.
TamilSriLankaEnglish (UK)
:

1. මා හට ගුවන් යානයක ගිනි අවි / ආයුධ සහ උණ්ඩ රැගෙන යා හැකිද ?
පුළුවනි. නමුත් ඒ භාණ්ඩ රැගෙන යාම සඳහා වෙන් කරන ලද කොටසේ පමණක් වන අතර ඒ සඳහා ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
2. ඒ සඳහා අනුමැතිය ලබා ගත හැක්කේ කෙසේද ?
අදාළ තොරතුරු / ලේඛන සහිතව ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
3. අදාල තොරතුරු / ලේඛන මොනවාද?
  • රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය පලකිරීමේ ලිපිය
  • ගුවන් ගමන් තොරතුරු - දිනය, වේලාව, ගුවන් ගමන් අංකය සහ මාර්ගය
  • ගිනි අවි/ආයුධ සහ උණ්ඩ පිළිබඳ තොරතුරු (අනුක්‍රමික අංකය, ප්‍රමාණය, වර්ගය, වෙළඳ නාමය, තුවක්කු බට / උණ්ඩ ආදියේ ඇතුළත විෂ්කම්භය සහ අනෙකුත් උපාංග)
4. මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද?
ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක් (වැඩකරන දිනයන්හි)
5. මා හට ගිනි අවි / ආයුධ සහ උණ්ඩ ගුවන් භාණ්ඩ ලෙස යැවිය හැකිද ?
ඔව්, ඔබට පුළුවනි. ඒ සඳහා ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ලිඛිත අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වේ.
6. ඒ සඳහා අනුමැතිය ලබාගත හැක්කේ කෙසේද?
ගුවන් සේවයේ බිලපත් අංකය සමගින් ඉහත සඳහන් කර ඇති (ප්‍රශ්ණය 3) තොරතුරු / ලේඛන සහිතව ඔබ සි.ගු.සේ. අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් කිරීම අවශ්‍ය වේ.
7. අතේ රැගෙන යන ගමන් මල්ලේ පිහියක් / කතුරක් රැගෙන යා හැකිද ?
නොහැක. නමුත් එබඳු භාණ්ඩ ඔබට යානයේ භාණ්ඩ කුටියේ තබන ඔබගේ ගමන් මලුවල රැගෙන යා හැක. එසේම ඔබ අතේ රැගෙන යන ගමන් මලලේ රැගෙන යා නොහැකි තවත් භාණ්ඩ කිහිපයක් වේ. ඒවාට පහත සඳහන් දෑ අයත් වේ.
  • පිහි හෝ කැපීම සඳහා යොදා ගන්නා උපකරණ – වක් කඩු, කඩු, කාඩ්බෝඩ් කපනයන, දඩයම් පිහි, සමරු පිහි, ආත්මාරක්ෂක සටන් ක්‍රමවලදී යොදා ගන්නා උපකරණ, වෘත්තිමය කැපුම් උපකරණ සහ සෙ.මී. 6 හෝ ඊට වඩා දිගැති තලයක් සහිත අනෙකුත් පිහි, සහ / හෝ දේශීය නීති අනුව නීති විරෝධී යැයි සැලකෙන පිහි
  • මුගුරු – බ්ලැක්ජැක් (ඊයම් පිරවූ නැමෙනසුළු මුගුරු විශේෂයකි) බිලි ක්ලබ් (කෙටි මුගුරු වර්ගයක්), බේස්බෝල් පිති හෝ සමාන උපකරණ
  • අබලකාරක හෝ බෙලහීන කරන උපකරණ – විදීම සඳහා ගන්නා පිස්තෝලයන්, කැනිස්ටරයන් හෝ වෙනත් භාජනයක් තුළ ඇති සියලු කඳුළු ගෑස්, අබල කාරක රසායනික ද්‍රව්‍ය, අඩංගු සීකර සහ වෙනත් සිහි නැති කිරීමේ හෝ කම්පනයට පත් කළ හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ බඳු අබලකාරක උපකරණ
  • වෙනත් භාණ්ඩ – සෙල්ලම් හෝ ආයුධ හෝ අත් බෝම්බ ඇතුළුව මාරාන්තික හෝ අනතුරුදායක අවියක් සේ සාමාන්‍යයෙන් නොසැලකුවද ආයුධයක් සේ භාවිතා කළ හැකි අයිස් කැඩීමට ගන්නා කටු, කඳු නගින්නන් භාවිතා කරන යකඩ පිල්ලක් සහිත දඬු, දැලි පිහි, දිගටි කතුරු ආදී භාණ්ඩ
8. විශේෂ අවශ්‍යතා ඇති මගීන් සහ ගතිකර (pacemaker) සහිත මගීන් ලෝහ සංවේදන හරහා ගමන් කර හෝ පසු කර යාමට නොසලස්වා පරීක්ෂා කිරීමේ විකල්ප ක්‍රමවේදයක් තිබේද ?

ඔව්. ගර්භනී කාන්තාවන්, ඉතා ඉහළ වටිනාකමක් සහිත ද්‍රව්‍ය රැගෙන යන මගීන්, ගතිකර සහිත මගීන් සහ අඩු සචලතාව සහිත මගීන් ආදී ඉතා ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු මගීන් ලෝහ සංවේදක හරහා ගමන් කිරීමට සැලැස්වීමෙන් තොරව වෙනම ස්ථානයක පරීක්ෂා කරනු ලැබේ. කෙසේ වෙතත්, පරීක්ෂා කරන ස්ථානයේදී එම මගීන් ආරක්ෂක කාර්ය මණ්ඩලයෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුය.

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 16-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 57  ක් සබැදී සිටී