පුවත් සංග්‍රහ

Capt. Daminda Rambukwella Assumes Duties as Director General...

සැප්තැම්බර් 10 2025

Capt. Daminda Rambukwella officially assumed duties as the Director General...

Cabinet Appoints Captain Daminda Rambukwella as the New Dire...

සැප්තැම්බර් 10 2025

The Cabinet of the Government of Sri Lanka has approved...

මේ වන විට අප අතර සිටින ජේෂ්ඨතම ගුවන් නියමුවා වන කපිතාන් ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන සිය ගුවන් නියමු බලපත්‍ර සංරක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට භාරදීම පසුගිය දා සිදුකලා.

දැනට 95 වන වියේ පසුවන කපිතාන් ගුණවර්ධන, ජාතික ගුවන් සේවය වූ එයාර් සිලෝන් හි ආරම්භක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කලේය. පසුව එක්සත් රාජධානියේ පෞද්ගලික ගුවන් සමාගම් කිහිපයක සේවය කර 1985 වසරේ සේවයෙන් විශ්‍රාම ලැබූ ඔහු පයිලට් සීයා යන අනුවර්ථ නාමයෙන් ගුවන්සේවා ලෝලීන් අතර ජනප්‍රියත්වයට පාත්‍රවී ඇත.

පනහ සහ හැට දශක වල පැවති සියළු වානිජ ගුවන්යානා මාඳිළින් පැදවීමට හැකිවන පරිදි, සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් 1949 වසරේ දී නිකුත් කරන ලද B ඝණයේ නියමු බලපත්‍රය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් නිකුත් කරන ලද නියමු බලපත්‍රය සමග ඔහු විසින් සිදුකල පියසැරීන් පිළිබඳ සියළු සටහන් තැබූ ලොග් සටහන් පොත් ද මෙලෙස සංරක්ෂණ කටයුතු සඳහා ලබාදීම සිදුවූයේ සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පසුගිය දා කපිතාන් ගුණවර්ධන මුණගැසුන අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසගත තොරතුරු ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණින් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර එහි එක් පියවරක් ලෙස අතීත ගුවන්සේවා තොරතුරු සහ දත්ත රැස්කිරීමේ අරමුණින් මෙම හමුව සිදුවිය.

සියවසකට එහා ගිය, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් උරදී කටයුතු කල කර්මාන්තකරුවන් සහ පුද්ගලයින් ඇගයීමට ලක්ක්රීම වෙනුවෙන් සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධානය 2021 නමින් වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මස දී මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයේ පළමු වරට සංවිධානය කිරීමට සැලසුම් කරමින් පවතින අතර එහි එක් අංගයක් ලෙස මෙවැනි ජේෂ්ඨයන් ඇගයීමට ද කටයුතු සූදානම් කරමින් පවතී.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධනය සහ ප්‍රවීණයන් ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ගුවන්සේවාවේ නුදුටු පැතිකඩ සොයා යන රූපමය චාරිකාව වන සෑම සෙනසුරාදාවකම සවස 06 30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ගුවන්සැරිසර රූපවාහිනී වැඩසටහනෙහි පටිගත කිරීමක් ද මෙයට සමගාමීව සිදුවිය.