පුවත් සංග්‍රහ

Captain Daminda Rambukwella Honoured for Outstanding Moderat...

සැප්තැම්බර් 11 2026

Director General of Civil Aviation of Sri Lanka, Captain Daminda...

Sri Lanka and UAE Strengthen Aviation Cooperation with Techn...

සැප්තැම්බර් 11 2026

A special meeting was held today between Captain Daminda Rambukwella,...

 
අධ්යක්ෂ ජනරාල් හා ප්රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ ධාවන පථ (Runway) සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවට එක්විය.
 
මෙහිදී ශ්රී ලංකාවේ ගුවන් ප්රවාහන යටිතල පහසුකම් සංවර්ධනය (Aviation Infrastructure), දේශීය ගුවන් සම්බන්ධතා (Domestic Air Connectivity) ශක්තිමත් කිරීම සහ අනාගත ගුවන්සේවා අවශ්යතාවන්ට ගැළපෙන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්ය ක්ෂේත්ර පිළිබඳ නිරීක්ෂණය කළ අතර, ව්යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගන්නා ලදී.
 
 මෙම අවස්ථාවට ගරු වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, නිවාස හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශයේ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ ප්රධානී ගුවන් කොමදෝරු සනෝජ් ජයරත්න මහතා, ගුවන් ධාවන පථ සංවර්ධන ව්යාපෘතිය භාර නිලධාරී එයාර් වයිස් මාෂල් කේ. ටී. එස්. සිල්වා මහතා, ශ්රී ලංකා ගුවන් හමුදාව, ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ ආයතනවල ජ්යෙෂ්ඨ නිලධාරීහු ද එක්ව සිටියහ.