පුවත් සංග්‍රහ

සීගිරිය ගුවන් තොටුපළේ සංවර්ධන සැලසුම් නිරීක්ෂණ චාරිකාව..

අගෝස්තු 03 2026

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ගරු වරාය හා සිවිල් ගුවන්සේවා, බලශක්ති...

හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ ධාවන පථ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය...

අගෝස්තු 03 2026

අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා...

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (Airport & Aviation Services (Sri Lanka) (Private) Limited විසින් ගුවන්තොටුපළ, ගුවන්යානා ගුවන්ගත වීමේ හා ගොඩබෑමේ මාර්ග (Approach and Departure Flight Paths) ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

පසුගියදා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පුහුණු ගුවන් ගමනක නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් සරුංගල් නූල්වල පැටලීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එම සිදුවීම මඟින් සරුංගල් සහ සරුංගල් නූල් ගුවන් යානාවේ නිරුපද්‍රිතතාවයට ඇති කළ හැකි බරපතළ අවදානම නැවතත් අවධාරණය වී ඇත.

සරුංගල් නූල් ගුවන් යානයේ එන්ජින් (Engines), ප්‍රචාලක (Propellers), ගොඩබෑමේ උපකරණ (Landing Gear) සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගුවන් යානා පද්ධති (Critical Aircraft Systems) වෙත හානි සිදු කළ හැකි අතර, විශේෂයෙන් ගුවන්ගත වීම (Take-off) සහ ගොඩබෑම (Landing) සිදුවන අවස්ථාවලදී ගුවන් යානා මෙහෙයුම්වල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් විය හැකිය.

එබැවින් සියලුම අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මීට අමතරව, ගුවන්තොටුපළ ආශ්‍රිත ආරක්ෂිත කලාපවල (Protected Areas) හෝ ගුවන්යානා මෙහෙයුම්වලට බාධා වන අයුරින් අනවසරයෙන් සරුංගල් පියාසර කිරීම, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා නීති සහ ගුවන් සන්තරණ රෙගුලාසි (Air Navigation Regulations) යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සැමගේ වගකීමකි. ඔබගේ වගකීම් සහගත ක්‍රියාකලාපය මඟින් නිරුපද්‍රිත අහසක් සහ සුරක්ෂිත ගුවන් ගමන් තහවුරු කිරීමට දායක වන්න.