.
TamilSriLankaEnglish (UK)
:

ගගන යාත්‍රාංගන අංශය 

ගගන යාත්‍රාංගන සහ හෙලිපෝර්ට් (Heliport) සදහා වන ප්‍රමිති සහ ඡාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සදහා පහසුකම් සැපයීම ඇතුලු ශ්‍රි ලංකාව තුළ පිහිටි ගගන යාත්‍රාංගන, ඡලාශ ගගන යාත්‍රාංගන සහ හෙලිපෝර්ට් වලට අදාළ නිරුපද්‍රතතාව සම්බන්ධ නියාමන කාර්යයන් ඉටු කිරීම සදහා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ඡෙනරාල්ට සහාය වීමේ වගකීම පැවරී ඇත්තේ මෙම අංශයට ය.

ඉහත කී අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා මෙම අංශය පහත සදහන් කාර්යයන් ඉටු කරයි:

  • ගුවන් සංතරණ පනත සමාලෝචනය කරමින්, ගගන යාත්‍රාංගන කෙෂ්ත්‍රයන්ට අදාළ එහි කිසියම් සංශෝදනයක් කිරීම අවශ්‍ය වන අවස්ථාවන්හි ඒ පිළිබදව අධ්‍යක්ෂ ඡෙනරාල්වරයාට උපදෙස් දීම‍
  • ගගන යාත්‍රාංගන කෙෂ්ත්‍රයන්හි දේශීය රෙගුලාසි, රීති සහ අවශ්‍යතා කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • ඡාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ 9 ඇමුණුමෙහි සහ 14 ඇමුණුමෙහි ඇතුළත් අදාළ ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන් සම්මත කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • ගගන යාත්‍රාංගන හා සම්බන්ධ නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන් සදහා මග පෙන්වීම් ලේඛන පිළිවෙල කිරීම
  • ගගන යාත්‍රාංගන හා සම්බන්ධ නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන් සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය පුහුණු කිරීම
  • ශ්‍රි ලංකාව තුළ ගගන යාත්‍රාංගන සේවා සපයන්නන් සදහා සහතික පත් නිකුත් කිරීම
  • නිරුපද්‍රතතා සෝදිසි කාර්යයන් සිදු කිරීම සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සේවා සැපයීම සිදු කෙරෙන බවට සහතික වීම සදහා ගගනයාත්‍රාංගන තුළ හදුනාගත් ඌණතා නිවරද කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම
  • ගගන යාත්‍රාංගන හා සම්බන්ධ රාඡ්‍ය නිරුපද්‍රතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ගගන යාත්‍රාංගන මෙහෙයුම් කරුවන්ට ඔවුන්ගේ සංවිධාන තුළ ඔවුන්ගේම  නිරුපද්‍රතතා කළමනාකරණ ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහාය වීම
  • ගගන යාත්‍රාංගන තුළ හදුනාගත් නිරුපද්‍රතතා අඩුලුහුඩුකම් සහ ඌණතා කෙරෙහි ප්‍රතිචාර දැක්වීම
  • නිරුපද්‍රතතා අධීක්ෂණ කාර්යයන්ට අදාළව අවශ්‍ය වන සම්මන්ත්‍රණ, වැඩමුලු සහ රැස්වීම් පැවැත්වීම
  • ගගන යාත්‍රාංගන සහ භූමි ආධාරක සම්බන්ධයෙන් ICAO හි අඛණ්ඩ අධීක්ෂණ ප්‍රවේශ විගණන වැඩ සටහන (CMA) සමග යාවත්කාලව සිටීම
  • ආසියා-ශාන්තිකර කලාපීය ගුවන් සංතරණ සැලැස්මට අනුකූලව ඡාතික ගුවන් සංතරණ සැලැස්ම සකස් කිරීම/ ක්‍රියාත්මක කිරීම සදහා ගගන යාත්‍රාංගන මෙහෙයුම් කරුවන්ට උපදෙස් දීම/ සහාය වීම
  • ඡාතික ගුවන් ප්‍රවාහන සුසාධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම
  • සිවිල් ගුවන් තොටුපොළ වටා ආරක්ෂිත ප්‍රදේශ වශයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශ තුළ බාධක සීමා කිරීමේ පෘෂ්ඨයන් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම
  • ගුවන් සේවාවට  උපද්‍රවයක් බවට පත් විය හැකි උස් ගොඩනැගිලි/ නිර්මාණ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම

ගගන යාත්‍රාංගන අංශය විසින් පහත සදහන් සේවා සපයනු ලැබේ :-

  • ඡලාශ ගගන යාත්‍රාංගන මෙහෙයුම් කිරීම සදහා සහතික නිකුත් කිරීම
  • ගගන යාත්‍රාංගන සහතික නිකුත් කිරීම
  • ගුවන් තොටුපොළ මහා සැලසුම් සදහා අනුමැතිය දීම
  • සැලසුම් කිරීමේ කාර්යය සදහා උස් ගොඩනැගිලි/ නිර්මාණ වෙනුවෙන් උස පැහැයුම් නිකුත් කිරීම
  • උස් ගොඩනැගිලි/ නිර්මාණ වෙනුවෙන් උස පැහැයුම් නිකුත් කිරීම
  • හෙලිපෝර්ට්ස් සදහා අනුමැතිය දීම

ඉල්ලුම් පත්‍ර:

  • උස් ගොඩනැගිලි/ නිර්මාණ සදහා උස පැහැයුම් ඉල්ලුම් පත්‍රය
  • උස් ගොඩනැගිලි/ නිර්මාණ සදහා මූලික උස පැහැයුම් ඉල්ලුම් පත්‍රය
  • අනියම් පියසර සදහා පැහැයුම් ඉල්ලුම් පත්‍රය
  • රාඡ්‍ය දූපැහැයුම් ඉල්ලුම් පත්‍රය
  • නියමුවන් රහිත ගුවන් යානා (ඩ්‍රෝන) මෙහෙයුම සදහා ඉල්ලුම් පත්‍ර

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 14-09-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 78  ක් සබැදී සිටී