.




TamilSriLankaEnglish (UK)
:

පියසර නිරුපද්‍රතතා ශාඛාව - පොදු දසුන

 පියසර නිරුපද්‍රතතා ශාඛාවේ ප්‍රධාන වගකීම් භාරය වනුයේ ශ්‍රි ලංකාව ඇතුලත සහ ශ්‍රි ලංකාවෙන් පිටතට මෙහෙයුම් සිදු කරන ගුවන් ප්‍රවාහන සමාගම් සහතික කිරීම සහ සෝදිසිය, ගුවන් සේවා කාර්යයන්හි නිරත වන පුද්ගලයින් සහ ගුවන් සේවා පුහුණු සංවිධාන සහතික කිරීම සහ ශ්‍රි ලංකාව තුළ ගුවන් යානා ලියා පදිංචි කිරීමට සහ අඛණ්ඩ ගුවන් යෝග්‍යතාවට අදාල කාර්යයන්ය. මෙම ක්ෂෙත්‍රයන්ට අදාල කාර්යයන් ඉටු කරන අංශ තුන වනුයේ පිළිවෙලින් පියසර මෙහෙයුම් අංශය, පුද්ගල බලපත්‍ර අංශය, සහ ගුවන් යෝග්‍යතා අංශයයි.

ශාඛාවේ ප්‍රධානත්වය දරන්නේ නිරැපද්‍රතතා කාර්යයන්ට අදාලව පිලිගත හැකි අනුවෘත්‍යය මට්ටමකින් නිසි කලට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම දරන ව්‍යාපෘති කළමනාකරු වශයෙන් ගුවන් යානා මෙහෙයුම් කරුවන්ට සම්බන්ධ මූලික සහතික කිරීමේ කාර්යයන්ද භාරගෙන කටයුතු කරන අධ්‍යක්ෂ වරයෙකි. නිරුපද්‍රතතා විමර්ශන පැවැත්වීම සහ මෙහෙයුම් කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන නිවරද කිරීමේ සැලසුම් සම්බන්ධ පසු කටයුතු ඉටු කිරීම පිළිබද වගකීමද මෙම ශාඛාව විසින් දරනු ලැබේ.

තව දුරටත් ගුවන්යානා මෙහෙයුම් කරුවන්, ගුවනයානා නඩත්තු සංවිධාන සහ ගුවන් සේවා පුහුණු සංවිධාන සදහා නිරුපද්‍රතතා ඉලක්ක ලබා දීම සහ අධීක්ෂණය කිරීමද ශ්‍රි ලංකා රාඡ්‍ය නිරුපද්‍රතතා වැඩ සටහන යටතේ මෙම ශාඛාව වෙත පැවරෙන වගකීමක් වේ.

COSCAP-SA, SARE හෝ ICAO වැනි කලාපීය සහයෝගීතා වැඩසටහන් සහ සංවිධාන සමග අදාල විෂය කේෂත්‍ර සම්බන්ධව සහයෝගීතාව සහ සමායෝඡනය පැවැත්වීමද මෙම ශාඛාව විසින් නිසි වගකිම සහිතව ඉටු කරනු ලබන කාර්යයකි.

 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 107  ක් සබැදී සිටී