පුවත් සංග්‍රහ

Civil Aviation Authority of Sri Lanka Takes Another Signific...

ජූලි 10 2026

In line with the policies promoted by the International Civil...

CAASL Launches E-Library to Strengthen Digital Knowledge Man...

ජූලි 03 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL) officially launched...

 
 
 CONGRATULATIONS TO THE CHAIRMAN OF SRILANKAN AIRLINES
 
Mr. DIMAL ARANDARA
Chairman - SriLankan Airlines & SriLankan Catering
 
The Director General of Civil Aviation and Chief Executive Officer, together with the staff of the Civil Aviation Authority of Sri Lanka, extend our warmest congratulations to Mr. Dimal Arandara on his appointment as the Chairman of SriLankan Airlines and SriLankan Catering.
 
We wish him every success in providing leadership and guidance to Sri Lanka's national carrier during this important period. We look forward to continued collaboration in advancing the growth, safety, security, and sustainability of Sri Lanka's aviation industry.
 
Congratulations and best wishes for a successful tenure.
Civil Aviation Authority of Sri Lanka
 
 
 
Sri Lanka has secured a significant leadership role in regional aviation security, with Captain Daminda Rambukwella, Director General and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka, set to be appointed Chairman of the Cooperative Aviation Security Programme – Asia and Pacific (CASP-AP) for the 2026–2027 term.
 
The appointment comes as Sri Lanka prepares to host two major international aviation security events from 23 to 26 June 2026, bringing together nearly 80 delegates from 25 countries across the Asia-Pacific region.
 
The Civil Aviation Authority of Sri Lanka (CAASL) said the events are being organized under the guidance of the Ministry of Ports and Civil Aviation, with the support of the International Civil Aviation Organization and its Asia-Pacific Regional Office in Bangkok.
 
The 21st Steering Committee Meeting of the Cooperative Aviation Security Programme – Asia and Pacific will commence on 23 June under the patronage of Anura Karunathilake. The meeting will be followed by the 14th ICAO Asia-Pacific Regional Aviation Security Coordination Forum.
 
Captain Rambukwella’s appointment will provide an opportunity to showcase Sri Lanka’s best practices in aviation regulation and security on the international stage while strengthening regional cooperation in aviation security.
 
Hosting these high-level forums is also expected to enhance Sri Lanka’s profile within the global aviation community, facilitate knowledge sharing with international experts, and generate wider economic and tourism benefits through increased international engagement.
 
The appointment reflects the growing recognition of Sri Lanka’s contributions to aviation security and regulatory excellence, further reinforcing the country’s position as an active and respected participant in the Asia-Pacific aviation sector.
 
 
ආසියානු-පැසිෆික් ගුවන් ආරක්ෂණ වැඩසටහනේ (CASP-AP) සභාපතීත්වය ශ්රී ලංකාවට 🇱🇰
 
ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා 2026/2027 කාලසීමාව සඳහා ආසියානු-පැසිෆික් ගුවන් ආරක්ෂණ වැඩසටහනේ (Cooperative Aviation Security Programme – Asia and Pacific - CASP-AP) සභාපතිවරයා ලෙස නිර්දේශ කර ඇති අතර එය නිල වශයෙන් මෙරට පැවැත්වෙන සමුළුවේදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
 
මෙම සුවිශේෂී පත් කිරීම ශ්රී ලංකාවට කලාපීය ගුවන් ආරක්ෂණ ක්ෂේත්රයේ නායකත්ව භූමිකාවක් හිමිවීමේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, එය ශ්රී ලංකාවේ ගුවන් ආරක්ෂණ හා නියාමන හැකියාවන් සඳහා ජාත්යන්තරය හමුවේ පිළිගැනීමක් ද නිරූපණය කරයි.
 
ඒ සමඟම, 2026 ජූනි 23 සිට 26 දක්වා කාලය තුළ ආසියානු-පැසිෆික් කලාපයේ රටවල් 25කින් නියෝජිතයින් 80කට ආසන්න පිරිසක් එක්වන ජාත්යන්තර ගුවන් ආරක්ෂණ සමුළු දෙකක් ශ්රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ඇත.
 
 
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ, ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) සහ එහි බැංකොක් කලාපීය කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
 
ජූනි 23 දින වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මැතිතුමාගේ ප්රධානත්වයෙන් 21 වන CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ වන අතර, අනතුරුව 14 වන ICAO ආසියානු-පැසිෆික් කලාපීය ගුවන් ආරක්ෂණ සම්බන්ධීකරණ සංසදය (RASCF) පැවැත්වේ.
 
අප රටට මෙවැනි අවස්ථාවක් උදාවීම මගින්, ශ්රී ලංකාවේ ගුවන් සේවා නියාමනය සහ ගුවන් ආරක්ෂණ ක්ෂේත්රයේ හොඳම භාවිතයන් ජාත්යන්තර වේදිකාවට ගෙන යාමට අවස්ථාව සැලසෙන අතර, කලාපීය ගුවන් ආරක්ෂණ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද දායක වනු ඇත.
 
එමෙන්ම, මෙම ජාත්යන්තර සමුළු සඳහා සත්කාරකත්වය දැරීම මඟින් ශ්රී ලංකාවට ගුවන් සේවා ක්ෂේත්රයේ ජාත්යන්තර ප්රතිරූපය තවදුරටත් ඉහළ නැංවීමට, වටිනා විශේෂඥ දැනුම සහ අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම සංචාරක හා ආර්ථික අවස්ථා ප්රවර්ධනය කිරීමට ද ඉවහල් වනු ඇත.
 
ගුවන්සේවා ආරක්ෂණය පිළිබද විදේශීය විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් අප රට තුල පවතින ආරක්ෂණ සංකූලතා මඟහරවා ගනීමින්, ජාත්යන්තරය හමුවේ නැවුම් මාවතකට ශ්රී ලංකේය සිවිල් ගුවන් සේවාව හට ⁣මංපෙත් විවර වනු ඇතැයි අපේක්ෂා කරනු ඇත.
ශ්රී සම්බුදු තෙමගුල සිහිපත් කර, ශ්රී සම්බුද්ධ වර්ෂ 2570 වූ වෙසක් පුන් පොහොය දිනය තේමා කරමින් ඇරඹි වෙසක් සතිය වෙනුවෙන් විශේෂ බෞද්ධ ආගමික වැඩසහන් මාලාවක්, සිවිල් ගුවන්සේවා ක්රීඩා හා සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලදි.
 
සිවිල් ගුවන්සේවා ක්රීඩා හා සුභසාධක සංගමයේ ගරු සභාපති, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ මගපෙන්වීම මත ක්රියාත්මක වූ මෙම වැඩසටහන් මාලාවට සුමධුර ධර්ම දේශණයක් සහ වෙසක් බැති ගී සරණියක් අන්තර්ගත විය.
 
ගෞතම බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහිපත් කරමින්, එහි අර්ථාන්විත බව පිළිබදව පැවති සුමධුර ධර්ම දේශනාව කටුනායක ශ්රී බෝධිරථනාරාමාධිපති, ශාස්ත්රවේදී පූජ්ය අමන්දොළුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පැවැත්විණ.
 
ඉන් අනතුරුව පැවති වෙසක් බැති ගී සරණිය, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යමණ්ඩල විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
 
මෙම අවස්ථාවට ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය සහභාගී විය.
මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම තුලින් කාර්යමණ්ඩලය අතර ආධ්යාත්මික ගුණධර්ම ප්රවර්ධනය කිරීම සහ වෙසක් උත්සවයේ අර්ථාන්විත බව සමාජගත කිරීම සිවිල් ගුවන්සේවා ක්රීඩා හා සුභසාධක සංගමයේ අරමුණයි.
 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තියට (චිකාගෝ සම්මුතිය) අත්සන් කර වසර 78 ක් ජුනි මස 01 දිනට පූර්ණය වීම නිමිත්තෙන් දිනමිණ පුවත්පතෙහි පලවූ ලිපිය

https://www.dinamina.lk/2026/06/01/local/290745/

 

ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් ගත් කල වර්ථමානයේ ක්‍රියාත්මක වන සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂමතාවයෙන් හෙබි ප්‍රවාහන මාධ්‍යය ලෙස කටයුතු කරමින් සිටී. එමෙන්ම එහි තවත් දිගුවක් ලෙස තිරසර ගුවන්සේවා කර්මාන්තයක් ලොවට දායාද කිරීම වෙනුවෙන් ද මේ වන විට සැලසුම්ගත වැඩපිළිවෙලක් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

 ගෝලීය වශයෙන් එකම නියාමන ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන ගුවන්සේවා කර්මාන්තය, එහි වත්මන් ස්වභාවය දක්වා මෙහෙයවීමේ ගෞරවය හිමිවන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) වෙත යි. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමගින් තවදුරටත් එවැනි අහිතකර මෙන්ම ව්‍යසනකාරී වාතාවරණයක් බිහිවීම වැලැක්වීම අරමුණු කර එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූ අතර ඒ යටතේ විවිධ වූ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් බිහිවිය. සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් නියාමනය කර, සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින්, එහි ප්‍රථිලාභ මහජනතාව වෙත ලඟාකරදීම උදෙසා චිකාගෝ සම්මුතිය (Chicago Convention) නම් ප්‍රඥප්තියක් හඳුන්වා දුන් අතර එම ප්‍රඥප්තියට අනුගතව සිවිල් ගුවන්සේවා කටයුතු මෙහෙයවීම වෙනුවෙන් මූලිකව ගිවිසුම්ගත වූ රටවල් 52 ක මූලිකත්වයෙන් 1947 දෙසැම්බර් මස 07 වන දා ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) බිහිවිය.

 නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු 1948 ජුනි මස 01 දින චිකාගෝ සම්මුතියට අත්සන් තබමින් ICAO හි සාමාජික රටක් බවට ශ්‍රී ලංකාව පත්විය.

 මේ වන විට රටවල් 193 ක් ICAO හි සාමාජිකත්වය ලබා ඇති අතර ශ්‍රී ලංකාව චිකාගෝ සම්මුතියේ නියාමන ක්‍රමවේදයන් රටට හා එහි මහජනතාවට වඩාත් සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින් සාර්ථක සාමාජික රටක් ලෙස දකුණු ආසියානු සහ ආසියානු ශානිතිකර කලාප වල කටයුතු කරමින් සිටින අතර ගෝලීය වශයෙන් ද ඉහළ සපලදායී මට්ටමක් පෙන්නුම් කරමින් ප්‍රසාදයට ලක්ව කටයුතු කරමින් සිටී.

 “අද දිනය (ජුනි 01), ශ්‍රී ලංකා ගුවන්සේවා කර්මාන්තයට ඉතා වැදගත් දිනයක්. ජාත්‍යන්තර වශයෙන් එකම නියාමන ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන ගුවන්සේවා කර්මාන්තය, ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් අපට අයත් ගුවන් කලාපයේ ඉතා ප්‍රසංසනීය ආකාරයෙන් නියාමනය කරමින් සිටිනවා. භෞමික වශයෙන් අපේ රට ස්ථානගත වී ඇති ආකාරය වගේම ගුවන්සේවා කර්මාන්තය අනෙකුත් බොහෝ කර්මාන්ත සමගින් ජාලගතවී ඇති නිසා ගුවන් ප්‍රවාහනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරමින් සිටිනවා. විශේෂයෙන් ගුවන්සේවා කර්මාන්තයේ ප්‍රතිලාභ සමස්ථ මහජනතාව වෙත ළගාකරවීම වෙනුවෙන් ජාතික නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිබඳවම කටයුතු කරමින් සිටින බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.

 මේ සියළු ගුවන්සේවා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සිදුකිරීමේදීත්, මෙම කර්මාන්තයේ ප්‍රථිලාභ මහජනතාව වෙත ළගාකර දෙමින්, අනාගත අවස්ථාවන් ඔවුනට සමීප කරවීම වෙනුවෙනුත් අපගේ රේඛිය අමාත්‍යාංශය වන වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන්, ලේකම්තුමන් අපට නිබඳවම ශක්තියක් වෙමින් අවශ්‍ය සියළු මගපෙන්වීම් සිදුකරනවා. ඒ වගේම අපේ ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නියාමන කාර්යභාරය සිදුකිරීමේ දී, ගුවන්සේවා පාර්ශවකාර ආයතන එම නියාමන ක්‍රමවේදයන්ට අනුගත වෙමින් වඩාත් සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂම ගුවන් අවකාශයක් සහ එම කර්මාන්තය ආශ්‍රීත ප්‍රථිලාභ මහජනතාවට ලඟාකරදීම උදෙසා කැපවී කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම, ICAO විසින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කර්මාන්තය අරමුණු කර ජාත්‍යන්තර විගණනයක් ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඒ වෙනුවෙන් අප විශේෂ සූදානමක් යටතේ කටයුතු කරන අවදියකයි මේ පසුවන්නේ. මෙවැනි ජාත්‍යන්තර විගණනයන්ට සාර්ථකව මුහුණ දීම තුළීන්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන්සේවා නියාමන ක්‍රමවේද සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින් නිරුපද්‍රිත සහ ආරක්ෂිත ගුවන්සේවා කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන බවත්, චිකාගෝ ප්‍රඥප්තියේ එකඟතාවයටන්ට අනුව කටයුතු කරන ICAO හි සාමාජික රටක් බවත් පෙන්නුම් කරන්න අවස්ථාව උදාවනවා.”

 ලෙස අප වෙත අසහස් දැක්වූයේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා යි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ඉහළ නිලධාරීන් ද ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක ව්‍යාජ, ගොතන ලද හා මහජනතාව නොමඟ යවනසුලු තොරතුරු සහ සත්‍යයෙන් තොර වූ පුවත් ප්‍රචාරය කරනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානයට ලක්වී ඇත.

ඒ අනුව, අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම ව්‍යාජ, නොමඟ යවනසුලු සහ අනවසර ප්‍රකාශන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැඩිව අවධාරණය කරයි.

එමෙන්ම, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ලෙස පලකර ඇති තොරතුරු එම අධිකාරිය දැඩිව ප්‍රතික්ෂේප කරයි.

මෙවැනි ආකාරයේ, ව්‍යාජ හා ගොතන ලද පුවත් සකස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයන් සහ/හෝ පාර්ශවයන්ට එරෙහිව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹ ඇත.

සිවිල් ගුවන් සේවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු හුවමාරු කිරීමේදී මහජනතාව, මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉතා වගකීමෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, එවැනි තොරතුරු නිල වශයෙන් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිල සන්නිවේදන මාර්ග මගින් සනාථ කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජන විශ්වාසය, ආයතනික ගෞරවය සහ රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින අතර, අසත්‍ය තොරතුරු හා දුෂ්ප්‍රචාර පැතිරවීමට එරෙහිව දැඩිව ක්‍රියා කරනු ඇති බව තවදුරටත් නිවේදනය කර සිටී.

මාධ්‍ය ප්‍රකාශක,
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය