News Feeds

Initial Discussion on the Establishment of Hot Air Balloon O...

06 November 2026

The Civil Aviation Authority of Sri Lanka held an initial...

Proposal to Establish a Research and Data Processing Unit at...

06 November 2026

The Aviation Security & Facilitation Section of the Civil Aviation...

 
ගරු වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් තොටුපළ (China Bay Airport) හි සංවර්ධන සැලසුම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ගරු වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ද එක් විය.
 
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ගුවන් සම්බන්ධතා (Domestic Air Connectivity) ශක්තිමත් කිරීමේ අරමුණින්, චීන වරාය ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් (Domestic Airport) ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් (Infrastructure), ගුවන් මෙහෙයුම් (Airport Operations) සහ අනෙකුත් සංවර්ධන අවශ්‍යතා පිළිබඳව මෙහිදී නිරීක්ෂණය කරන ලදී.
 
මෙහිදී චීන වරාය ගුවන් තොටුපළ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩබ්. පී. පෙරේරා මහතා සමඟ ගුවන් තොටුපළ පර්යන්තය (Passenger Terminal), ධාවන පථය (Runway), ගුවන් යානා නවතා තැබීමේ ප්‍රදේශය (Apron) සහ අනෙකුත් ගුවන් තොටුපළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.
 
සිවිල් ගුවන්සේවා අධ්‍යක ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල විසින්,ගුවන් තොටුපළේ අනාගත සංවර්ධන කටයුතු සිවිල් ගුවන්සේවා නියාමන (Regulatory) අවශ්‍යතා, ගුවන් නිරුපද්‍රිතතා (Aviation Safety) ප්‍රමිතීන්, ගුවන් ආරක්ෂාව (Aviation Security) සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන් හා නිර්දේශිත ක්‍රියාපටිපාටි (Standards and Recommended Practices – SARPs) අනුව ක්‍රියාත්මක කිරීම පිලිබදව සිය තාක්ෂණික උපදෙස් ලබා දුන් අතර, මේ පිළිබඳව ද අවධානය වැඩි වශයෙන් යොමු කෙරුණි.
 
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද එක්ව සිටියහ.