News Feeds

UAE Deploys Relief Aircraft to Sri Lanka for Flood Assistanc...

03 December 2025

The Government of the United Arab Emirates has deployed an...

Notice from the Director General of Civil Aviation

03 December 2025

All drone operators both commercial and recreational are hereby advised...

 

ගුවන්සේවා ක්ෂේත්‍රයේ යහ පැවැත්ම රඳා පවතිනුයේ එහි ආරක්ෂාව සහ නිරුපද්‍රිතතාව (Security & Safety) මතය. එම නිසා එම අංශ දෙක නිරතුරුවම නියාමනයට ලක්කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එහි වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත ය.

වත්මන් කොවිඩ් තත්වය හමුවේ ගුවන් ප්‍රවාහන කර්මාන්තය පවත්වාගෙන යාම අභියෝගයක් වුවත් එය හමුවේ ගුවන්සේවා මෙහෙයුම් කටයුතු නිසි ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවර වෙනුවෙන් සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබති.

කසකස්ථානයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ ඔස්ට්‍රේලියානු CGG Aviation සමාගමට අයත් ලියාපදිංචි අංක VH-ZKG දරන Cessna 208B මාඳිළියේ ගුවන් යානාව පසුගිය දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත තාක්ෂණික නැවතුමක් සහ කාර්යමණ්ඩල විවේක ගැන්වීමක් වෙනුවෙන් පැමිනි අතර එම යානාව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, ගුවන්සේවා පරික්ෂකවරුන්ගේ හදිසි සෝදිසි කිරීමකට ලක්විය.

මෙම හදිසි සෝදිසි කිරීමේ දී, නිසි ගුවන්සේවා ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී ඇති කොවිඩ් ව්‍යාප්ති පාලන වැඩසටහනට අනුගත වෙමින් එම ගුවන් කාර්යමණ්ඩලය කටයුතු කරන බව ද, අනුමත උපකරණ පමනක් රැගෙන ගුවන් යානාව ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කල බවට ද තහවුරු වී ඇත.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ උපදෙස් මත සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් ආරක්ෂක, ගුවන්යෝග්‍යතා, ගුවන් සංතරණ සහ ගුවන් මෙහෙයුම් යන අංශයන් නියෝජනය වන පරිදි, ගුවන් යානාව හදිසි සෝදිසි කිරීම සඳහා එක්වූ එරංග දසනායක, ඉසුරු වෙන්ඩකෝන්, දනුල ජයරත්න, ඉසුරු සරත්චන්ද්‍ර සහ කෞතිෂා කරුණාරත්න යන සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඒ සඳහා සූදානම් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.