පුවත් සංග්‍රහ

ENGINEERING PATHWAYS TO THE AVIATION INDUSTRY

ජූනි 12 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL), under the...

IATA Representatives Pay Courtesy Call to Director General o...

ජූනි 10 2026

Mr. Azhar Ansari, Area Manager – South Asia, and Mr....

ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම දේශීය ගුවන් ප්‍රවාහන සමාගමක් ලෙස මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) නිකුත්කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් ගුවන් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව පිළිබඳව ඉහළ අවදානයක් යොමුකරන අතර එහිදී එම සමාගම සතු ගුවන්යානා, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යලි සක්‍රීය වීමත් සමග මෙරටට පැමිනෙන විදේශිය සංචාරකයන් මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් වල නිරතවීමට අපේක්ෂා කරන ශ්‍රීලාංකිකයන් ඉලක්ක කරගනිමින් දේශිය ගුවන්තොටුපොල වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම අපේක්ෂා කරයි.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතාගේ උපදෙස් මත, මෙම සහතික කිරීමේ කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය මත, අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) කපිතාන් ලුෂාන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වය යටතේ සිදු විය.

දේශිය වානිජ ගුවන් සමාගමක් ලෙස ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගමට කටයුතු කිරීම සඳහා නිකුත් කරනු ලබන AOC බලපත්‍රය පසුගිය දා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතා විසින් ප්‍රදානය කරන ලද අතර එම බලපත්‍රය ලක්වින් ගුවන් සමාගමෙහි සභාපති ලක්ෂිත වීරසිංහ මහතා වෙනුවෙන්, ඒහි ප්‍රධාන විධායක නිලධාරී විසින් ලබා ගන්නා ලදි. එම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජේෂ්ඨ ගුවන්සේවා පරික්ෂකවරුන් වන එරංග දසනායක, ඉසුරු සරත්චන්ද්‍ර, දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් සහ ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගමෙහි අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) කපිතාන් හිරන්ත පෙරේරා ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

මෙහිදී නව AOC බලපත්‍රලාභී ගුවන් සමාගමේ ඉදිරි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක්කල සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතා, ගුවන් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ගුවන් මෙහෙයුම් සිදුකරමින්, AOC බලපත්‍රය නිකුත් කිරීමේ දී පනවා ඇති රෙගුලාසීන් තුල රැඳීසිටිමින් කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදි.