
The Civil Aviation Authority of Sri Lanka held an initial discussion with representatives of Zynaty Tours (Pvt) Ltd regarding a proposal to establish hot air balloon operations and a pilot training organization in Sri Lanka.
The discussion was held with Capt. Daminda Rambukwella, Director General of Civil Aviation and Chief Executive Officer of CAASL, with the participation of senior officials of the Authority.
The delegations are comprised of Mr. Dilshan Jayathunga - Owner and Managing Director - Mr. Thushara Senarathna - Business Partner, and Mr. Devinda Karunathilake - Chief Operating Officer of Zynaty Tours (Pvt) Ltd.
During the meeting, the company presented its proposal to introduce hot air balloon operations as a 100% locally funded investment, with “Udawalawe” identified as the proposed initial location. The initiative aims to introduce a new tourism experience in Sri Lanka, particularly focusing on wildlife and nature scene tourism.
In addition to the proposed balloon operations, the company expressed its intention to establish a pilot training organization to provide training opportunities and support the development of professional expertise in hot air balloon aviation in Sri Lanka.
The discussion also focused on the regulatory requirements applicable to the proposed activities. Civil Aviation Authority of Sri Lanka, as the national civil aviation regulatory authority, will assess the applicable regulatory requirements, including licensing, operational procedures, pilot training standards and safety oversight arrangements.
The regulatory framework will be according to CAASL regulations in compliance to ICAO SARPs ensuring that future operations and training activities remain in compliance.
The proposed initiative is expected to introduce a third hot air balloon operator to this specialized tourism segment in Sri Lanka, subject to the necessary regulatory approvals.
ශ්‍රී ලංකාව තුළ උණුසුම් වායු බැලූන් මෙහෙයුම් ආරම්භ කිරීම සහ නියමු පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් Zynaty Tours (Pvt) Ltd ආයතනයේ නියෝජිතයින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සමඟ මූලික සාකච්ඡාවක් පැවැත්විණි.
සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.
Zynaty Tours (Pvt) Ltd ආයතනය නියෝජනය කරමින් එහි හිමිකරු සහ කළමනාකාර අධ්යක්ෂ දිල්ෂාන් ජයතුංග මහතා, ව්‍යාපාරික, තුෂාර සේනානාත්න මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දේවින්ද කරුණාතිලක මහතා මෙම සාකච්ඡාවට එක් වූහ.
මෙහිදී, 100%ක් දේශීය ආයෝජනයක් යටතේ උණුසුම් වායු බැලූන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා වන සිය යෝජනාව ආයතනය විසින් ඉදිරිපත් කරන ලදී. එහි මූලික මෙහෙයුම් ස්ථානය ලෙස උඩවලව ප්‍රදේශය හඳුනාගෙන තිබේ. වනජීවී සහ ස්වභාවික පරිසරය ආශ්රිත සංචාරක අත්දැකීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට නවමු අත්දැකීමක් එක් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
ආරම්භ කිරීමට අපේක්ෂිත බැලූන් මෙහෙයුම්වලට අමතරව, උණුසුම් වායු බැලූන් ගුවන්සේවා ක්ෂේත්රයේ වෘත්තීය දැනුම සහ විශේෂඥතාව වර්ධනය කිරීම සඳහා පුහුණු අවස්ථා සලසමින් නියමු පුහුණු ආයතනයක් ස්ථාපිත කිරීමට ද ආයතනය සිය අපේක්ෂාව පළ කළේය.
සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් සඳහා අදාළ නියාමන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. සිවිල් ගුවන්සේවා ක්ෂේත්රයේ ජාතික නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් බලපත්‍ර නිකුත් කිරීම, මෙහෙයුම් ක්‍රියාපටිපාටි, නියමු පුහුණු ප්රමිතීන් සහ ගුවන්සේවා නිරුපද්‍රිතතා අධීක්ෂණ විධිවිධාන ඇතුළු අදාළ නියාමන අවශ්‍යතා ඇගයීමට ලක් කරනු ඇත.
යෝජිත මෙහෙයුම් සහ පුහුණු කටයුතු ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ රෙගුලාසිවලට අනුකූලව සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) ප්රමිතීන් හා නිර්දේශිත ක්‍රියාපටිපාටි (SARPs) අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර අවශ්‍ය නියාමන අනුමැතීන් ලබා ගැනීමට යටත්ව, මෙම යෝජිත වැඩසටහන ක්‍රියාත්මක වීම තුළින් ශ්‍රී ලංකාවේ මෙම විශේෂිත සංචාරක ක්ෂේත්රය තුළ තෙවන උණුසුම් වායු බැලූන් මෙහෙයුම් ආයතනය හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.
- විස්තර

The Aviation Security & Facilitation Section of the Civil Aviation Authority of Sri Lanka held a Strategic Bilateral meeting with representatives of the Department of Immigration and Emigration to discuss a proposal to establish a Research and Data Processing Unit within the Department.
The meeting was chaired by Capt. Daminda Rambukwella, Director General of Civil Aviation & Chief Executive Officer, with the participation of representatives from the Department of Immigration and Emigration and senior officials of CAASL.
The meeting provided a platform for both organizations to exchange views on the strategic importance of the proposed initiative, its potential operational framework and expected benefits. Discussions also highlighted the importance of strengthening research capabilities and adopting data-driven approaches to support evidence-based decision-making and enhance operational efficiency.
In this context, key areas identified for further research and collaboration included passenger flow management, aerobridge utilization, Common Use Self-Service (CUSS) kiosks, counter ergonomics and Automated Border Control (E-Gates). Through coordinated research, knowledge sharing and systematic data analysis in these areas, the proposed initiative aims to identify operational challenges, optimize existing resources and enhance passenger facilitation.
The initiative also reflects the importance of closer collaboration between aviation and border control authorities in supporting the modernization of passenger processing systems and improving the overall efficiency of airport operations.
Continued cooperation between CAASL and the Department of Immigration and Emigration is expected to contribute to improved passenger facilitation, enhanced operational efficiency and the broader development of the aviation sector, while supporting tourism growth, creating investment opportunities and contributing to economic development in Sri Lanka.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා ආරක්ෂක හා පහසුකම් සැලසීමේ අංශය විසින්, 'ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පර්යේෂණ හා දත්ත සැකසුම් ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාව' පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශවීය උපායමාර්ගික රැස්වීමක් පවත්වන ලදී.
සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිළධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
යෝජිත වැඩපිළිවෙළෙහි උපායමාර්ගික වැදගත්කම, එහි විභව මෙහෙයුම් රාමුව සහ අපේක්ෂිත ප්රතිලාභ පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට මෙම සාකච්ඡාව අවස්ථාවක් විය. එමෙන්ම, සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහාය වන පරිදි පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කිරීමේ සහ දත්ත මත පදනම් වූ ප්රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම පසුබිම තුළ, මගී ප්‍රවාහ කළමනාකරණය, ගුවන් පාලම් (Aerobridges) භාවිතය, පොදු භාවිත ස්වයං සේවා පර්යන්ත (Common Use Self-Service – CUSS), කවුන්ටරවල කාර්යක්ෂමතාව සහ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධති (Automated Border Control – E-Gates) ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් වැඩිදුර පර්යේෂණ සහ සහයෝගීතාව සඳහා හඳුනා ගන්නා ලදී. මෙම ක්ෂේත්‍ර ආශ්‍රිතව ඒකාබද්ධ පර්යේෂණ, දැනුම හුවමාරු කර ගැනීම සහ ක්රමානුකූල දත්ත විශ්ලේෂණය තුළින් මෙහෙයුම් අභියෝග හඳුනා ගැනීම, පවතින සම්පත් ප්රශස්ත ලෙස භාවිත කිරීම සහ මගී පහසුකම් වැඩිදියුණු කිරීම යෝජිත වැඩපිළිවෙළෙහි අරමුණ වේ.
මෙම වැඩපිළිවෙළ මඟින් ගුවන්සේවා සහ දේශසීමා පාලන කටයුතු සිදුකරන ආයතන අතර වඩාත් සමීප සහයෝගීතාවක වැදගත්කම ද අවධාරණය කෙරේ. එමෙන්ම, මගී සැකසුම් පද්ධති නවීකරණය කිරීමට සහ ගුවන් තොටුපළ මෙහෙයුම්වල සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද මෙම සහයෝගීතාව දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අතර අඛණ්ඩ සහයෝගීතාව තුළින් මගී පහසුකම් වැඩිදියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ගුවන්සේවා ක්ෂේත්රයේ පුළුල් සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට, ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට සහ ආර්ථික සංවර්ධනයට ද මෙමඟින් සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் விமானப் பாதுகாப்பு மற்றும் வசதிப்படுத்தல் பிரிவினால், குடிவரவு மற்றும் குடியகல்வு திணைக்களத்தில் ஆராய்ச்சி மற்றும் தரவு செயலாக்கப் பிரிவொன்றை நிறுவுவது தொடர்பான முன்மொழிவு குறித்து கலந்துரையாடுவதற்காக, அத்திணைக்களத்தின் பிரதிநிதிகளுடன் உயர்மட்டக் கூட்டமொன்று நடத்தப்பட்டது.
சிவில் விமானப் போக்குவரத்து பணிப்பாளர் நாயகம் கப்டன் தமிந்த ரம்புக்வெல்ல அவர்களின் தலைமையில் நடைபெற்ற இக்கூட்டத்தில், குடிவரவு மற்றும் குடியகல்வு திணைக்களத்தின் பிரதிநிதிகளும் இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் சிரேஷ்ட அதிகாரிகளும் கலந்துகொண்டனர்.
முன்மொழியப்பட்ட இம்முயற்சியின் மூலோபாய முக்கியத்துவம், அதன் சாத்தியமான செயல்பாட்டுக் கட்டமைப்பு மற்றும் எதிர்பார்க்கப்படும் நன்மைகள் குறித்து இரு நிறுவனங்களும் கருத்துக்களைப் பரிமாறிக்கொள்வதற்கான தளமாக இக்கூட்டம் அமைந்தது. சான்றுகளின் அடிப்படையிலான தீர்மானங்களை மேற்கொள்வதற்கும் செயல்பாட்டுத் திறனை மேம்படுத்துவதற்கும் ஆதரவளிக்கும் வகையில், ஆராய்ச்சித் திறன்களை வலுப்படுத்துதல் மற்றும் தரவுகளை அடிப்படையாகக் கொண்ட அணுகுமுறைகளைப் பின்பற்றுதல் ஆகியவற்றின் முக்கியத்துவமும் இதன்போது வலியுறுத்தப்பட்டது.
இந்தப் பின்னணியில், பயணிகள் ஓட்ட முகாமைத்துவம், விமானப் பாலங்களின் (Aerobridges) பயன்பாடு, பொதுப் பயன்பாட்டு சுயசேவை முனையங்கள் (Common Use Self-Service – CUSS), சேவை வழங்கும் கவுண்டர்களின் பணிச்சூழலியல் மற்றும் தானியங்கி எல்லைக் கட்டுப்பாட்டு முறைமைகள் (Automated Border Control – E-Gates) உள்ளிட்ட முக்கிய துறைகள் மேலதிக ஆராய்ச்சி மற்றும் ஒத்துழைப்பிற்காக அடையாளம் காணப்பட்டன. இத்துறைகளில் ஒருங்கிணைந்த ஆராய்ச்சி, அறிவுப் பகிர்வு மற்றும் முறையான தரவுப் பகுப்பாய்வு ஆகியவற்றின் மூலம் செயல்பாட்டுச் சவால்களை அடையாளம் காணுதல், தற்போதுள்ள வளங்களை உகந்த முறையில் பயன்படுத்துதல் மற்றும் பயணிகளுக்கான வசதிகளை மேம்படுத்துதல் ஆகியவை முன்மொழியப்பட்ட இம்முயற்சியின் நோக்கங்களாகும்.
இந்த முயற்சியானது விமானப் போக்குவரத்து மற்றும் எல்லைக் கட்டுப்பாட்டுப் பணிகளில் ஈடுபட்டுள்ள நிறுவனங்களுக்கு இடையிலான நெருக்கமான ஒத்துழைப்பின் முக்கியத்துவத்தையும் எடுத்துக்காட்டுகிறது. அத்துடன், பயணிகள் செயலாக்க முறைமைகளை நவீனமயப்படுத்துவதற்கும் விமான நிலையங்களின் ஒட்டுமொத்த செயல்பாட்டுத் திறனை மேம்படுத்துவதற்கும் இந்த ஒத்துழைப்பு பங்களிக்கும் என எதிர்பார்க்கப்படுகிறது.
CAASL மற்றும் குடிவரவு மற்றும் குடியகல்வு திணைக்களத்திற்கு இடையிலான தொடர்ச்சியான ஒத்துழைப்பின் மூலம் பயணிகளுக்கான வசதிகளை மேம்படுத்துதல், செயல்பாட்டுத் திறனை உயர்த்துதல் மற்றும் விமானப் போக்குவரத்துத் துறையின் பரந்த வளர்ச்சிக்குப் பங்களித்தல் ஆகியவை எதிர்பார்க்கப்படுகின்றன. மேலும், இலங்கையில் சுற்றுலாத்துறையின் வளர்ச்சி, முதலீட்டு வாய்ப்புகளை உருவாக்குதல் மற்றும் பொருளாதார அபிவிருத்தி ஆகியவற்றுக்கும் இந்த முயற்சி ஆதரவளிக்கும் என எதிர்பார்க்கப்படுகிறது.
- විස්තර

The Civil Aviation Authority of Sri Lanka (CAASL) today issued a Foreign Air Operator Certificate (FAOC) to Supernova Airlines LLC, a Ukrainian airline, to operate non-scheduled cargo flights to Colombo, Sri Lanka, using Boeing 737-800 aircraft.
The certificate was formally presented by Captain Daminda Rambukwella, Director General of Civil Aviation and Chief Executive Officer of CAASL, to Mr. Tinesh Guneshkumaran, Accountable Manager of Supernova Airlines LLC. Mr. Prabath Samarathunga and Mr. Charles Nirmalanathan, representatives of the airline, along with Captain Lasantha Dahanayake, Deputy Director General – Flight Safety Regulations of CAASL, also attended the occasion.
The certification process was carried out in accordance with applicable national aviation regulations and relevant International Civil Aviation Organization (ICAO) Standards and Recommended Practices (SARPs).The assessment covered the airline’s operational, technical and organizational capabilities to ensure compliance with the applicable requirements for commercial air transport operations.
The issuance of the FAOC to Supernova Airlines is an important step towards facilitating non-scheduled cargo flights between Ukraine and Sri Lanka. These operations are expected to strengthen air cargo connectivity and support the development of Sri Lanka’s aviation and logistics sectors.
CAASL continues to facilitate international air transport while ensuring that foreign air operators meet the applicable regulatory requirements and maintain the required standards of civil aviation safety.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් යුක්රේනයේ ගුවන්සේවා සමාගමක් වන Supernova Airlines LLC වෙත විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකයක් (Foreign Air Operator Certificate – FAOC) අද (19) දින ප්රදානය කරන ලදී. මෙම සහතිකය මඟින් බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් කොළඹ දක්වා කාලසටහන්ගත නොවු (Non-Sheduled Cargo Flights) ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ මෙහෙයවීම සඳහා අදාළ නියාමන අනුමැතිය ලබා දී ඇත.
අදාළ සහතිකය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් Supernova Airlines LLC සමාගමේ ප්‍රධාන කළමනාකරු (Accountable Manager) ටිනේෂ් ගුණේෂ්කුමාරන් මහතා වෙත නිල වශයෙන් ප්රදානය ලදී. එම අවස්ථාවට සමාගමේ නියෝජිතයන් වන ප්‍රභාත් සමරතුංග මහතා සහ චාල්ස් නිර්මලනාදන් මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් නිරුපද්‍රිතා රෙගුලාසි පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කපිතාන් ලසන්ත දහනායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මෙම සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය අදාළ ජාතික ගුවන්සේවා රෙගුලාසි සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිති හා නිර්දේශිත ක්‍රියාපටිපාටි (Standards and Recommended Practices – SARPs) අනුව සිදු කර ඇත. එහිදී අදාළ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම තහවුරු කිරීම සඳහා ගුවන්සේවා සමාගමේ මෙහෙයුම්, තාක්ෂණික සහ සංවිධානාත්මක හැකියාවන් ඇගයීමට ලක් කර තිබේ.
Supernova Airlines LLC සමාගම වෙත මෙම විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම, යුක්රේනය සහ ශ්‍රී ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමේ වැදගත් පියවරකි. එමඟින් ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන්සේවා හා ප්‍රවාහන සැපයුම් ක්ෂේත්රයේ සංවර්ධනයට දායක වීමට ද අපේක්ෂා කෙරේ.
විදේශීය ගුවන්සේවා මෙහෙයුම්කරුවන් අදාළ ජාතික හා ජාත්‍යන්තර නියාමන අවශ්‍යතා සපුරාලන බව තහවුරු කරමින්, සිවිල් ගුවන්සේවයේ නිරුපද්‍රිතතාව සහ මෙහෙයුම් ප්රමිතීන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය අඛණ්ඩව කැපවී සිටී.
இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபை (CAASL), உக்ரைனைச் சேர்ந்த Supernova Airlines LLC விமான நிறுவனத்திற்கு, போயிங் 737-800 (Boeing 737-800) ரக விமானங்களைப் பயன்படுத்தி இலங்கையின் கொழும்புக்கு அட்டவணைப்படுத்தப்படாத சரக்கு விமான சேவைகளை முன்னெடுப்பதற்கான வெளிநாட்டு விமான இயக்கச் சான்றிதழை (Foreign Air Operator Certificate – FAOC) இன்று வழங்கியது.
இந்தச் சான்றிதழை இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் சிவில் விமானப் போக்குவரத்து பணிப்பாளர் நாயகமும் பிரதம நிறைவேற்று அதிகாரியுமான கப்டன் தமிந்த ரம்புக்வெல்ல அவர்கள், Supernova Airlines LLC நிறுவனத்தின் பொறுப்பு முகாமையாளரான (Accountable Manager) திரு. டினேஷ் குணேஷ்குமாரன் அவர்களிடம் உத்தியோகபூர்வமாகக் கையளித்தார். இந்நிகழ்வில் விமான நிறுவனத்தின் பிரதிநிதிகளான திரு. பிரபாத் சமரதுங்க மற்றும் திரு. சார்லஸ் நிர்மலநாதன் ஆகியோரும் கலந்துகொண்டனர். இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் விமானப் பாதுகாப்பு ஒழுங்குமுறைகளுக்கான பிரதிப் பணிப்பாளர் நாயகமான கப்டன் லசந்த தஹநாயக்க அவர்களும் இந்நிகழ்வில் கலந்துகொண்டார்.
இந்தச் சான்றிதழ் வழங்கும் செயல்முறை, பொருந்தக்கூடிய தேசிய விமானப் போக்குவரத்து விதிமுறைகள் மற்றும் சர்வதேச சிவில் விமானப் போக்குவரத்து அமைப்பின் (ICAO) தரநிலைகள் மற்றும் பரிந்துரைக்கப்பட்ட நடைமுறைகள் (Standards and Recommended Practices – SARPs) ஆகியவற்றுக்கு அமைவாக மேற்கொள்ளப்பட்டது. இதன்போது, பொருந்தக்கூடிய ஒழுங்குமுறைத் தேவைகளுக்கு இணங்குவதை உறுதிப்படுத்தும் வகையில், விமான நிறுவனத்தின் செயல்பாட்டு, தொழில்நுட்ப மற்றும் நிறுவன ரீதியான திறன்கள் மதிப்பீடு செய்யப்பட்டன.
Supernova Airlines நிறுவனத்திற்கு வெளிநாட்டு விமான இயக்கச் சான்றிதழ் வழங்கப்பட்டமை, உக்ரைனுக்கும் இலங்கைக்கும் இடையிலான அட்டவணைப்படுத்தப்படாத சரக்கு விமான சேவைகளை எளிதாக்குவதற்கான முக்கியமான படியாகும். இச்சேவைகள் சர்வதேச விமான சரக்குப் போக்குவரத்து இணைப்புகளை வலுப்படுத்துவதுடன், இலங்கையின் விமானப் போக்குவரத்து மற்றும் தளவாடத் துறைகளின் வளர்ச்சிக்கும் பங்களிக்கும் என எதிர்பார்க்கப்படுகிறது.
வெளிநாட்டு விமான நிறுவனங்கள் பொருந்தக்கூடிய ஒழுங்குமுறைத் தேவைகளைப் பூர்த்தி செய்வதையும், சிவில் விமானப் போக்குவரத்தின் பாதுகாப்புத் தரங்களைப் பேணுவதையும் உறுதிப்படுத்தியவாறு, சர்வதேச விமானப் போக்குவரத்துச் சேவைகளை எளிதாக்குவதில் இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபை தொடர்ந்து அர்ப்பணிப்புடன் செயற்பட்டு வருகிறது.
- විස්තර

The Civil Aviation Authority of Sri Lanka has issued an initial Approved Maintenance Organization (AMO) Line Station Approval to Victory Aircraft Engineering Company (Pvt) Ltd, authorizing the company to conduct line maintenance activities at its approved line station at Bandaranaike International Airport.
The certificate was formally presented by Captain Daminda Rambukwella, Director General of Civil Aviation and Chief Executive Officer of CAASL, to Mr. M.W.A.F. Dias, Chairman of Victory Aircraft Engineering Company (Pvt) Ltd. The company was represented by its Director, Mr. Shashi Dhanathunga, along with Group Captain Ruwan Perera (Retd.) and Mr. Ariyarathne Wijayaweera. Mr. M.D. Ratnayaka, Director of Aircraft Registration and Airworthiness, together with Airworthiness Inspectors, attended the occasion on behalf of CAASL.
The approval process was carried out in accordance with applicable national aviation regulations and established regulatory procedures. The assessment covered the company's facilities, equipment, tooling, technical data, personnel competency, quality system and maintenance procedures to verify compliance with the applicable requirements for Approved Maintenance Organizations.
The issuance of this approval represents a significant step towards strengthening aircraft maintenance capabilities in Sri Lanka. It is expected to facilitate the provision of reliable line maintenance services for aircraft operating in Sri Lanka, support their continued airworthiness and contribute to the development of the country's aviation sector.
CAASL remains committed to ensuring that aircraft maintenance organizations operate in compliance with applicable regulatory requirements and uphold the required standards of civil aviation safety.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් Victory Aircraft Engineering Company (Pvt) Ltd ආයතනය වෙත ගුවන්යානා නඩත්තු කිරීමේ ආයතනික (Approved Maintenance Organization – AMO) රේඛීය නඩත්තු මධ්‍යස්ථානයක් (Line Station) සඳහා වන මූලික අනුමැතිය ප්රදානය කරන ලදී. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි එම ආයතනයේ අනුමත රේඛීය නඩත්තු මධ්‍යස්ථානය තුළ ගුවන්යානා රේඛීය නඩත්තු කටයුතු (Line Maintenance) සිදු කිරීමට අවසර හිමි වේ.
අදාළ අනුමත සහතිකය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් Victory Aircraft Engineering Company (Pvt) Ltd ආයතනයේ සභාපති එම්. ඩබ්ලිව්. ඒ. එෆ්. ඩයස් මහතා වෙත නිල වශයෙන් ප්රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා එම ආයතනය නියෝජනය කරමින් අධ්යක්ෂ ශෂී ධනතුංග මහතා, විශ්‍රාමික කණ්ඩායම් කපිතාන් රුවන් පෙරේරා මහතා සහ ආරියරත්න විජයවීර මහතා සහභාගි වූහ. ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නියෝජනය කරමින් ගුවන්යානා ලියාපදිංචි කිරීමේ හා ගුවන් යෝග්‍යතා අධ්යක්ෂ එම්. ඩී. රත්නායක මහතා ඇතුළු ගුවන් යෝග්‍යතා පරීක්ෂකවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අදාළ අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ජාතික සිවිල් ගුවන්සේවා රෙගුලාසි සහ ස්ථාපිත නියාමන ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදු කරන ලදී. එහිදී අනුමත ගුවන්යානා නඩත්තු ආයතනවලට අදාළ නියාමන අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගැනීම සඳහා ආයතනයේ පහසුකම්, උපකරණ, විශේෂිත නඩත්තු මෙවලම්, තාක්ෂණික දත්ත, කාර්ය මණ්ඩලයේ වෘත්තීය නිපුණතාව, තත්ත්ව කළමනාකරණ පද්ධතිය සහ නඩත්තු ක්‍රියාපටිපාටි පුළුල් ඇගයීමකට ලක් කෙරිණි.
මෙම අනුමැතිය ප්රදානය කිරීම ශ්‍රී ලංකාවේ ගුවන්යානා නඩත්තුසේවා ධාරිතාව ශක්තිමත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් සිදු කරන ගුවන්යානා සඳහා විශ්වසනීය රේඛීය නඩත්තුසේවා සැපයීමට පහසුකම් සැලසීම, එම ගුවන්යානාවල අඛණ්ඩ ගුවන් යෝග්‍යතාව (Continued Airworthiness) පවත්වා ගැනීමට සහාය වීම සහ මෙරට ගුවන්සේවා ක්ෂේත්රයේ සංවර්ධනයට දායක වීම මෙම අනුමැතිය මඟින් අපේක්ෂා කෙරේ.
ගුවන්යානා නඩත්තු කටයුතු, අදාළ නීතිරීති හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කෙරෙන බව තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා නිරුපද්‍රිතතාව පවත්වාගෙන යාම සහ ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය අඛණ්ඩව කැපවී සිටී.
இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபை (CAASL), Victory Aircraft Engineering Company (Pvt) Ltd நிறுவனத்திற்கு ஆரம்ப அங்கீகரிக்கப்பட்ட விமானப் பராமரிப்பு அமைப்பு (Approved Maintenance Organization – AMO) Line Station அங்கீகாரத்தை வழங்கியுள்ளது. இதன் மூலம், பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்தில் அமைந்துள்ள அந்நிறுவனத்தின் அங்கீகரிக்கப்பட்ட Line Station இல் விமானங்களுக்கான Line Maintenance பராமரிப்புப் பணிகளை மேற்கொள்வதற்கு அந்நிறுவனத்திற்கு அனுமதி வழங்கப்பட்டுள்ளது.
இதற்கான அங்கீகாரச் சான்றிதழை, இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் பணிப்பாளர் நாயகமும் பிரதம நிறைவேற்று அதிகாரியுமான கப்டன் தமிந்த ரம்புக்வெல்ல அவர்கள், Victory Aircraft Engineering Company (Pvt) Ltd நிறுவனத்தின் தலைவர் திரு. MWAF Dias அவர்களிடம் உத்தியோகபூர்வமாகக் கையளித்தார்.
இந்நிகழ்வில், நிறுவனத்தின் சார்பில் அதன் பணிப்பாளர் திரு. ஷஷி தனதுங்க, ஓய்வுபெற்ற குரூப் கப்டன் ருவான் பெரேரா மற்றும் திரு. ஆரியரத்ன விஜயவீர ஆகியோரும் கலந்துகொண்டனர். இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் சார்பில், விமானப் பதிவு மற்றும் விமானத் தகுதிப் பணிப்பாளர் திரு. MD ரத்நாயக்க உள்ளிட்ட விமானத் தகுதி ஆய்வாளர்களும் இந்நிகழ்வில் பங்கேற்றனர்.
இந்த அங்கீகாரத்தை வழங்குவதற்கான மதிப்பீட்டுச் செயல்முறை, நடைமுறையிலுள்ள தேசிய சிவில் விமானப் போக்குவரத்து விதிமுறைகள் மற்றும் அங்கீகரிக்கப்பட்ட ஒழுங்குமுறை நடைமுறைகளுக்கு அமைவாக மேற்கொள்ளப்பட்டது. இதன்போது, நிறுவனத்தின் வசதிகள், உபகரணங்கள், பராமரிப்புக் கருவிகள், தொழில்நுட்பத் தரவுகள், பணியாளர்களின் தொழில்சார் திறன்கள், தரக் கட்டுப்பாட்டு முறைமை மற்றும் பராமரிப்பு நடைமுறைகள் ஆகியவை மதிப்பீடு செய்யப்பட்டன. இதன் மூலம், அங்கீகரிக்கப்பட்ட விமானப் பராமரிப்பு அமைப்புகளுக்குப் பொருந்தும் ஒழுங்குமுறைத் தேவைகள் பூர்த்தி செய்யப்படுகின்றனவா என்பது உறுதிப்படுத்தப்பட்டது.
இந்த அங்கீகாரம் வழங்கப்பட்டுள்ளமை, இலங்கையின் விமானப் பராமரிப்புத் திறனை மேலும் வலுப்படுத்துவதற்கான ஒரு முக்கியமான படியாகும். இதன் மூலம், இலங்கையில் இயங்கும் விமானங்களுக்கான நம்பகமான Line Maintenance சேவைகளை வழங்குவதற்கு வசதி ஏற்படுவதுடன், அவற்றின் தொடர்ச்சியான விமானத் தகுதியைப் பேணுவதற்கும் நாட்டின் விமானப் போக்குவரத்துத் துறையின் வளர்ச்சிக்கும் பங்களிப்பு கிடைக்கும் என எதிர்பார்க்கப்படுகிறது.
விமானப் பராமரிப்பு நிறுவனங்கள் தொடர்புடைய விதிமுறைகள் மற்றும் தரநிலைகளுக்கு அமைவாகச் செயற்படுவதை உறுதிப்படுத்துவதன் மூலம், இலங்கையின் சிவில் விமானப் போக்குவரத்துப் பாதுகாப்பை உறுதிப்படுத்தவும் அதன் உயர் தரநிலைகளைத் தொடர்ந்து பேணவும் இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபை தொடர்ச்சியாக அர்ப்பணிப்புடன் செயற்பட்டு வருகிறது.
- විස්තර

An initial round of discussions on the proposed operations of two new airlines that are expected to enter Sri Lanka’s domestic and international aviation sectors was held on 7 October 2026 at the premises of the Civil Aviation Authority of Sri Lanka (CAASL).
The meeting was chaired by Director General of Civil Aviation and Chief Executive Officer, Captain Daminda Rambukwella. Deputy Director General – Aviation Safety, Captain Lasantha Dahanayake, senior officials representing the two proposed airlines, Palyra and We Air, and senior officials of the Civil Aviation Authority of Sri Lanka also participated in the meeting.
The discussions focused extensively on the business plans, fleet arrangements, operational systems, and compliance with applicable regulatory and legal requirements of the two airlines, which are currently at the Pre-Application Phase of the process for obtaining an Air Operator Certificate (AOC).
According to the preliminary operational plans presented by the respective companies, Palyra plans to establish a domestic air service network within Sri Lanka using ATR 72 aircraft, while We Air plans to operate international cargo services using Boeing 737-800 aircraft.
It is noteworthy that We Air is an airline proposed to conduct cargo operations within the Asia-Pacific region.
The Government has placed direct emphasis on encouraging new investments in the private sector, and these initiatives are expected to make a significant contribution to the national economy as well as the tourism sector.
The entry of new airlines into the local aviation market is expected to enhance competition, providing passengers with opportunities to access airfares at more competitive rates. It will also create opportunities to make greater and more effective use of regional airports that are currently operating with limited levels of activity.
Meanwhile, the Ministry of Ports and Civil Aviation is currently preparing preliminary plans for the development of the domestic airports in Sigiriya, Trincomalee and Hingurakgoda.
These initiatives are also expected to create a range of new professional and employment opportunities within Sri Lanka’s civil aviation sector. Furthermore, increased tourist arrivals resulting from enhanced air connectivity are expected to contribute to higher foreign exchange earnings.
At the meeting, officials of Palyra and We Air expressed their commitment to expediting the relevant regulatory processes in compliance with international civil aviation standards and to progressing to the subsequent formal stages of the certification process at the earliest opportunity.
මෙරට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්රයට අලුතින් එක්වීමට නියමිත නව ගුවන් සේවා සමාගම් දෙකක (02) මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් 2026.10.07 දින ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරිශ්‍රයේදී පැවැත්විණි.
සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ගුවන් නිරුපද්‍රිතතාව පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කපිතාන් ලසන්ත දහනායක මහතා, යෝජිත නව ගුවන් සේවා සමාගම් දෙක වන Palyra සහ We Air යන සමාගම් නියෝජනය කරමින් එම ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.
දැනට ගුවන් මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) ලබාගැනීමේ මූලික පූර්ව අයදුම්පත් අදියරේ (Pre-Application Phase) පසුවන මෙම ගුවන් සේවා සමාගම් දෙකෙහි ව්‍යාපාරික සැලසුම්, යාත්‍රා බලඇණි, මෙහෙයුම් පද්ධති සහ අදාළ නියාමන හා නීතිමය ප්රමිතීන් සපුරාලීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි.
ඒ අනුව, අදාළ සමාගම් විසින් ඉදිරිපත් කරන ලද මූලික මෙහෙයුම් සැලසුම් අනුව, Palyra සමාගම ATR 72 වර්ගයේ ගුවන් යානා යොදාගනිමින් ශ්‍රී ලංකාව තුළ පමණක් ක්‍රියාත්මක වන දේශීය (Domestic) ගුවන් ගමන් ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, We Air සමාගම Boeing 737-800 වර්ගයේ ගුවන් යානා භාවිත කරමින් ජාත්‍යන්තර (International) භාණ්ඩ ප්‍රවාහන (Cargo) ගුවන් ගමන් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
We Air ගුවන් සමාගම ආසියා පැසිෆික් කලාපය තුළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් සිදු කිරීමට නියමිත ගුවන් සේවා සමාගමක් වීම ද විශේෂත්වයකි.
පෞද්ගලික අංශයේ මෙවැනි නව ආයෝජන දිරිගැන්වීම කෙරෙහි රජයේ සෘජු අවධානය යොමුවී ඇති අතර, එමඟින් ජාතික ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්රයට ද සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව ගුවන් සේවා සමාගම් මෙරට ගුවන් ගමන් වෙළෙඳපොළට එක්වීමත් සමඟ ඇතිවන තරඟකාරීත්වය හේතුවෙන් මගීන්ට වඩාත් සහනදායී මිල ගණන් යටතේ ගුවන් ප්‍රවේශපත් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, දැනට සීමිත භාවිතයක පවතින ප්‍රාදේශීය ගුවන් තොටුපළ වඩාත් සක්‍රිය ලෙස භාවිතයට ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.
මේ වන විට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් සිගිරිය, ත්‍රිකුණාමලය සහ හිඟුරක්ගොඩ යන අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා මූලික සැලසුම් සකස් කරමින් පවතී.
එමෙන්ම, මෙම ව්‍යාපෘති හරහා මෙරට සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය තුළ නව වෘත්තීය සහ රැකියා අවස්ථා රැසක් බිහිවීම මෙන්ම, සංචාරක පැමිණීම් ඉහළ යාමත් සමඟ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමට ද හැකියාව ලැබෙනු ඇත.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව අදාළ නියාමන කටයුතු කඩිනමින් සම්පූර්ණ කර, සහතිකකරණ ක්‍රියාවලියේ ඉදිරි නිල අදියර වෙත කඩිනමින් පිවිසීමට Palyra සහ We Air සමාගම්වල නිලධාරීන් මෙහිදී එකඟතාව පළ කළහ.
இலங்கையில் தமது சேவைகளை ஆரம்பிப்பதற்கான திட்டங்களை முன்னெடுக்கும் இரண்டு புதிய விமான சேவை நிறுவனங்கள்
இலங்கையின் உள்நாட்டு மற்றும் சர்வதேச விமானப் போக்குவரத்துத் துறைகளில் புதிதாக இணையவுள்ளதாக எதிர்பார்க்கப்படும் இரண்டு விமான சேவை நிறுவனங்களின் முன்மொழியப்பட்ட செயற்பாடுகள் தொடர்பான ஆரம்பகட்டக் கலந்துரையாடல், 2026 ஒக்டோபர் 07 ஆம் திகதி இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் வளாகத்தில் நடைபெற்றது.
சிவில் விமானப் போக்குவரத்து பணிப்பாளர் நாயகமும் பிரதம நிறைவேற்று அதிகாரியுமான கப்டன் தமிந்த ரம்புக்வெல்ல தலைமையில் நடைபெற்ற இக்கலந்துரையாடலில், பிரதிப் பணிப்பாளர் நாயகம் – விமானப் பாதுகாப்பு கப்டன் லசந்த தஹநாயக்க, முன்மொழியப்பட்ட புதிய விமான சேவை நிறுவனங்களான Palyra மற்றும் We Air ஆகியவற்றைப் பிரதிநிதித்துவப்படுத்தும் சிரேஷ்ட அதிகாரிகள், இலங்கை சிவில் விமானப் போக்குவரத்து அதிகாரசபையின் சிரேஷ்ட அதிகாரிகள் ஆகியோரும் கலந்துகொண்டனர்.
விமானச் செயற்பாட்டுச் சான்றிதழைப் (Air Operator Certificate – AOC) பெறுவதற்கான முன்-விண்ணப்பக் கட்டத்தில் (Pre-Application Phase) தற்போது உள்ள இவ்விரு நிறுவனங்களினதும் வணிகத் திட்டங்கள், விமானத் தொகுதி ஏற்பாடுகள், செயற்பாட்டு முறைமைகள் மற்றும் பொருந்தக்கூடிய ஒழுங்குமுறை, சட்டத் தேவைகளுடனான இணக்கம் ஆகியன குறித்து இங்கு விரிவாகக் கலந்துரையாடப்பட்டது.
அதற்கமைய, சம்பந்தப்பட்ட நிறுவனங்களினால் முன்வைக்கப்பட்ட ஆரம்பகட்டச் செயற்பாட்டுத் திட்டங்களின்படி, Palyra நிறுவனம் ATR 72 ரக விமானங்களைப் பயன்படுத்தி இலங்கைக்குள் மாத்திரம் செயற்படும் உள்நாட்டு விமானப் போக்குவரத்து வலையமைப்பை நிறுவுவதற்குத் திட்டமிட்டுள்ளது. அதேவேளை, We Air நிறுவனம் Boeing 737-800 ரக விமானங்களைப் பயன்படுத்தி சர்வதேச சரக்குப் போக்குவரத்து விமானச் சேவைகளை மாத்திரம் முன்னெடுப்பதற்குத் திட்டமிட்டுள்ளது.
We Air நிறுவனம் ஆசிய பசிபிக் பிராந்தியத்தில் சரக்குப் போக்குவரத்து விமானச் செயற்பாடுகளை முன்னெடுப்பதற்கு உத்தேசித்துள்ளமை குறிப்பிடத்தக்கது.
தனியார் துறையில் இத்தகைய புதிய முதலீடுகளை ஊக்குவிப்பதில் அரசாங்கம் நேரடிக் கவனம் செலுத்தி வருகின்றது. இம்முதலீட்டு முயற்சிகள் தேசியப் பொருளாதாரத்திற்கும் சுற்றுலாத்துறைக்கும் குறிப்பிடத்தக்க பங்களிப்பை வழங்கும் என எதிர்பார்க்கப்படுகின்றது
புதிய விமான சேவை நிறுவனங்களின் வருகையால் உள்நாட்டு விமானப் போக்குவரத்துச் சந்தையில் போட்டித்தன்மை அதிகரிக்கும் என எதிர்பார்க்கப்படுகின்றது. இதனால் பயணிகள் மிகவும் போட்டித்தன்மை வாய்ந்த கட்டணங்களில் விமானப் பயணச்சீட்டுகளைப் பெற்றுக்கொள்ள வாய்ப்புகள் உருவாகும். மேலும், தற்போது மட்டுப்படுத்தப்பட்ட அளவில் செயற்படும் பிராந்திய விமான நிலையங்களை மேலும் வினைத்திறனுடன் பயன்படுத்தவும் வாய்ப்பு ஏற்படும்.
இதேவேளை, சிகிரியா, திருகோணமலை மற்றும் ஹிங்குராங்கொட ஆகிய உள்நாட்டு விமான நிலையங்களை அபிவிருத்தி செய்வதற்கான ஆரம்பகட்டத் திட்டங்களை துறைமுகங்கள் மற்றும் சிவில் விமானப் போக்குவரத்து அமைச்சு தற்போது தயாரித்து வருகின்றது.
இம்முயற்சிகள் இலங்கையின் சிவில் விமானப் போக்குவரத்துத் துறையில் புதிய தொழில்சார் வாய்ப்புகளையும் வேலைவாய்ப்புகளையும் உருவாக்கும் என எதிர்பார்க்கப்படுகின்றது.
மேலும், மேம்படுத்தப்பட்ட விமான இணைப்புகளினால் சுற்றுலாப் பயணிகளின் வருகை அதிகரித்து, அந்நியச் செலாவணி வருவாயும் உயரும் என எதிர்பார்க்கப்படுகின்றது.
இக்கலந்துரையாடலின்போது, சர்வதேச சிவில் விமானப் போக்குவரத்துத் தரநிலைகளுக்கு அமைவாக உரிய ஒழுங்குமுறைச் செயற்பாடுகளைத் துரிதப்படுத்தவும், சான்றளிப்பு நடைமுறையின் அடுத்தடுத்த உத்தியோகபூர்வ கட்டங்களுக்கு இயன்றவரை விரைவாக முன்னேறவும் Palyra மற்றும் We Air நிறுவனங்களின் அதிகாரிகள் தமது உறுதிப்பாட்டைத் தெரிவித்தனர்.
- විස්තර


