පුවත් සංග්‍රහ

සීගිරිය ගුවන් තොටුපළේ සංවර්ධන සැලසුම් නිරීක්ෂණ චාරිකාව..

අගෝස්තු 03 2026

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ගරු වරාය හා සිවිල් ගුවන්සේවා, බලශක්ති...

හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ ධාවන පථ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය...

අගෝස්තු 03 2026

අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා...

පොසොන් පොහොයේ ආධ්‍යාත්මික අර්ථය සිහිපත් කරමින්, මහින්දාගමනයෙන් ශ්‍රී ලංකාවට දායාද වූ බුදු දහමේ දාන පාරමිතා සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ක්‍රීඩා හා සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද "මහා නූඩ්ල්ස් දන්සැල" 2026 ජූලි 01 දින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරි පරිශ්‍රයේදී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම පුණ්‍යමය වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම දන්සැල මඟින් හුදී ජනතාව 2,000කට ආසන්න පිරිසකට ආහාර පිරිනමන ලද අතර, පොසොන් උත්සවයේ දානමය අගයන් සමාජය වෙත ප්‍රායෝගිකව රැගෙන යන සාර්ථක සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස එය ඉතා අර්ථවත් ලෙස ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා හා සුබසාධක සංගමයේ අනුශාසකතුමන් වන, සුනිල් ජයරත්න මහතාගේ හා සභාපතිතුමන් වන, කපිතාන් දමින්ද රඔුක්වැල්ල මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩා හා සුබසාධක සංගමයේ විධායක කමිටු සාමාජිකයින්, සිවිල් ගුවන්සේවා වෘත්තීය සේවක සංගමය, අධිකාරියේ සියලු අංශවල නිලධාරීන් හා සේවකයින්, මූල්‍යමය හා ද්‍රව්‍යමය දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලීන්, පිරිසිදු කිරීමේ අංශයේ සහ නඩත්තු අංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම ස්වේච්ඡාවෙන් දායක වූ සියලු දෙනා මහත් කැපවීමකින් කටයුතු කළහ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සමාජ වගකීම් ඉටු කිරීම සහ මානුෂීය වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින අතර, මෙවැනි පුණ්‍යමය වැඩසටහන් තුළින් ආයතනය සහ සමාජය අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් දාන, කරුණාව සහ එකමුතුකම පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමට සිය දායකත්වය අඛණ්ඩව ලබාදීමට අපේක්ෂා කරයි.

"දානයෙන් සිත් පහන් වෙයි... එකමුතුවෙන් සමාජය ශක්තිමත් වෙයි."