පුවත් සංග්‍රහ

basic Aircraft Accident Investigation Course with the techni...

ජූනි 05 2023

The Civil Aviation Authority of Sri Lanka (Sri Lanka) has...

Sri Lanka Completes 75 Years with International Civil Aviati...

ජූනි 01 2023

Today the 01st June marks the 75 years of Sri...

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති  ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස වැඩභාරගන්නා ලදි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

1984 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය, සංචාරක, ගුවන්සේවා, ප්‍රවාහන සහ මහාමාර්ග යන දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ රැසක සේවය කර ඇති ඒ මහතා පුනරුත්ථාපන, බන්ධනාගාර සහ නැවත පදිංචිකිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ වල  ලේකම්වරයෙක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය හා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යන ආයතන වල සභාපතිවරයෙක් ලෙසත් කොමිසන් සභා කිහිපයක සභාපතිවරයෙක් ලෙසත් උසස් නිලතල හොබවමින් රාජ්‍ය ආයතන රැසක වසර 37 කට  අධික දීර්ඝ කාලීන අත්දැකීම් ලබාඇති කීර්තිමක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත.

ඒ මහතා පත්වන්නේ ශ්‍රී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අටවන සභාපතිවරයා ලෙසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කල උපුල් ධර්මදාස මහතාගේ තෙවසරක සේවා කාලය නිමවීමෙන් පසු වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් මෙම නව පත්වීම සිදුකර ඇත.

නව සභාපතිවරයා වැඩභාරගැනීමේ අවස්ථාවට වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත, අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන්, අමාත්‍යතුමන්ගේ උපදේශක ඒ. ද ඩී. එස්. ඉන්ද්‍රසේකර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ විධායක නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලය ද එක්විය.

 

ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම දේශීය ගුවන් ප්‍රවාහන සමාගමක් ලෙස මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) නිකුත්කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් ගුවන් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව පිළිබඳව ඉහළ අවදානයක් යොමුකරන අතර එහිදී එම සමාගම සතු ගුවන්යානා, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යලි සක්‍රීය වීමත් සමග මෙරටට පැමිනෙන විදේශිය සංචාරකයන් මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් වල නිරතවීමට අපේක්ෂා කරන ශ්‍රීලාංකිකයන් ඉලක්ක කරගනිමින් දේශිය ගුවන්තොටුපොල වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම අපේක්ෂා කරයි.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතාගේ උපදෙස් මත, මෙම සහතික කිරීමේ කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය මත, අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) කපිතාන් ලුෂාන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වය යටතේ සිදු විය.

දේශිය වානිජ ගුවන් සමාගමක් ලෙස ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගමට කටයුතු කිරීම සඳහා නිකුත් කරනු ලබන AOC බලපත්‍රය පසුගිය දා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතා විසින් ප්‍රදානය කරන ලද අතර එම බලපත්‍රය ලක්වින් ගුවන් සමාගමෙහි සභාපති ලක්ෂිත වීරසිංහ මහතා වෙනුවෙන්, ඒහි ප්‍රධාන විධායක නිලධාරී විසින් ලබා ගන්නා ලදි. එම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජේෂ්ඨ ගුවන්සේවා පරික්ෂකවරුන් වන එරංග දසනායක, ඉසුරු සරත්චන්ද්‍ර, දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් සහ ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගමෙහි අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) කපිතාන් හිරන්ත පෙරේරා ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

මෙහිදී නව AOC බලපත්‍රලාභී ගුවන් සමාගමේ ඉදිරි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක්කල සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත  මහතා, ගුවන් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ගුවන් මෙහෙයුම් සිදුකරමින්, AOC බලපත්‍රය නිකුත් කිරීමේ දී පනවා ඇති රෙගුලාසීන් තුල රැඳීසිටිමින් කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදි.