.
TamilSriLankaEnglish (UK)
:

සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව

1946 පෙබරවාරි මාසයේදී සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවක් නිර්මාණය කර, සහායට ප්‍රධාන ලිපිකරුවෙකු, තවත් ලිපිකරුවන් දෙදෙනෙකු සහ එක් කාර්යාල පණිවුඩකරුවෙකු සමඟ ලංකා සිවිල් සේවයේ එල්.එස්.බි. පෙරේරා මහතා සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ වශයෙන් පත් කිරීමේ පටන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කාර්යයන් රජයේ විධිමත් නියාමනයට යටත් කරනු ලැබ ඇත.

ආරම්භයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ස්ථාන ගතකර තිබුණේ ලෝටස් පාරේ පිහිටි, වර්තමානයේ ට්‍රාන්ස්වර්ක් හවුස් යනුවෙන් හඳුන්වනු ලබන, රජයේ වැඩ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එවකට ගරාජයක් සහ ගබඩාවක් වශයෙන් පාවිච්චි කරන ලද ගොඩනැගිල්ලකය. මෙම ගොඩනැගිල්ලට වෙනස්කම් කිහිපයක් සිදු කරමින් 1994 දක්වා සිවිල් ගුවන් සේවා දෙපර්තෙන්තුව එහි පවත්වාගෙන යන ලදී. 1994 දි එය කොලඹ කොටුවේ සර් බාරොන් ජයතිලක මාවතේ අංක 18 දරණ ස්ථානයේ පිහිටි රිපබ්ලික් ගොඩනැගිල්ලේ කොටසකට ස්ථාන මාරු කරන ලදී.

යලිත් එය 1997දි කොළඹ 03 , ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයෙහි “සුප්‍රීම්” ගොඩනැගිල්ලට ගෙන යන ලදී. 2000 වර්ෂයේදී සිවිල් ගුවන්සේවා සහ සංචාරක අමාත්‍යංශය වෙන වෙනම අමාත්‍යංශ දෙකක් බවට පත්වීමත් සමඟ සිවි; ගුවන් සේවා දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ටෙරස්හි අංක 29 දරණ ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙනයාමට සිදුවිය. 2001 වර්ෂයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නැවතත් එය පෙර පිහිටුවා තිබුණු ස්ථානය වන කොළඹ 03, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයට ආපසු මාරු කරන ලදී.

ආරම්භයේදී වාණිජ ගුවන් ප්‍රවහන සේවා මෙහෙයුම් කිරීම ඇතුළු සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ සියළුම කාර්යන් ඉටුකිරීම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට පැවරී තිබිණ.එයාර් සිලෝන් ආයතනය පිහිටුවීමත් සමඟ 1952 දී වාණිජ ගුවන් ප්‍රවාහන සේවා මෙහෙයුමට අදාළ කාර්යන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලදී. 1978දි, ගුවන් තොටුපොල සංවර්ධනය, මෙහෙයුම සහ නඩත්තුව සඳහා රජය විසින් ගුවන් තොටුපොල අධිකාරිය පිහිටවනු ලැබීමත් සමඟ එකී කාර්යන්ද සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කරන ලදී. 1982 දී රජය විසින්, රජයේ නියෝජිතයෙකු වශයෙන් “සී/ස ගුවන් තොටුපොල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) “ නමින් යුත් සම්පුර්ණයෙන්ම රජයට අයිති සීමිත වගකීම් සමාගමක් පිහිටුවන ලදුව ගුවන් තොටුපොළ මෙහෙයුම සහ ගුවන්ගුවන් සoතරණ පහසුකම් සහ සේවා සියල්ලට අදාළ සියළුම’ මෙහෙයුම් කටයුතු එම සමාගමට මාරු කරන ලදී. එතැන් පටන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නියාමන සේවා සැපයීමට පමණක් සීමාවූ ආයතනයක් බවට පත්විය. ශ්‍රී ලංකාව මතපැවරී ඇති නිරුපද්‍රිතතා සහ සුරක්ෂිතතා අධීක්ෂණ කාර්යන් ඉටු කිරීමේ වගකීම ඵලදායි අන්දමින් සපුරාලීම සඳහා අවශ්‍යවන රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ICAO විසින් කරන ලද නිර්දේශයකින් අනතුරුව, 1997 දී , ශ්‍රී ලංකා රජය, සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමත්, ඒ වෙනුවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීමටත් තීරණය කළේය.

ආරම්භයේ පටන් පහත නම් සඳහන් නිලධාරින් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ , දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් සේවය කර ඇත.

  නම සිට දක්වා
1 එල්.එස්.බි. පෙරේරා  මහතා (සි.සි.එස්.)  1946 1949 
 එම්. චන්ද්‍රසෝම මහතා (සි.සි.එස්.)  1949 1949 
 පී. නදීසන් මහතා (සි.සි.එස්.)  1949 1954 
4 කපිතාන් ඩි. කොතලාවල (දෙපාර්තමේන්තු සේවා)  1954 1956 
5 එල්.එස්.බි පෙරේරා මහතා (සි.සි.එස්.)  1956  1957
6 ඉ.එල්. විජේනායක මහතා (සි.සි.එස්.)  1957 1961 
7 ඩබ්ලිව්. එල්. පී.ද මෙල් මහතා (සි.සි.එස්.) 1961  1971 
8 මිල්ටන් අපොන්සු මහතා (එස්.එල්. ඒ. එස්.)  1971 1975 
9 කපිතාන් සී.එච්.එස්.  අමරසේකර මහතා (දෙපාර්තමේන්තු සේවා)  1976 1976 
10 ඩි.බී.අයි.පී.එස්. සිරිවර්ධන මහතා (සි.ඒ.එස්)  1976 1977 
11 ඩි. ජේ. බණ්ඩාරගොඩ මහතා (එස්.එල්. ඒ. එස්.)  1977 1978 
12 මර්වින් පෙරේරා මහතා (එස්.එල්. ඒ. එස්.)  1978 1978 
13 ඩි. එච් එස්. ඇතුලත්මුදලි මහතා (එස්.එල්. ඉ.එස්.)  1978 1979 
14 එච්.බි. විජේකෝන් මහතා  1979 1983 
15 ඩි.සී..ටි. ජෑන්ස් මහතා (එස්.එල්. ඒ. එස්.)  1983 1985
16 එම්. එල්.යු. ද.එස්. මලල්ගොඩ මහතා (එස්.එල්. ඒ. එස්.) (ඩි.ජී.සී.එ)  1985 1997 
17 ලාල් ලියනාරච්චි මහතා (එස්.එල්. ඒ. එස්.)  1997 2002 
18 එච්.එම්.සී. නිමල්සිරි මහතා (දෙපාර්තමේන්තු සේවා)  2002 26.12.2002 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 24-11-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 138  ක් සබැදී සිටී