ග තහවුරු කිරීමේ රාජකාරි කටයුතු සඳහා පුළුල්ව යොදා ගන්නා ලදී. 1947 ජුනි මාසයේදී, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අදහසක් අනුව, එළඹෙන මැතිවරණයේ ඡන්දදායක නාමලේඛන ලැයිස්තු රැ‍ගෙන ඒම සඳහා විහාරමහාදේවි යානය ලන්ඩන් බලා පියාසර කරන ලදී. මෙම ඓතිහාසික නව දින ගුවන් ගමන, ශ්‍රී ලාංකේය ගගන යාත්ත්‍රිකයින්ට සහ විශ්වාසනීය DC 3 යානාවට සපුරා ගත හැකි දෑ කොතෙක්දැයි යන්න තවදුරටත් සනාථ කරන ලදි. එයා(ර්) සිලෝන් ගුවන් සේවයේ වාණිජ ගුවන් ගමන් සමාරම්භය සලකුණු කරමින් කපිතාන් පීටර් ප්‍රනාන්දු පදවනු ලැබූ මගීන් 16 ක් රැගත් සීතාදේවි යානය රත්මලාන ගුවන් තොටුපලින් පලාලි බලා පිටත්විය. එහි මඳ වේලාවක් නවතා තිබූ යානය එතැන් සිට මදුරාසිය බලා පිටත්වී එදිනම සවස් භාගයේ එම මාර්ගය ඔස්සේම කොළඹට ආපසු පැමිණියේය. එයා(ර්) සිලෝන් ගුවන් සේවයේ ප්‍රථම ගුවන් සේවිකාව වීමේ භාග්‍යය හිමි වූයේ එවකට එහි පිළිගැනීමේ නිලධාරිනිය වූ මාවිස් විජේරත්න මෙනෙවියයි. සමාරම්භක ගුවන් ගමන සඳහා කාර්ය මණ්ඩලයට නම් කර තිබූ ගුවන් සේවිකාව හදිසියේ අසනීප වූ බැවින් ඇය වෙනුවට විජේරත්න මෙනෙවිය කඩිනමින් ආදේශ කරන ලදී.

මගීන් සහිතව යාපනයේ සිට පිටත්ව තිරුචිරපල්ලි ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බෑමේදී ඩග්ලස් සී - 47 ලෙස ඩැකෝටා (VP – CAT ලෙස ලියාපදිංචි කර තිබූ) යානය යළි පිලිසකර කිරීමට නොහැකි ලෙස හානියට පත් වූ 1949 දෙසැම්බර් 21 දින සිදුවු අනතුර හැරුණු කොට, සිය අවුරුදු 32ක ඉතිහාසයේ එකදු මගී මරණයක් හෝ කිසිදා වාර්තා නොකළ එයාර් සිලෝන් ගුවන් සේවය ලෝකයේ වඩාත්ම නිරුපද්‍රිත ගුවන් සේවා අතරින් එකක් බවට පත්වීමේ ගෞරවය හිමි කර ගන්නා ලදී. එම අනතුරෙන් මගීන් 21දෙනා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනා දිවි ගලවා ගන්නා ලදී.

1947 සිට 1978 දක්වා සිය මෙහෙයුම් කාලය තුළ එයා(ර්) සිලෝන් ගුවන් සේවය ජාත්‍යයන්තර ගුවන් සේවා හතරක් සමග, එනම් ඔස්ට්‍රේලියන් ජාතික ගුවන් සේවය, KLM රාජකීය ඕලන්ද ගුවන් සේවය, බ්‍රිතාන්‍ය ගුවන් සේවා සංස්ථාව සහ VTA ප්‍රංශ ගුවන් සේවය සමග හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළඹෙන ලදී.

වසර 25 ක් තුළ එයාර් සිලෝන් ගුවන් සේවයේ සිව්වැනි ජාත්‍යයන්තර පාර්ශ්වකරු බවට පත්වෙමින් UTA ගුවන් සේවය දිගු දුර සේවා සඳහා ඩග්ලස් ඩී සී ජෙට් යානයක් සපයන ලදී. මුලින්ම ශ්‍රී ලාංකික කැබින් කාර්ය මණ්ඩල සහිතව UTA ගුවන් නියමුවන් මෙහෙයවන ලද DC – 8 යානය පසුව එයාර් සිලෝන් ගුවන් සේවය මුළුමනින්ම මිලට ගත් අතර සියයට 100ක්ම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සහිතව පියාසර කටයුතු සිදු කරන ලදී.

විදේශ බලපෑමේ විලංගු වලින් මිදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය දැරූ බලවත් පරිශ්‍රමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම මිලදී ගැනීම සියල්ලන්ගේම ඇගයීමට බඳුන් විය. අවසානයේදී එයාර් සිලෝන් ගුවන්සේවය තම දෙපයින් නැගී සිටීමට සමත් වුණි. ගුවන් සමාගමට වසර ගණනාවක් පුරා හිතෛෂීවන්තව සේවය ලබා දුන් DC – 3 යානා ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කිරී‍මත් සමගින් දෙවන ඇව්රෝ HS 748 යානාවද මිලයට ගනු ලැබිණි.

නමුත් වැඩිකල් ගතවීමට මත්තෙන්, ජාතික ගුවන් සේවයේ තත්වය යහපත් නොවන බවට වූ පළමු ලකුණු පහළ වන්නට විය. ඉන්ධන බිල්පත් නොගෙවීම හේතුවෙන් යුරෝපීය බලධාරීන් DC – 8 යානයක් පරිරෝධනය කරන ලද අතර 1977 වසරේ අග භාගයේදී ජාත්‍යයන්තර සේවා අත්හිටුවනු ලැබීමත් සමගින් කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්යය දැඩි කඩා වැටීමකට ලක් වුණි.

කෙසේ වෙතත්, ට්‍රයිඩන්ට් යානයෙන් සහ ඇව්රෝ යානා දෙකෙන් අභ්‍යන්තර සහ කලාපීය මෙහෙයුම් ධෛර්යමත්ව පවත්වා ගෙන යන ලදී. 1978 සැප්තැම්බර් 7 වන දින එයාර් සිලෝන් ගුවන් සේවයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණි. යාපනයේ සිට ආපසු පැමිණ රත්මලාන ගුවන් තොටුපලේ නවතා තිබූ ඇව්රෝ යානයක සවිකර තිබූ බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් එය අළු ගොඩක් බවට පත් විය. ප්‍රාතිහාර්යකට මෙන් ඉන් කිසිදු ජීවිත හානියක් සිදු නොවිණි. යාන්තමින් හෝ මෙහෙයුම් පවත්වා ගැනීමට ඉතිරිව තිබූ ට්‍රයිඩන්ට් සහ ඇව්රෝ යානයට අඛණ්ඩ අරගලයක නියැලීමට 1978 දී එයාර් සිලෝන් ගුවන් සේවාව වසා දැමීමෙන් පසුව 1979 ජුලි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් එයා(ර්) ලංකා ගුවන් සේවය ස්ථාපිත කරන ලදී. ආරම්භයේදී නව ගුවන් සේවය සිංගප්පූරු ගුවන් සේවයන් කල් බදු ක්‍රමය යටතේ ලබාගත් බෝයිං 707 යානා දෙකක් යොදාගනිමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ නමුත් 1979 දී එම යානා දෙක මිලට ගැනීමත් සමග ඒවායේ පූර්ණ අයිතිය එයා(ර්) ලංකා වෙත හිමිවුණු අතර කෙටි දුර සේවා සඳහා බෝයිං 737 යානයක් ලබා ගන්නා ලදී. 1980 ගණන් වලදී ගුවන් සේවය සේවා සපයනු ලබන ගමනාන්ත සංඛ්‍යාව ඉහළ නැංවූ අතර සිය යාත්‍රා ඇණියට තවත් යානා එක් කර ගන්නා ලදී. 1980 සිට 2000 දක්වා ගුවන් සමාගමේ මෙහෙයුම් සඳහා යොදවා තිබූ ලොක්හීඩ් L 1011 ට්‍රයිස්ටාර් ගුවන්යානය සමාගම සතුව තිබූ හොඳම යානය විය.

දස අවුරුදු උපාය මාර්ගික හවුල්කාරිත්වයක් සඳහා 1998 වසරේදී ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් ගුවන් සමාගම අත්සන් තැබූ ගිවිසුම සමගින් එතෙක් රජයට පූර්ණව හිමිව තිබූ එයාර් ලංකා ගුවන් සේවය ඩුබායි පදනම් කරගත් එමිරේට්ස් සමූහ සමාගම වෙත අර්ධව පුද්ගලීකරණය කරන ලදී. මෙම ගිවිසුමට සියලු ගුවන්යානා බිම් මෙහෙයුම් කටයුතු, දස අවුරුදු කාලසීමාවක් සඳහා කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ආහාරපාන සේවා සහ වසර හයක කාලසීමාවක් සඳහා රටේ ගුවන් ගමන් පථ භාවිතය සඳහා පූර්ණ අයිතිය ඇතුලත් වුණි. ඇ.ඩො. මිලියන 70 ක් වටිනා කොටස් 40% ක් එමිරේට්ස් මිලයට ගත් අතර (පසුව ඔවුන් එය 43.6% දක්වා වැඩි කර ගන්නා ලදී) සමාගමේ ප්‍රතිරූපය ගොඩ නංවා සහ යානා ඇණිය නවීකරණය කරන ලදී. රජය ගුවන් සේවයේ බහුතර කොටස් රඳවා ගත් අතර ආයෝජන සහ කළමනාකරණ තීරණ සඳහා සම්පූර්ණ පාලනය එමිරේට්ස් වෙත ලබා දෙන ලදී.

1998 වසරේදී එයාර් ලංකා ගුවන් සේවය ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ලෙස යලි නම් කරන ලදී. තමන් සතු එයා(ර්) බස් A340-300 සහ A320-200 වර්ගයේ ගුවන්යානා බල ඇණියට එයාර් බස්  A330-200 යන හයක් එක් කිරීම මගින් එය තවදුරටත් ශක්තිමත් කරන ලදී. ගුවන් සේවයේ ප්‍රතිරූපයට ප්‍රබල ශක්තියක් ගෙන එමින් පරිගණක නියාමක අති නවීන එයාර්බස්  A320 යානා සිය ඇණියට එක් කළ අතර එම ගුවන්යානා යොදාගත් ආසියාවේ පළමු ගුවන් සේවය වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි. A320 – 200 ගුවන් යානා ගුවන් සේවයට පත්වූයේ 1999 ඔක්තෝබර් සහ 2000 ජුලි අතරය.

එමිරේට්ස් සහ ශ්‍රී ලංකා රජය අතර කළමනාකරණ ගිවිසුම 2008 මාර්තු 31 දිනෙන් අවසන් විය. ගුවන් සේවා දෙක අතර පැවති සියලු අනුබද්ධතා නිමාවකට ගෙන එමින් එමිරේට්ස් සතුව තිබූ කොටස් ඇ.ඩො. මිලියන 53කට 2010 වසරේදී ශ්‍රී ලංකා රජයට විකුණා දමන ලදී. ගුවන්යානය 2012 දී වන්වර්ල්ඩ් ගුවන්සේවා සන්ධානය සමග එක්වන ලදී.

2006 ඔක්තෝබර් 27 වන දින සංස්ථාපිත මිහින් ලංකා, කොළඹ නගරය කේන්ද්‍ර කොටගත් අඩු වියදම් ගුවන් සේවයකි. මුළුමනින්ම ශ්‍රී ලංකා රජයට අයත් එය 2007 අප්‍රේල් 24 දින සිය මෙහෙයුම දියත් කරන ලදී. එය බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපලේ සිට ඉන්දියානු උප මහාද්වීපයේ, ගල්ෆ් රාජ්‍යයෙන් සහ ගිණිකොන දිග ආසියාවේ නගර ගණනාවකට නියමිත ගුවන් ගමන් පවත්වයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් ලංකා අතර ඒකාබද්ධ කිරීමේ ව්‍යායාමයේ කොටසක් ලෙස මිහින් ලංකා සිය හවුල්කරු වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කේත බෙදා හදා ගැනීම සිදු කරයි.

සුරක්ෂිතභාව අධීක්ෂණ කර්තව්‍ය ඉටුකිරීමට රජයට ඇති හැකියාව වැඩි දියුණු කරනු වස් ජාත්‍යයන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සිදුකළ නිර්දේශයකට ප්‍රතිචාර ලෙස, 2002 වසරේදී රජය සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව අහෝසි කර 2002 අංක 34  දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පනත ප්‍රකාරව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පිහිටුවන ලදී. 1950 අංක 15 දරන ගුවන් සංකරණ පනත වෙනුවට 2010 අංක 14 දරන  සිවිල් ගුවන් සේවා පනත හඳුන්වා දෙනු ලැබූ අතර වර්තමාන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සිවිල් ගුවන් සේවා කටයුතු පරිපාලනය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන ඇති කරන ලදී.

ගුවන් ගමන් සම්බන්ධ සුරක්ෂිතබව පාලනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාවන්  පිළිබඳව 2010 ඔක්තෝබර් 24 - 30 දක්වා කාලය තුළ විගණනය පැවැත්වූ ජාත්‍යයන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සොයා ගනු ලැබුවේ ජාත්‍යයන්තර ප්‍රමිති සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව රජය දක්වන අනුකූලතාව 85%කටත් වඩා වැඩි බවය. එම තත්වය සමස්ත ලෝක අනුකූලතාවෙහි සාමාන්‍ය මට්ටමට වඩා වැඩි ඉහළ අගයක් ගන්නා බව පෙනී යයි. සමස්ත විගණන ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සහ පැසිපික් කලාපයේ රාජ්‍ය 34 අතුරින් 4 වන ස්ථානයටත් ‍ලෝකයේ රාජ්‍ය 181 අතුරින් 19 ස්ථානයටත් ශ්‍රේණිණිගත කොට තිබුණි

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයවීම සහ නඩත්තුව සඳහා 1979 වසරේදී රජය විසින් ගුවන් තොටුපොල අධිකාරියක් පිහිටුවන ලද අතර එය පැවතියේ වසර තුනක් පමණි. වර්ෂ 1983 දී ගුවන් තොටුපොල අධිකාරිය වෙනුවට ඒ වන තෙක් සිවිල් ගුවන් සේවා දෙපාර්තමෙන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමනාගමන සේවාවක් සැපයීම සඳහා රජය විසින් සමාගම් පනත යටතේ නියෝජිතයෙක් ඇති කරන ලදී. මෙම නියෝජිතයා සී/ස ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වශයෙන් හඳුනාගන්නා ලද අතර පසුව එය සිවිල් ගුවන් සේවා පනත යටතේ ව්‍යවස්ථාපිත සේවා සැපයුම්කරු වශයෙන් හඳුනාගනු ලැබීය.

කැනඩා රජයේ ආධාර යටතේ 1963 දී කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොල සංවර්ධනය කරන ලදී. 1968 දී සංවර්ධන කටයුතු නිමාවීමත් සමගින් ජාත්‍යයන්තර ගුවන් ප්‍රවාහන මෙහෙයුම් කටයුතු රත්මලානේ සිට කටුනායක වෙත රැගෙන යන ලදී. ආරම්භයේදී ගුවන් තොටුපොල සතුව පැවති මගී මෙහෙයුම් ධාරිතාවය වසරකට මිලියන 1.5 ක් වූ අතර, අනතුරුව 2005 නොවැම්බර් මාසයේදී සම්පූර්ණ කරන ලද ගුවන් තොටුපොල සංවර්ධන වැඩසටහන් අදියර I සහ අදියර  II යටතේ එක් රේගුවක් සහ ඒ හා සම්බන්ධ ගගනපාලම් අටක් සමගින් එම සංඛ්‍යාව වසරකට මිලියන 6 ක් දක්වා ඉහළ නැංවුණි.

රටේ දෙවන ජාත්‍යයන්තර ගුවන් තොටුපොල හම්බන්තොට, මත්තල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කළ අතර මෙම ගුවන්තොටුපොලේ ගුවන් තොටුපොල සංවර්ධන කටයුතු වර්ෂ 2009 නොවැම්බර් මස 19 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දියත් කරනු ලැබීය. මෙම ගුවන්තොටුපොල 2013 මාර්තු 18 වන දින විවෘත කරන ලදී.

එච්.එම්.සී. නිමල්සිරි
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්
සිවිල් ගුවන්සේවා අධිකාරිය ශ්‍රී ලංකාව

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 98  ක් සබැදී සිටී