පුවත් සංග්‍රහ

Captain Daminda Rambukwella Honoured for Outstanding Moderat...

සැප්තැම්බර් 11 2026

Director General of Civil Aviation of Sri Lanka, Captain Daminda...

Sri Lanka and UAE Strengthen Aviation Cooperation with Techn...

සැප්තැම්බර් 11 2026

A special meeting was held today between Captain Daminda Rambukwella,...

 
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ගරු වරාය හා සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ අරමුණින් සීගිරිය ගුවන් තොටුපළේ යටිතල පහසුකම් සංවර්ධනය සහ අනාගත මෙහෙයුම් අවශ්යතා පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හා ප්රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ද එක්විය.
 
මෙම අවස්ථාවට ගරු වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්යාංශ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා, සීගිරිය ගුවන් තොටුපළ ප්රධානී ගෲප් කැප්ටන් උදාර අන්ද්රාදි මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
 
නිරීක්ෂණ චාරිකාවේදී නව මගී පර්යන්ත ගොඩනැගිල්ල (Passenger Terminal Building – PTB) ඉදිකිරීම, ධාවන පථය (Runway), ගුවන් යානා නැවතුම් ප්රදේශය (Apron), ගුවන් යානා නවතා තැබීමේ ස්ථාන (Aircraft Parking Bays) සහ ගුවන් මෙහෙයුම් ප්රදේශය (Airside Operations) සංවර්ධනය කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
 
නිරීක්ෂණ චාරිකාව අතරතුර යෝජිත නව මගී පර්යන්තය ඉදිකිරීමට නියමිත භූමි ප්රදේශය, ධාවන පථය (Runway) සහ ගුවන් යානා නැවතුම් ප්රදේශය (Apron) ද නිරීක්ෂණයට ලක් කෙරිණි.