செய்தி ஊட்டங்கள்

ICAO Regional Director Arrives in Sri Lanka

13 பிப்ரவரி 2026

Mr. Tao Ma, Regional Director for Asia & the Pacific...

CAASL to Introduce Licensing System for Drone Pilots

23 ஜனவரி 2026

For the first time, the Civil Aviation Authority of Sri...

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

 කාර්ය මණ්ඩල පුරප්පාඩු

 

රියදුරු
කේතය - DV                                තනතුරු ගණන – 01        

වේතන
• මුලික වැටුප - රු. 40,834/- බඳවා ගැනීමේදී මුලිකව ගෙවනු ලැබේ. (වැටුප් පරිමාණය - රු.. 43,280- 10x490-10x540-10x590-12x630 – 67,040 - 01/2025         

   2027.01.01 දින සිට ක්‍රියාත්මක වේ.).

• රු 119,666/- වූ දළ මාසික වැටුපක් ලබා ගත හැකි වේ.

• වෙනත් ප්‍රතිලාභ - සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය, හදිසි අනතුරු රක්‍ෂණ ක්‍රමය, මරණ ප්‍රතිපාදන යෝජනා ක්‍රමය, ප්‍රසාද දීමනා

සුදුසුකම් සහ පළපුරුද්ද

උපරිම වශයෙන් වාර දෙකකදී අ.පො.ස. (සා.පෙ.) විභාගයෙහි විෂයයන් හයක් (06) සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සමත් වීම.

සහ

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරනලද වාහන නව කාණ්ඩය යටතේ A1, A, B1, B, C1, C, D සහ D යන කාණ්ඩවල හෝ පැරණි කාණ්ඩය යටතේ A, A1, B, B1, C, C1, D, E, F යන කාණ්ඩවල රියදුරු බලපත්‍රයක් තිබීම හා රිය අනතුරක් හෝ දඩුවමක් හෝ සම්බන්ධයෙන් සටහනක් නොමැතිව රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදවීමේ අවම වශයෙන් අවුරුදු තුනක (03) පළපුරුද්ද තිබීම;

සහ

රාජ්‍ය ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක රියදුරෙකු ලෙස රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් අවුරුදු පහක (05) පළපුරුද්දක් තිබීම;

සහ

අයදුම් කළ දින සිට දින තිහක් (30) ඇතුළත වූ ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් ශාරීරික යෝග්‍යතාව (වරණ අන්ධතාවයෙන් තොර ඇස් දෙකෙහිම දෘශ්ටිය 6/6 යන්න ඇතුළුව) සහතික කරන ලද වෛද්‍ය සහතිකය

 

වයස් සීමාව

 

තනතුරවයස් සීමාව
රියදුරු අපේක්ෂකයින් අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

  • වැඩි විස්තර සඳහා රැකියා විස්තරය සහ සම්මත අයදුම්පත(Standard Application form) CAASL නිල වෙබ් අඩවියෙන් www.caa.lk වෙතින් බාගත හැකිය.
  • සම්මත අයදුම්පත අනුව එවන ලද අයදුම්පත් පමණක් පිළිගන්න අතර ඕනෑම රජයේ ආයතනයක සේවය කරන අයදුම්කරුවන් ආයතන ප්‍රධානියා හරහා ඉල්ලුම් කළ යුතුය.
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑල යටතේ 2026.02.14 දිනට හෝ ඊට පෙර මෙම කාර්යාලයට යොමු කල හැක.

  • අයදුම්පත් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය, අංක 152/1, මිනුවන්ගොඩ පාර, කටුනායක වෙත යොමු කළ යුතු අතර අයදුම් කරන තනතුරේ මාතෘකාව ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සලකුණු කළ යුතුය.
  • සම්මුඛ පරීක්ෂණ / පරීක්ෂණ සඳහා කැඳවනු ලබන්නේ සුදුසුකම් නිර්ණායකයන් සපුරාලන අපේක්ෂකයින් පමණි.

 

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය,
අංක 152/1,
මිනුවන්ගොඩ පාර,
කටුනායක.
2026.02.03