පුවත් සංග්‍රහ

Flydubai Strengthens Partnership with Sri Lanka’s Civil Avia...

අගෝස්තු 17 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL) recently welcomed...

ශ්‍රි ලංකා රජයේ ආරාධනයෙන්, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධ...

අගෝස්තු 17 2026

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නිරුපද්‍රිතතා ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවා ගනිමින්, ඉදිරියේදී...

ශ්‍රී ලංකා ගුවන් සමාගම් නියෝජිතයන්ගේ සංගමයේ (SLAAR) විධායක සාමාජීකයන් පිරිසක් පසුගිය දා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සමගින් සාකච්ඡාවකට එක්විය.

මෙහිදී ගුවන්සේවා කර්මාන්තයේ වත්මන් තත්වය සහ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් පහවයාමත් සමගින් ජාත්‍යන්තර ගුවන් මගී සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා විධිමත්ව ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කල අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම් නියෝජිතයන්ගේ සංගමය දරන අදහස් ද සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවේ ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන විදේශීය ගුවන් සමාගම් 30 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන ශ්‍රී ලංකා ගුවන් සමාගම් නියෝජිතයන්ගේ සංගමය (SLAAR), ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දක්වන්නා වූ දායකත්වය පිළිබඳව මෙහිදී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත, අධ්‍යක්ෂ රෙහාන් වන්නිඅප්පා, කළමණාකාරු ඉශාර ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් සමාගම් නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ජෙරාඩ් වික්ටෝරියා මහතා සමගින් එහි විධායක කමිටු නියෝජිතයන් වන දූෂ්‍යා ජයවීර, තනුජා ලංකාතිලක, ගයාන් අමරසිංහ, ප්‍රවීන් දිසානායක යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට එක්විය.

 

news 08 07 2020