ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ඉහළ නිලධාරීන් ද ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක ව්‍යාජ, ගොතන ලද හා මහජනතාව නොමඟ යවනසුලු තොරතුරු සහ සත්‍යයෙන් තොර වූ පුවත් ප්‍රචාරය කරනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානයට ලක්වී ඇත.
ඒ අනුව, අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම ව්‍යාජ, නොමඟ යවනසුලු සහ අනවසර ප්‍රකාශන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැඩිව අවධාරණය කරයි.
එමෙන්ම, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ලෙස පලකර ඇති තොරතුරු එම අධිකාරිය දැඩිව ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි ආකාරයේ, ව්‍යාජ හා ගොතන ලද පුවත් සකස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයන් සහ/හෝ පාර්ශවයන්ට එරෙහිව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹ ඇත.
සිවිල් ගුවන් සේවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු හුවමාරු කිරීමේදී මහජනතාව, මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉතා වගකීමෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, එවැනි තොරතුරු නිල වශයෙන් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිල සන්නිවේදන මාර්ග මගින් සනාථ කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජන විශ්වාසය, ආයතනික ගෞරවය සහ රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින අතර, අසත්‍ය තොරතුරු හා දුෂ්ප්‍රචාර පැතිරවීමට එරෙහිව දැඩිව ක්‍රියා කරනු ඇති බව තවදුරටත් නිවේදනය කර සිටී.
මාධ්‍ය ප්‍රකාශක,
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය



