පුවත් සංග්‍රහ

CAASL has successfully organized this comprehensive Regulato...

මැයි 06 2026

The Civil Aviation Authority of Sri Lanka is pleased to...

CAASL Staff Awareness on Artificial Intelligence

මැයි 05 2026

Artificial Intelligence (AI) is a technology that enables computers and...

පොසොන් පුන් පොහෝ දිනය තේමා කරගනිමින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, සිවිල් ගුවන්සේවා ක්‍රීඩා හා සුභසාධක සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද, "පොසොන් සීල භාවනා - 2022" වැඩසටහන පොසොන් පොහෝ දින (ජුනි 14) සාර්ථකව පැවැත්වන ලදි.

සිවිල් ගුවන්සේවා හා සුභසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහභාගී වූ මෙම වැඩසටහනෙහි සීල සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම කටුනායක බෝධිරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍යමරාජ විද්‍යාපති, විශේෂ ශාස්ත්‍රවේදී පූජ්‍ය අමන්දොළුවේ ධම්මරථන ස්වාමීන් වහන්සේ විසින් ද, ධර්ම දේශණය සහ දහවල් සම්බුද්ධ පූජාව මාලේවන, පාදාගොඩ ජනනන්දනාරාමයේ විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ මේධංකර ස්වාමීන් වහන්සේ විසින් ද සිදුකරන ලදි.

සවස පැවති ධර්මය පිළිබඳ විද්වත් කථිකාවත සඳහා නීතිඥ අජිත් ධර්මප්‍රේම මහතා ඇතුළු දේශක කණ්ඩායමක් සම්පත් දායකත්වය සපයන ලද අතර "පොසොන් සීල භාවනා - 2022" වැඩසටහන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.