News Feeds

CAASL Adopts EHang Global Fast-Track Programme, Aiming for F...

19 August 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL) has adopted...

SLAAR Executive Committee Pays Courtesy Visit to CAASL

19 August 2026

The newly elected Executive Committee of the Sri Lanka Association...

ශ්‍රි ලංකාවේ සිට රෝමය බලා පිටත් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අසත්‍ය තොරතුරු පිළිබදවයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරමින් පදනම් විරහිත ලෙස හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය කර ඇති අතර, ඒම සියලු කරුණු සත්‍යභාවයෙන් තොර තොරතුරු බව අවධාරණය කර සිටිමු.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන පරිදි යුරෝපය සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කර තිබු හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, සෘජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි එම ගුවන් සමාගමට අයත් යූ එල් 1213 ගුවන් යානය අද දින (මාර්තු 09) රෝමය බලා පිටත් විය.

එමෙන්ම මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ මගීන් මුහුණ දී ඇති දුෂ්කරතා අවබෝධ කර ගෙන, රජයේ පූර්ණ මැදිහත්වීම මත සංවිධානය වු ගුවන් ගමනක් බව තහවුරු කර සිටිමු. මෙම ගුවන් ගමන සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති පරිදි රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදු කල සැලැස්මක් නොවන අතර, එහි සදහන් අමාත්‍යවරයා දින කිහිපයකට පෙර ලංකවට පැමිණ ඇත.

මෙවැනි අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් සහා ද්වේෂ සහාගත අන්දමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකා රජයත්, සෘජුවම සිවිල් ගුවන් සේවා අධිකාරියත් අපතීර්තියට පත් වනු ඇත. මහජනතාව තුළ සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ‌ගොඩනැගීමට විවිධ අසත්‍ය තොරතුරු පළ කරමින් මෙලෙස සිදු කරන ප්‍රකාශ තරයේ හෙලා දකින බව අවධාරණය කරන්නෙමු.

විශේෂයෙන්ම සුරක්ෂිත සහ ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය, ජාතික ආර්ථිකයට නිබදව සවියක් වෙමින් පවත්වාගෙන යනු ලබන අතර, මෙවැනි සත්‍යනොවන ප්‍රකාශ මගින් ගුවන් කර්මාන්තට ද බාධා ඇති විය හැකිය.

රටේ සංචාරක ව්‍යපාරයට සිවිල් ගුවන් සේවා මගින් අති මහත් ශක්තියක් ලබා දෙන බව කවුරුත් දන්නා කරුණකි. ජාත්‍යන්තර ප්‍රමීතීන් පවත්වා ගනිමින්, ශ්‍රි ලංකාව තුළ ගුවන් කර්මාන්තය දියුණු කරලීම වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රිතයාත්මක වන මෙවන් අවස්ථාවක, අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින්, පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් රටට අත්කර දෙන අපකීර්තිය තරයේ හෙලා දකිමු.

එමෙන්ම මෙවැනි අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද දන්වා සිටින්නෙමු.

ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය .