News Feeds

Initial Discussion on the Establishment of Hot Air Balloon O...

06 November 2026

The Civil Aviation Authority of Sri Lanka held an initial...

Proposal to Establish a Research and Data Processing Unit at...

06 November 2026

The Aviation Security & Facilitation Section of the Civil Aviation...

 
 
 
2026 ජූලි මස 15 වන දින සිට ජූලි මස 19 වන දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි කැඩෙට්, ජූනියර්, වයස අවුරුදු 21න් පහළ හා ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය සහ දෙවැනි වයස අවුරුදු 14න් පහළ දකුණු ආසියානු කරාතේ කුසලානය සඳහා සහභාගී වී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර දුන් වයස අවුරුදු 10න් පහළ කේවල කාතා (Under-10 Individual kata) ඉසව්වේ රිදී පදක්කම්ලාභී එම්. අයාන් සහ වයස අවුරුදු 12න් පහළ කේවල කාතා (Under-12 Individual Kata) ඉසව්වේ රිදී පදක්කම්ලාභී රොනෙල් පෙරේරා දිවයිනට පැමිණි අවස්ථාවේ, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඔවුන් වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කළේය.
 
මෙහිදී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර කරාතේ ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තැබීමට මෙම ක්‍රීඩකයින් දෙදෙනා දැක්වූ දක්ෂතාව, කැපවීම, විනය සහ අධිෂ්ඨානය ඉතා අගය කළ අතර, ඔවුන්ගේ ජයග්‍රහණ සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් බව සඳහන් කළේ
ය.
මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව ජවයක් ලබාදෙන අතර, රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ද වැදගත් පිටුබලයක් වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, එම්. අයාන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන මොහොමඩ් අමීර් මහතාගේ පුත්‍රයා වීම සමස්ත CAASL පවුලටම විශේෂ ආඩම්බරයක් බවද කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහුගේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය CAASL කාර්ය මණ්ඩලයේ දරුවන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත තරුණ පරපුරටද තම හැකියාවන් සහ කැපවීම තුළින් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගැනීමට මහඟු ආදර්ශයක් සහ දිරිගැන්වීමක් වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
මෙම අවස්ථාවට පදක්කම්ලාභී ක්‍රීඩකයින්ගේ දෙමාපියන් සහ නිලධාරීන් ද එක්ව සිටි අතර, ජයග්‍රහණ සඳහා කැපවූ ක්‍රීඩකයින් හා ඔවුන්ට මඟපෙන්වූ පුහුණුකරුවන් වෙත ද සිය ප්‍රශංසාව පළ කළේය.