News Feeds

Initial Discussion on the Establishment of Hot Air Balloon O...

06 November 2026

The Civil Aviation Authority of Sri Lanka held an initial...

Proposal to Establish a Research and Data Processing Unit at...

06 November 2026

The Aviation Security & Facilitation Section of the Civil Aviation...

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන "සුපිළිපන් සංස්කෘතියක් – CLEAN ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව, සිවිල් ගුවන්සේවා අධිකාරිය තුළ එම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය 2026 ජූලි 27 දින පෙරවරු 9.00ට සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, සියලුම සේවකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම ජාතික වැඩසටහන රාජ්‍ය සේවයේ අවංකභාවය, විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබයි.


වැඩසටහනේ ආරම්භක අවස්ථාවේදී, "ජාතික සුපිළිපන් දිවුරුම" සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම නිලධාරීන් විසින් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිතුමා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

උත්සවය අමතමින් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවකයෙකුගේ සැබෑ වගකීම වන්නේ ස්වයං විනය, ස්වයං පාලනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම්ව හෘදසාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් හා සදාචාරාත්මකව තම රාජකාරිය ඉටු කිරීම බවයි. අවංකභාවය, විනය, වගවීම සහ වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් මහජන විශ්වාසය තහවුරු කිරීම සෑම නිලධාරියෙකුගේම වගකීම බව අවධාරණය කළ අතර, "සුපිළිපන් සංස්කෘතියක් – CLEAN ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සියලුම නිලධාරීන් පෞද්ගලික කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසීය.

මෙම අවස්ථාවේදී, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit – IAU) සඳහා පත් කරන ලද නිලධාරීන් වෙත නිල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කිරීම මඟින් ආයතනය තුළ සුපිළිපන්නභාවය, වගවීම, සදාචාරාත්මක පරිපාලනය සහ ආයතනික අවංකභාවය තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

අනතුරුව අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිතුමා, ආයතනය තුළ අවංකභාවය, විනිවිදභාවය සහ වගවීම පදනම් කරගත් සංවිධාන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා සියලුම නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

"සුපිළිපන් සංස්කෘතියක් – CLEAN ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහන සමඟ අත්වැල් බැඳගනිමින්, සිවිල් ගුවන්සේවා අධිකාරිය රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය, ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, පාරදෘශ්‍යභාවය තවදුරටත් ශක්තිමත් කරමින්, දූෂණයෙන් තොර, වගකීමෙන් යුත් හා මහජන විශ්වාසය දිනාගත් ආදර්ශමත් රාජ්‍ය ආයතනයක් ලෙස කටයුතු කිරීමට සිය අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කළේය.