පුවත් සංග්‍රහ

ENGINEERING PATHWAYS TO THE AVIATION INDUSTRY

ජූනි 12 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL), under the...

IATA Representatives Pay Courtesy Call to Director General o...

ජූනි 10 2026

Mr. Azhar Ansari, Area Manager – South Asia, and Mr....

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව උප සභාපති ලෙස දමිත නාරංගොඩ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කලේ ය.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ගරු ජනාධිපතිතුමාගේ එකඟතාවය මත එම පත්කිරීම සිදුකර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශීෂ්‍යයෙකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ විශේෂ උපාධිධරයෙක් වන අතර ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයෙනි.

වෘත්තීයෙන් කළමණාකරණ ගණකාධිකාරීවරයෙකු වශයෙන් 1992 වර්ෂයේ වෘත්තිමය ජීවිතය ආරම්භ කල ඒ මහතා දශක තුනකට අධික කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිපුනතාවය හා  පලපුරුද්ද ලබා ඇත.  2006 වසරේ දී රාජ්‍ය සේවයට එක්වී ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වශයෙනි . පස් වසරක සේවා කාලය නිමවී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයෙන් සමුගන්නා විට එහි අධ්‍යක්ෂ ජනරාල් වැඩ ආවරණ වගකීම දක්වා උසස්වීම් ලැබීමට ඒ මහතාගේ මනා කළමණාකරන හැකියාව ඉවහල් වී තිබින.

සමූපකාර රක්ෂණ සමාගමේ මූල්‍ය උපදේශක හා අධ්‍යක්ෂ මණ්ඩල උපදේශක වරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිසන් සභාව යන ආයතන වල අධ්‍යක්ෂ ජනරාල් තනතුරු හොබවා ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව උපසභාපතිවරයා ලෙස පත්වූ දමිත නාරංගොඩ මහතා සිය වෘත්තිමය නියාමන අත්දැකීම් හරහා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයට අවැසි විධිමත් නියාමනයන් ලබාගැනීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය අපේක්ෂා කරයි.